(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ නිදහස් වෙළඳ කලාපයක ආරක්‍ෂක මුර කුටිය වෙත කඩිනමින් ආ මැදිවියේ යුවළක් විමසා සිටියේ එහි කම්හලක සේවය සඳහා නව යුවළක් පැමිණියා ද යන්නය.
කරුණු විමසීමේ දී මේ දෙදෙනා තවදුරටත් ආරක්‍ෂක නිලධාරියාට කීවේ ඔවුන් පිළිබඳ කිසිම තොරතුරක් තමන් ළඟ නැති බවත් පසුගිය මස අගදී එහි පැමිණි ඔවුන් දෙදෙනා මෙම වෙළඳ කලාපයේ සේවය කරන බව කියා තම නිවසේ කොටසක් කුලියට ගෙන මාසයේ අගදී පඩි ලද වහාම කුලී ගෙවන බවට පොරොන්දු වූ බවත්ය. ‘‘ඉතිං මොකද වෙලා තියෙන්නේ’’ ආරක්‍ෂක නිලධාරියා විමසුවේ සැකයෙනි.
‘‘මේ දැන්වීම ඊයේ ? දොරේ අලවලා ජෝඩුවම යන්න ගිහිං’’ කී ඔවූහු දැන්වීම පෙන්වූහ. එහි වූයේ මෙතෙක් කල් නැවතීමට පහසුකම් දීම පිළිබඳවත් තම ප‍්‍රයෝජනය සඳහා විදුලි උපකරණ දීම පිළිබඳවත් අනේක වාරයක් ස්තුතිවන්ත වන බවත් ඒ සියල්ල රැගෙන වෙනත් තැනකට යන බවත්ය.
කිසිදු තොරතුරක් නොදැන නේවාසික පහසුකම් දීම ගැන ආරක්‍ෂක නිලධාරියා කරුණු කියා දුන් පසු ‘‘පොලිසියටවත් ගිහිං බලමු’’ කියා ඔවුන් ආපසු ගියාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුවත් කිරීම සදහා කුලියට දෙනවිට කලයුත්තේ මුල මස සහ අන්තිම මස සදහා කුලිය ලබා ගතයුතුයි. එවිට ඔයවගේ දෙයකදී පසුතැවිලි විය යුතු නැහැ. අනුකම්පාව හොදයි . එත් අනෙක් පැත්තෙන් භූමිකම්පාවක් තමයි අත්වෙන්නේ .
දැන් අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ තුට්ටු දෙකේ හොරු. ආත්ම ගෞරවයක් නැහැ, ලැජ්ජා බයක් නැහැ, සල්ලි කිව්වොත් ඒක තමයි ජීවිතේ කියල හිතන් ඉන්නේ, අසරණ මනුෂ්‍යයෙක් ගැන විශ්වාසය තබල උදව්වක් උපකාරයක් කරන්න නොහිතෙන්නේ මේ වගේ කාලකන්ණි ඉන්න නිසයි,