කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
බිරියගේ ගායනා පුහුණුව නිසා පොලිසියෙන් නිවසට පැමිණ බිරියට හා සැමියාට බැණ වැදී ගිය පුවතක් නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඇය සිය සැමියා යටත් කරගෙන තමන්ට අවශ්‍ය පරිදි ජීවත් වූ අතර සැමියා ඇයගේ මෙම තත්වය ඉවසා ඇත්තේ තම දරු දෙදෙනා හා පවුල් ජීවිතය ගැන සිතාය.
හොඳ හදවතක් ඇති පුද්ගලයකු ලෙසත් ගමේ කා හටත් ඕනෑම උදව්වක් සිදු කරන නිසාත් ඔහු පිළිබඳව ගෞරවයක් හා ඔහුගේ බිරිඳ කෙරෙහි පිළිකුලක් ගම්වාසීන් විසින් ඇති කරගෙන තිබේ.
ඔහු පිළිබඳව ඇතැම් පිරිස් අනුකම්පාවෙන් කතා කරනුයේ ඇය සමග ජීවත් වීමේදී ඔහු ඉවසන ඉවසීම නිසාය. කාරුණික හදවතක් ඇති ඔහු කිසි විටෙකවත් සිය බිරිඳට සැර වැර නොවෙයි.
ඉදිරියේදී පවතින අලුත් අවුරුදු උත්සවයක් සඳහා ඇය ගායනා අංශයෙන් ඉදිරිපත් වීමට සූදානම් වී ඇත. ඇය ඒ සඳහා නිවසේ පුහුණු වීම් සිදු කරන්නේ රාත්‍රී කාලයේදීය.
ඇයගේ ගායනාව අමුතුම අමිහිරි තාලයක් වූවද ඔහු එය ඉවසා සිටියේ එය නතර කළහොත් පසුව ඇයගෙන් ලැබෙන ගායනාව අහන් ඉන්නට කොහොමත් බැරි නිසාය. පිටරට ගායිකාවකගේ යටි ගිරියෙන් කෑ ගසන ගායනාවක් ඇය පුහුණු වන අතර ඇය ඒ පිළිබඳව පවසා ඇත්තේ කවුරුත් ඉංග්‍රීසි ගීත ගායනා නොකරන හෙයින් තමන්ට ජයග්‍රහණය කළ හැකි බවය.
රාත්‍රි කාලයේ ඇහෙන අදෝනාව වැරැදියට තේරුම් ගත් අසල්වැසියන් බිරියගේ ක්‍රියා කලාපය ඉවසාගෙන ඉන්න බැරි තැන සැමියා ඇයගේ බෙල්ල මිරිකනවා යැයි සිතා මේ පිළිබඳව පොලිසියට දන්වා ඇත.
පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය අසා කෝප වී ඇයටත් ඔහුටත් බැණවැදී කරන දෙයක් තමන්ට පමණක් සීමා කරන ලෙසත් අසල්වැසියන් වෙත එය කරදරයක් නොවිය යුතු බවත් තරයේ පවසා පිටව ගොස් ඇත.
පොලිස් නිලධාරීන් යාමට ජිප් රථයේ දොර අරිද්දී තම හිත හොඳ හදවතේ දොර වසා දැමූ ඔහු බිරිඳට හොද හැටි බැණ වැදී ඇත.
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
433
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගායනා අඳෝනාවෙන් ජංජාලයයි