IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ගුරුතුමියගේ ‘‘බලූ නකුට’’ පාඩමට විදුහල්පති හොල්මන් වෙලා

දකුණු පළාතේ වෙරළබඩ ප‍්‍රාථමික පාසලකි. ඉතිහාසය ඉගැන්වූ තරුණ ගුරුතුමිය ‘‘දඩයම් යුගය’’ පිළිබඳ පාඩම ඉදිරිපත් කරමින් ඒ යුගයේ පරිසරය කියා පාන චිත‍්‍රයක්ද ඉදිරිපත් කළාය. එම චිත‍්‍රයේ ගල්ගුහාව සහ ඒ අසල සිටි බල්ලකුගේ හැඩයද ඇඳී තිබූ අතර බල්ලාගේ වලිගය අසාමාන්‍ය ලෙස උලක් මෙන් ඇඳ තිබිණි. පන්තියේ පසුපස පේළියේ සිටි සිසුන් තිදෙනකු මේ බලූ වලිගය දැකීමෙන් මහත් කුතුහලයට පත්ව බලූ වලිගයේ හැඩය ගැන තර්ක විතර්ක කරමින් බලූ වලිගවල රූප රැසක් තම සටහන් පොත්වල අඳිමින් වාද විවාද කළහ. තිදෙනාගේම පාඩම් සටහන් පොත්වල ‘‘දඩයම් යුගය’’ යටතේ ඇඳ තිබුණේ මේ බලූ වලිග පමණකි. පන්ති පරීක්‍ෂාවට ආ විදුහල්පති ඔවුන් පසුපස මේ දර්ශනය නරඹමින් සිට ඔවුන්ගෙන් පොත් ඉල්ලාගෙන ගුරුතුමියට පෙන්වා ඔයාගේ පාඩම ‘බලූ නකුට’ ගැනද කියා විමසුවෙන් ඇයට දෙවියන් සිහිවුණාලූ.



අදහස් (0)

ගුරුතුමියගේ ‘‘බලූ නකුට’’ පාඩමට විදුහල්පති හොල්මන් වෙලා

සිරිපාල Thursday, 11 October 2012 03:46 PM

ළමා පත්තරයක‍ට හොදයි.....(ස)

:       0       0

දුලංජන් Sunday, 14 October 2012 01:28 PM

මේවගේ ගුරුවරුන්ටනේ ලංකාවේ පත්වීම් දෙන්නේ.

:       0       0

නිරෝෂාන් Thursday, 11 October 2012 04:13 PM

හඃ.. හඃ..හඃ.. හඃ... හඃ... හඃ.. හඃ.. හඃ.. හඃ.. හඃ..... (ස)

:       0       0

වසන්ත Thursday, 11 October 2012 04:34 PM

කොල්ලෝ දන්නවා...(ස)

:       0       0

පිටිගල Thursday, 11 October 2012 05:47 PM

ටීචර්ට මොකද බලු නගුට එකපාරටම මතක් වු‍ණේ? (නි)

:       0       0

බුද්ධිකා Thursday, 11 October 2012 06:02 PM

මේ කතාව එතරම් ගත යුත්තක් නැහැ..!(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Thursday, 11 October 2012 05:57 PM

මට අන්ටන් ජූඩ් නම් කලාකරුවා මතක් උනා..!(නු)

:       0       0

නිරාන් Thursday, 11 October 2012 10:33 AM

බොරු කතා (ස)

:       0       0

ලලිත් - කටාර් Thursday, 11 October 2012 06:32 PM

මේක කියෙවුවහම, අනේ මන්දා මුකුත්ම ලියන්න හිතෙන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රීති Thursday, 11 October 2012 06:56 PM

මෙන්න ලංකාවේ වැඩ... (නි)

:       0       0

වරුණ Thursday, 11 October 2012 11:22 AM

අර ඉස්සර ළමයි අතර කතාවක් තිබණෙ අපි මී මූණක් ඇන්ද කියලා.. මේකත් ඒවගේ කතාවක්ද දන්නේ නැහැ..!(නු)

:       0       0

බුද්ධික Monday, 15 October 2012 10:30 AM

අපිත් කළේ ඔය මෝඩ වැඩේමනේ. (නි)

:       0       0

ටොම් Thursday, 11 October 2012 12:13 PM

කතාවක හා ප්‍රවෘත්තියක වෙනස නොදන්න අය මෙකට අදස් දක්වනවා හැමදාම. (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 11 October 2012 07:52 PM

බොරු කියන්නේ මොකටද? මට නම් ඇත්තටම හිනා ගියා. (නි)

:       0       0

රංජිත් Thursday, 11 October 2012 01:28 PM

ලියනගම - ලියන කථා එන්න එන්නම නීරස වෙනවා. (ස)

:       0       0

සරා Sunday, 14 October 2012 08:27 AM

ඇඩෙනවා අපිට. (නි)

:       0       0

ගලබඩ.... Saturday, 13 October 2012 04:06 PM

ගුරුතුමිය මොකද ඔය පාඩම මේ තරම උනන්දුවෙන් උගන්නලා තියෙන්නේ ? (ස)

:       0       0

සංජීව Friday, 12 October 2012 09:17 AM

සුනඛ පාඩමක්නේ (ස)

:       0       0

සිවන්ත Thursday, 11 October 2012 02:33 PM

පැත්ත ගියත් ඇත්ත කියන්න ඕනි, වෙනදා කතාවට වඩානම් අසාර්තකයි (ස)

:       0       0

තිලක් Saturday, 13 October 2012 05:01 PM

'ලු' යන්නෙන් අවසන් වෙන කතාවක්ද? (නි)

:       0       0

ශ්‍රීනාත් දානන්ද Tuesday, 16 October 2012 02:12 PM

පවන්ගේ කතාව හොදයි වගේ..... (ස)

:       0       0

සුරේෂ් Thursday, 11 October 2012 09:05 PM

උණ පුරුකේ බලු වලුගේ දාලා තිබුණත් නැහැ ඇදේ ඇරෙන්නේ... (නි)

:       0       0

මනම්පේරි Friday, 12 October 2012 09:38 AM

අනේ මට ජුන්ඩක් කිතිකවන්නකෝ හිනා වෙන්න (ස)

:       0       0

කරංග Thursday, 11 October 2012 03:16 PM

කිසි ගැලපීමක් නෑ (ස)

:       0       0

පවන් Sunday, 14 October 2012 11:14 AM

ඔන්න අපි කොළඹ ඉඳලා කාර්යාල චාරිකාවක් ගියා බුලත්කොහුපිටිය පැත්තේ. මේ දුෂ්කර ගම්වල පහසුකම් අඩුයිනේ. ඉතින් අපේ සහෝදරී කෙනෙකුට කිසියම් අවශ්‍යතාවයක් වෙලා ඊට සුදුසු තැනක් හෙවුවා. අපේ නඩේ ගුරා මේ පළාතේ කෙනෙක්. එයත් අපේ කාර්යාලයේම කෙනෙක්. එයා ඒක, බොහොම සුලුදෙයක්නේ නංගි කියලා ගෙවල් නැති රබර් වත්තක පාලු වංගුවක වාහනේ නවත්තන්න කිවුවා. එතන බැහැලා ඇයට උපදෙස් දුන්නා පොඩි ගස් පඳුරු කිහිපයක් අතරින් එහාට යන්න. ඔන්න අපේ සහෝදරිත් ගියා කියමුකෝ. තප්පර ගණනක් ගියේ නැහැ. කෙල්ල යටිගිරියෙන් කෑගහගෙන එළියට දුවනවා. අපි ඔක්කොම බයවුණා. මොකද සර්පයෙක් වත් දෂ්ට කරලාද දන්නේ නැහැනේ. එළියට දුවගෙන ආපු ගමන් කෙල්ල කකුල් පොළවේ හප්පා හප්පා උඩ පැන පැන අත්දෙක ගසමින් ඊ ඊ ඊ .... ගාලා යටිගිරියෙන් කෑගහන්න ගත්තා. දැන් නම් අපි ඔක්කොම බය වෙලා. හැමෝම ළඟට දිවුවා. මොකද සර්පයෙක් වත් කෑවද කියාගෙනමයි දිවුවේ. නෑ මේ මේ කකුල් දෙකේම ඊයා.... අනේ මට බෑ මට බෑ.. කියලා කකුල් පොළොවේ හප්පනවා. බොහොම අමාරුවෙන් අල්ලලා මොකද කියලා බැලුවමයි තේරුනේ. කකුල් දෙකේම කූඩැල්ලෝ නැගලා. අපිටවත් අරන්දාන්න විදියක් නැහැ. කකුල් ගස්සන නිසා. අමාරුවෙන් කියලා අල්ලාගෙන උන් කිහිපදෙනෙක්ම ඇදලා දැම්ම. ඊට පස්සේ මුළු ගමනම ඇය මුත්‍රා කරන්න ගියේ නැහැ. අදත් අපි ආයේ බුලත්කොහුපිටි යමු කිවුවහම ඒකි බණිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site