බලංගොඩ වයි.ඵ්.ඵස් වීරවංශ
ඔහු ගොවි මහතෙකි. ඇයද ගෙවිලියක් මෙන්ම ගෘහනියකි. කුඹුරේ ගොයම් ටික පැහිලා නිසා හෙට කැපුවොත් හොඳයි ඔහු තම බිරියට කීවේය.
එහෙනම් තුන් හතර දෙනෙකුට කියන්න මම හෙට උදේට තේ වතුර ටිකයි දවල්ට කෑම ටිකයි ලෑස්ති කරන්නම් ඇය කීවාය. ඔහු සවස් යාමයේ නිවසින් පිටවිය. රැ බෝවන විට ගෙට ගොඩ වැදුනේ ය.
කීදෙනෙකුට කීවාදැයි ඇය විමසුවාය. දහදෙනෙකුට විතර කිව්වා. අපෝ එහෙනම් හොඳටම ඇති. මම තේ ටික උදෙන්ම අරගෙන එන්නම් ඇය ටිකක් ළෙන්ගතුව කීවාය.
ඔහු අවශ්‍ය දෑ කැති සහ බුලත් පුවක් රැගෙන උදෑසනින්ම නිවසින් කුඹුරට පිටව ගියේය.
වේලාව උදේ අට නවය විය කිසිවෙකුත් කුඹුරට ආවේ නැත.. දැන් වේලාව දහයට ආසන්න විය. සිය බිරිඳ කිරි බත් පෙට්ටිය හිස මුදුණේ තබාගෙන තේ රැගෙන කුඹුරට පැමිණියාය.
කෝ මනුස්සයෝ... ගොයම් කපන්න මිනිස්සු ඇය තරහින් විමසුවාය... තමුසෙ කිව්වෙ දහදෙනෙකුට විතර කිව්වා කියලනෙ.. තමුසෙ ගෙවල් වලට ගිහින් මොනවා ද කීවේ..
හෙට අපේ ගොයම් කපනවා කියලා.. ඉතින් ඒ අයට එන්න කීවේ නැද්ද... නැහැ මම කීවේ ගොයම් කපනවා කියලා විතරයි..
මනුස්සයෝ ගොයම් කපන්න එන්න කියලා කියන්න එපැයැ...
දැන් ඉතින් මේ කිරි බත් ටිකට මොකද කරන්නේ. මම අර ගෙවල් වලට බෙදලා දීලා හෙට ගොයම් කපන්න එන්න කියලා කියන්නම්.. දැ කැති ටිකක් අරගෙන ගෙදර යනවා... බිරිඳ තරහින් කීවාය...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd