IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ගොවිපොළෙන් බඩඉරිගු හොරාගෙන ගොවියාගේ හත් දවසේ පින්කමට දීලා

වියලු‍ව වාර්තාකරු
හදිසියේ මියගිය තම අසල්වැසියාගේ හත් දවසේ දානමය පින්කම සඳහා ඔහු ජීවත්වන සමයේ වගාකළ හේන් යායෙන් හොරකම් කළ බඩ ඉරිඟු‍ මල්ලක් රැගෙන ගොස් පූජා කළ පින්වතකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
 ඔහු දක්ෂ ගොවියෙකි. ගමේ කාගේත් හිත් දිනාගත්තෙකි. ජීවිකාව කරගෙන ගියේ හේන් සහ කුඹුරු වගා කර ලැබූ ආදායමෙනි.
හිටි හැටියේම ඔහු මියගියේ හදිසියේම හටගත් හෘදයාබාධයක් හේතුවෙනි. ගමේ දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් ඔහුගේ ආදාහනය සිදුකෙරිණි.
හත් දවසේ දානමය පින්කම සඳහාද ගමේ බොහෝ දෙනකු හාල් පොල් සීනි ආදියෙන් සිය දායකත්වය ලබා දුන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ශක්තියක් වෙමිනි.
මියගිය අයගේ නිවෙස ආසන්නයේම ජීවත් වූ පුද්ගලයකුද තමුන්ට ඉසිලීමට බැරි තරමේ අමු බඩ ඉරිඟු‍ මල්ලක් කර තබාගෙන පැමිණියේ දානමය පින්කම සඳහා සිය දායකත්වය තහවුරු කරමිනි.
 සිය අසල්වැසියාගේ තරම දන්නා නිවැසියන් මෙන්ම සෙසු පිරිසද ඔහුගේ බඩ ඉරිඟු‍ මල්ල දෙස විමතියෙන් විපරම් කළේ ඔහුගේ වියදමෙන් නම් එවැන්නක් කිසිසේත්ම සිදුවිය නොහැකි යැයි එකිනෙකාට පවසමිනි.


කෙසේ වෙතත් දානමය කටයුතු හමාර කළ නිවැසි කාන්තාව සිය සැමියා වගා කළ බඩ ඉරිඟු‍ හේනට ගොස් බලද්දී යායෙන් හරි අඩකටම කිසිවකු විසින් වගකියා ඇති අයුරු දැක ගන්නට ලැබුණෙන් ඇයට නොදැනීම ඇගෙන් පිටවූයේ මහත් විලාපයකි.
හිටිවනම සැමියා මියයාම හේතුවෙන් ඒ වනවිටත් අසරණව සිටි අසල්වැසි කාන්තාවගේ තත්ත්වය තේරුම් ගත් ගමේ කීප දෙනෙකුම ඇගේ බඩ ඉරිඟු‍ හේනට පැමිණියේ ඇය විලාප නගන්නේ මන්දැයි තේරුම් ගැනීම‍ට නොහැකිවය. 
 ඔවුන්ගේ ඇස් අදහගත නොහැකි වූයේ මියගිය පුද්ගලයා ජීවත්ව සිටි සමයේදී වෙහෙස මහන්සියෙන් වගා කළ කිරි මෝරමින් තිබූ බඩ ඉරිඟු‍ යායෙන් අඩකටත් වඩා කිසිවෙකු විසින් සොරකම් කර ඇති අයුරු දැකීමෙනි.
 කෙසේ වෙතත් දානමය පින්කමට බඩ ඉරිඟු‍ රැගෙන ආ පුද්ගලයා හේන් යායේ කීප වතාවක්ම ගැවසෙන දුටු අසල්වැසි කාන්තාවක ඇඟට පතට නොදැනීම තමුන් දුටු සිද්ධිය විස්තර කරද්දී ගමේ හැමෝටම සිදුව ඇත්තේ කුමක්දැයි තේරුම් ගැනීම අපහසු නොවුණි.
දානමය පින්කම සඳහා මියගිය අයගේම ඉඩමෙන් සොරකම් කළ බඩ ඉරිඟු‍ මල්ලක් රැගෙන ගිය පුද්ගලයා තවත් බඩ ඉරිඟු‍ මලු‍ කීපයක්ම නගරයේ වෙළඳසලකට ද විකුණා තිබිණි.
සොරා හඳුනා ගත්තත් පොලිසි යෑමෙන් මියගිය අයට අවැඩක් සිදුවේ යැයි සිතූ ඇය සහ දරුවන් නිහඬ වූවේ සියල්ල උඩ ඉන්නා දෙවියන්ට බාර කරමිනි.
එහෙත් ගමේ කොල්ලන් දැන් ‘මාමා දානයක් තියෙනවා.... ඉරිඟු ටිකක් ගේන්න පුළුවන්දැයි’ අසද්දී ඔහු හෙමින් සීරුවේ මාරු වන්නේ ඇතැම් විට හොඳවෑයින් දෙක තුනක්ද දෙසාබාමිනි.

 



අදහස් (0)

ගොවිපොළෙන් බඩඉරිගු හොරාගෙන ගොවියාගේ හත් දවසේ පින්කමට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site