IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ග්‍රාම නිලධාරිනියගේ ගැස්සිල්ල සොයා සහතිකේ ගැස්සිලා

චරිත සහතික ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරිනියගේ නිවසට පාපැදියකින් යන අතරමග තමන් යන දෙසටම සුදු සාරියක් ඇඳ ළගන්නා සුළු ලතාවට යමින් සිටි ලලනාවගේ ගමන් විලාසයට උපහාසයක් කළ තරුණයන් දෙදෙනෙකුට ග්‍රාම නිලධාරිනියගේ නිවසේදී දවල් තරු පෙනුණු අපූරු පුවතක් අපේ ගම් පළාතෙන් වාර්තා වේ.


 දෙදෙනාම එකම ගමේය. එක ළඟය. රැකියාවට අයදුම් කළේ ද එකටය. එකම ආයතනයකටය. මේ නිසාම ඔවුනට සම්මුඛ පරීක්ෂණය තිබුණේ ද එකම දිනයකය.


ඔවුනට සම්මුඛ පරීක්ෂණය සඳහා ගෙන යාමට චරිත සහතික දෙකක් අවශ්‍යව තිබිණි. එකක් ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන්ය. අනෙක තමන් පදිංචි ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරිගෙන්ය.


 ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් චරිත සහතික ලබාගත් ඔවුන්ට ඊළඟට චරිත සහතික ලබා ගැනීමට තිබුණේ ග්‍රාම නිලධාරීගෙන්ය. ඔවුනට සිටියේ ග්‍රාම නිලධාරිනියකි. ඔවුන් දෙදෙනා ග්‍රාම නිලධාරිනියගේ නිවසට පාපැදියකින් ගියේ තමන් දෙදෙනාට චරිත සහතික ලබාගැනීමටය. ඒ යන අතරතුරේදී ඔවුන් යන අන්තයටම ඔවුනට පිටුපා සුදු සාරියක් ඇඳගත් ලලනාවක් ළගන්නා සුලු අයුරින් ලතාවට ගමන් ගනිමින් සිටියාය.


ලලනාව ළඟට ළංවත්වම තරුණයන් දෙදෙනා කොහොමද අක්කගෙ ගැස්සිල්ල යයි අසා ග්‍රාම නිලධාරිනියගේ නිවසට ගියහ.
තමන් විහිළු කළ ලලනාව ද ග්‍රාම නිලධාරිනියගේ නිවසට එනු දුටු මේ තරුණයන් දෙදෙනාට දෙවියන් සිහි වූයේ ඒ තමන්ගේ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනිය බව හඳුනා ගැනීමත් සමගමය. ඇය පිටුපස හරවා පැමිණීම නිසා ඔවුන් දෙදෙනාට රාජකාරි ගමනක් ගොසින් සිය නිවසට එමින් සිටි ග්‍රාම නිලධාරිනිය හඳුනා ගැනීමට නොහැකි වී තිබිණ.


 තරුණයන් දෙදෙනා දුටු ගමන්ම ග්‍රාම නිලධාරිනිය තමන්ට මගදී හමුවී විහිළු කළ දෙදෙනා බව පසක් වූවාය. ඇයි මොකද මේ දෙන්නා යයි ඇය ඇසුවේ ඔවුන් දෙස වඩාත්ම විමසිලිවත් වෙමිනි. 


ඇය මග හැර යාමට ද මගක් නොවූයෙන් කරකියාගත නොහැකිව සිටි ඔවුන් දෙදෙනා ඔළුව කස කසා කීවේ තමන්ට චරිත සහතික දෙකක් ලබා ගැනීමට අවශ්‍ය බවය.


දෙන්නටම දෙන්න හොඳ චරිත සහතික තියෙන බව මට අද පෙනුණා. ඒ නිසා ඒ චරිත සහතික දෙන්න ඕන තමන්ගේ මවුපියන් ඉදිරියේයි. ඒ නිසා කරුණාකර චරිත සහතික අවශ්‍ය නම් මවුපියන් එක්ක එන්න යයි ග්‍රාම නිලධාරිනිය කී විට මහත් ලජ්ජාවට පත්වූ ඔවුන් දෙදෙනා මිටෙන් හල කුරුල්ලන් දෙදෙනකු විලසින් තමන් ආ පාපැදියෙන්ම පලා ගියහ. එද‌ාට පසුව ඔවුන් තවමත් චරිත සහතික ලබා ගැනීමට එම ග්‍රාම නිලධාරිනිය හමුවීමට ගොස් නැති බව ද දැනගන්නට ඇත.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

ග්‍රාම නිලධාරිනියගේ ගැස්සිල්ල සොයා සහතිකේ ගැස්සිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site