කෘෂිකර්මාන්තයේ ප්‍රගතිය මෙන්ම ඒ හා සම්බන්ධ ගැටලු ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීම් පැවැත්වේ. එදින කෘෂිකර්ම කමිටු රැස්වීමේදී වඳුරන්, රිළවුන් වැනි වන සතුන් නිසා වගාවට වන හානි පිළිබඳව අදහස් ඉදිරිපත් කළ බොහෝ දෙනා ඒ සඳහා විසඳුමක් පිළිබඳව සාකච්ඡා කරමින් තිබිණි.

එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් චින්තක අබේවික්‍රම මහතා ‘වඳුරො, රිළවු ගස්වල හැදෙන ගෙඩි ගැට කාලෙම කාල වැඩි හරියක් බිම දානවා. කිසිම ගහක ගෙඩියක් පැහිල කන්න ලැබෙන්නේ නැහැ. ඒක දැක්කම ඒවායේ අයිතිකාරයන්ට හරියට හිතේ අමාරුව හැදෙනවා. ඒ බව දැනගෙනද කොහෙද දැන් අපේ පැත්තේ ඉන්න වඳුරො රිළවු ගැට කන්නේ නැහැයි පැවසීම නිසා සභාවේ සිටි සියලු දෙනා විස්මයට පත්ව අසා සිටියේ එහෙනම් ප්‍රාදේශීය ලේකම්තුමාලගේ පැත්තෙ ඉන්න වඳුරො, රිළවුන් කන්නේ මොනවාදැයි කල්පනා කරමිනි.
“දැන් වඳුරො රිළවු ගස්වල මල් හැදෙනකොටම කාල දානවා. එතකොට ගෙඩි දකින්න ලැබෙන්නෙත් නැහැ. ගැට කාල බිම දාල තියෙනව දකින්නත් නැති නිසා හිතේ අමාරුවක් නැහැයි ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීමෙන් සභාවේ සිටි පිරිසට ප්‍රාදේශීය ලේකම්වරයා කළ විහිළුවට සිනාව නතර කර ගැනීමට නොහැකි විය.
(කඹුරුපිටිය ප්‍රීති ජයවර්ධන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd