IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ගායකයාගේ උපායෙන් සංගීතෙට පොල්ලක්

මේ කතාව නම් දරා සිටි ගායකයකු පිළිබඳවය. එක්තරා වසරක ඔක්තෝබර් මාසයේදී ඊළඟ වසරේ පැවැත්වෙන සිංහල අවුරුදු සංගීත ප්‍රංසගයකට ආරාධනා කිරීමට සංගීත සංදර්ශන සංවිධාන කරන පිරිසක් මෙම ගායකයා සොයාගෙන පැමිණියහ. තාක්ෂණය අද තරම් නොදියුණු එදා ජංගම දුරකථන නොතිබිණි. පැමිණි පිරිස පෙර සිට ගායකයා හඳුනති.


‘‘අපි අනුරාධපුරයේ එන සිංහල අවුරුදු සංගීත සංදර්ශනයට ඔබට ආරාධනා කරන්නට ආවේ’’ ඔවුහු කීහ. ඉතිං මල්ලි තව මාස හයක් විතර තියනවනේ ඇයි මේ තරම් කාල වේලාව ඇතුව’’ යැයි ගායකයා පැවසූවිට, ‘‘අපිට පසුගිය අවුරුදු දෙක තුනේම අන්තිම මොහොතේ ඇවිල්ල ඔබතුමා වෙන් කරවා ගන්න බැරිවුණා’’. ඒකයි මේ කල් තියාම ආවේ’’ කියන විට ගායකයා අද ඔවුන්ගේ අනිවාර්යයෙන්ම අත්තිකාරම් වශයෙන් හොඳ මුදලක් ලබාගත හැකි නිසාද ඒ වන විට ඔහුගේ සාක්කුව හිස් වී තිබුණ නිසා ද ඔහු කෙසේ හෝ මෙවර අනුරාධපුරයේ එන සිංහල අවුරුද්දට පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශන වෙනුවෙන් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමට තීරණය කොට, ‘‘මල්ලිලා ඉතිං මෙච්චර කල්වේලා ඇතුව දුර බැහැර ඉඳලත් ඇවිදින් මට ආපසු හිස් අතින් යවන්න හිත දෙන්නේ නැහැ.’’ ‘‘ඒ වුනාට මල්ලි සිංහල අවුරුද්දට ඉතිං කොළඹ අවට හැමතැනම ‘‘ෂෝ’’ ‘‘මම අනුරාධපුරයට මල්ලිලාගේ ඇරයුමට ආවොත් මෙහෙ තියෙන ‘‘ෂෝස්’’ දෙක තුනක් නැතුව යනවා. ‘‘අයියේ ගාණ ප්‍රශ්නයක් කරගන්න එපා කීය වුනත් අපි දැන් අත්තිකාරමක් ගෙවනව’’ යැයි කීවිට ගායකයාගේ සිත පිනා ගියේය.


‘‘අයියට අප දැන් මේ ගාන ගෙවනවා’’යි කියා, ගායකයා අපේක්ෂා නොකළ තරමේ මුදලක් ගෙවා ගායකයාගේ දින පොතේද ඔහුට එන වසරේ අප්‍රේල් මස අසවල් දිනයේ අනුරාධපුරයේ සංදර්ශනයක් ඇති බව සටහන් තබන තුරු බලා සිටි සංවිධායකවරු ගම රට බලා ගියහ.
අප්‍රේල් දොළොස් වැනිදා ඔහු තම මිතුරකු උදේ පාන්දරම අනුරාධපුර බස් රථයකින් අනුරාධපුරයට පිටත් කර යවා දහවල් දොළහට පෙර අනුරාධපුර තැපැල් හලකින් ‘‘ගායකයාණෙනි ඔබට ආරාධනා කළ සංගීත ප්‍රසංගය දින නියමයක් නොමැතිව කල් ගියා.’’ අප්‍රේල් මස දාහතර වන දින සංගීත සංදර්ශනයට එන්න එපා’’ යනුවෙන් විදුලි පණිවිඩයක් එවා හැකි ඉක්මණින් ආපසු එන්නට කීවේය.


මිතුරා එලෙසම එම ක්‍රියාව, ක්‍රියාවට නඟා ආපසුවිත් ගායකයාට දැන්වීය. එහෙනං වැඩේ හරියටම හරි නේද මචං යැයි ගායකයා ඇසූවිට ‘‘මොනවද අයියේ මේ කථා මට දුන්න වැඩේ තිතටම කළා‘‘ යනුවෙන් මිතුරා පිළිතුරු දුනි.


ගායකයා අවුරුදු දිනට පෙර ප්‍රතික්ෂේප කළ සංගීත සංදර්ශනවලටද සහභාගී වී සාක්කුව පුරවා ගත්තේය. දින තුන හතරකින් සවස පහට පමණ යටකී අනුරාධපුරයේ සංගීත සංදර්ශනයේ සංවිධායකවරුන් තරමක් ආවේගශීලීව පැමිණ ‘‘මොකක්ද අයියෙ කරපු පහත් වැඩේ, අපි ගණන කීය වුනත් කමක් නැහැ කියල අයියට මාස හයකට ඉස්සෙල්ල අයිය වෙන් කර ගත්තේ, අයියව අපේ සංගීත සංදර්ශනයට අවශ්‍යම හින්ද? පසුවෙනිදා කොළඹ පැවැති සමහර සංගීත සංදර්ශනවල වීඩියෝ පට අපේ වීඩියෝ සෙන්ටර්වලට ඇවිල්ල තිබුණා. අපි අයියට මාස හයකට කල් තියා දිනය වෙන්කරගත් දවසේ ඒ කියන්නේ අප්‍රේල් දාහතර වෙනිදාම අපි දැක්කා අයිය කොළඹ පැවැත්වුණ වෙන සංගීත සංදර්ශනවල ගීත ගයනවා. යැයි මේ සංවිධායකයෝ ගායකයාට චෝදනා කරන්නට වුහ. ඔවුන්ගේ ආවේගශීලීත්වය සාධාරණ නිසා ගායකයා මඳක් ඔවුනට සවන් දී දින පොත ගෙනවිත් ඔහුට අප්‍රේල් මස දාහතරවෙනි දින ලද විදුලි පණිවිඩය පෙන්වීය. සංවිධායකවරු එකිනෙකා මුහුණට මුහුණ බලාගෙන විදුලි පණිවිඩය කියවූහ.


ගායකයා තත්පර පහ හයක් නිහඬව සිට කට හඬ අවදි කළේය. දැන් මල්ලිලා මේ මොනවද කියවන්නේ කියල මම අහගෙන හිටියේ’’, ‘‘බලන්න ඕගොල්ලෝ මටකරපු අසාධාරණය’’, මට ඔය විදුලි පණිවිඩය එන්න කලින් කොච්චර ෂෝ ආවද’’? මම අත්තිකාරම් ගත්ත නිසා, ඕගොල්ලන්ට පොරොන්දු වුන නිසා ඒ සේරම ප්‍රතික්ෂේප කළා. අන්තිමට ඕගොල්ලො මට අන්තිම මොහොතෙ විදුලි පණිවිඩයකින් මට දන්වනව දාහතර වෙනිදාට එන්න එපා කියලා. අඩු ගණනේ ඕගොල්ලන්ට යුතුකමක් තිබුණා මට දහවෙනිදාට කලින්වත් ඔය විදුලි පණිවිඩය එවන්න’’ 


‘‘අපිට සමාවෙන්න අයියෙ අපිට අයිය විදුලි පණිවිඩය පෙන්නුවට පස්සේ තමයි ඇත්ත වැටහුණේ, ‘‘අයියගේ කිසිම වරදක් නැහැ’’ මචං මේක අනිවාර්යයෙන්ම අර මහත්තයගෙ වැඩක්. 
පන්නිපිටියේ ෂර්ලි ජයසිංහ



අදහස් (1)

ගායකයාගේ උපායෙන් සංගීතෙට පොල්ලක්

vernon Saturday, 11 December 2021 10:50 PM

දුරකථන නැති කාලේ තියෙනවලු සංගීත සංදර් ශන පටිගත කරලා වීඩියෝ කඩවල් වල. කාවද මේ රවට්ටන්නේ?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 695 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 697 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 756 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 960 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 552 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 902 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1282 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site