බිරිය තිරිහන් කර ලස්සන කරන්නට මුළු සේසතම වියදම් කළ සැමියකුට මාස කිහිපයක් තුළදී බිරිය සදහටම අහිමීවූ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.
ආරක්ෂක අංශයක සේවය කරන
තරුණයෙක් වසර විස්සකට පමණ පෙර තරුණ වියේ වූ ඇය හා පෙමින් වෙලී පවුල් දිවිය ආරම්භ කළේ දෙපක්ෂයේ ඥාතීන් ඇතුළු පිරිසකගේ විරෝධය මැදය. දරු පවුල එකා දෙන්නා ලෙස වැඩිවී සිව් දෙනෙක් දක්වා ඉහළ ගියේය.
සැමියාගේ මව අසනීප වූවාය. ඇයගේ දුක් සැප බලන්න සැමියා සේවය කරන ආරක්ෂක ඒකකයේ ඉහළ නිලධාරියෙක් නිවසට ආවේය. මවගේ දුක් සැප බැලූ ඔහුට බිරියගෙන් නිසි සැලකිලි ලැබුනි. ඇය සැමියාගේ ප්‍රධානියාට ඇහෙන්ද කතා කළේය.
ආපසු යන්නට සැරසුණු ප්‍රධානියා අර ඉන්නේ ඔබේ අක්කාද කියා බිරිය පෙන්වා විමසීය. ඒ වදන් සමග ඔහු වික්ෂිප්තවූයේය. කිසිත් නොදෙඩු ඔහු ප්‍රධානියාට සමු දුන්නේය. සවසම බිරිය සමග ගියේ රූපලාවන්‍යාගාරයකටය. බිරිය තිරිහන් කර ලස්සන කරන්නට ඇවැසි ප්‍රතිකාර කරන්නට අවශ්‍ය කරන සියලු මුදල් අත දිග හැර වියදම් කළේය.
ඔහු රැකියාවට ගියේ බිරියට නිසි පරිදි අවශ්‍ය සේවාවන් ලබා ගන්නට උපදෙස් දීමෙන් පසුවය. මසකින් ආ සැමියාට බිරියගේ තරුණ පෙනුමක් දකින්නට ලැබිණි. ඔහු සතුටු වූයේය. තව තවත් එම ප්‍රතිකාර කරන්නට අවශ්‍ය මුදල් හදල් දුන්නේය.
මාස කිහිපයක් ගතවිය. බිරිය දැන් රූමතියකි. ඇය ගැන විවිධ කතා සැමියාගේ කණටද ගියත් ඔහු ඒවා බැහැර කළේ අලුයම ලූ කෙළ පිඩක් සේය. මේ අතර මව මියගියාය. මවගේ මරණයේ කටයුතු ඉහළින් කරනු ලැබුවේ සැමියා තම ප්‍රධානියාගෙන් ලත් සහායද ඇතිවය.
හත් දොහේ දානයෙන් පසු බිරිය අතුරුදන්වූවාය. සොයා ගන්නට නැත. නිවසේ තිබූ සියලු වටිනා දේද රැගෙන ඇය පිටව ගොස් ඇති බව හෙළිවූයේය. සැමියා දරුවන් සමග නිවසේය. ඔහුට රැකියාවට යන්නට අවස්ථාවද නැත. ගෑනි ලස්සන කරන්න ගිහින් මට වෙච්ච දෙයක් ඔහු කා සමගත් කියන්නට වුයේය.
මේ අතර ආංචියක් ලැබිණි. බිරියත් තමන්ගේ ප්‍රධාතියාත් පවුල් කමින් දිවිය ගත කරන බව එයින් කියවිණි. සොයා බලද්දී ඒ බව සනාථවිය. තවදුරටත් කළ සොයා බැලීමේදී හෙලිවී ඇත්තේ බිරිය කළක් තිස්සේම සැමියාගේ ප්‍රධානියා සමග දුරකතන ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ බවක් නොදැනෙන්නට නිවසට ආ අවස්ථාවේ ඇය අක්කාදැයි බොරුවට ප්‍රශ්න කර ඇති බවත්ය.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය නීතිය යටතේ ප්‍රධාන වැරදි තුනක් මත දික්කසාදය ලබාගැනීමට නම් 1.අනාචාරය 2. ද්වේශ සහගත අතහැර යාම, සහ විවාහ වන විට පවතින සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය... නමුත් ලංකාවේ නඩු කීයක් මේ වනවිට ලිංගික බෙලහීනතාවය හෝ අනාචාරය ඔප්පු කර දික්කසාදය ලබාගෙන ඇත්දැයි නීතිඥ මහතෙකුගෙන් විමසීමට කැමැත්තෙමි. කිසියම් සමීක්ෂණයක් හෝ සිදුකර ඇද්ද? ඔප්පු කිරීමට ඉතා අපහසු මෙන්ම කාට හෝ කීමට පවා ලැජ්ජ හිතෙන නීති පනවා ඇති ඵලය කුමක්ද? රෝම ලන්දේසි නීතියේ අනාදිමත් කාලයකට පෙර ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමට අනුකූලවන ලෙස පනවා ඇති නීති මේ වනවිට රෝමානු වැසියන්වත් පාවිච්චි කරන්නේ නැත. ඇයි අපි මෙහෙම කරලා එකට ඉන්නම බැරි වුණත් වද දුන්නත් දික්කසාද නම් මේ ආත්මෙදි ගන්න බැරි තැනට අපේ මිනිස්සුන්ව පත්කර ඇත්තේ? නීති විශාරදයින්ට මෙය තේරෙන්නේ නැද්ද? නොඑසේනම් නඩු ඇදගෙනයාම වාසි නිසා මෙම හනමිටි නීති තවදුරටත් පවත්වාගෙන යනවද?
ලංකාව තුළ අනාචාරය වැනි වැරදි වර්ධනය වීමට ඒක හේතුවක් ලෙස දික්කසාදය ලබාගැනීමේ ක්‍රමයේ අසීරුකම දැක්විය හැක. දික්කසාදය ලබාගැනීමේ ක්‍රමය සරල කිරීමෙන් සමාජය තුළ පවතින විවාහය සම්බන්ධ බොහෝ ගැටළු මග හරවා ගත හැකිය. දෙදෙනෙකුට එකට ජීවත් විය නොහැකි නම් උදා... ගැහැණිය/පිරිමියා නිරතුරු අහේතුකව රණ්ඩු කරනවා නම්, දරුවන්ට තඩිබානවා නම්, මහළු දෙමව්පියන්ට කරදර කරනවා නම් සැමියාට, බිරිඳට සලකන්නේ නැත්නම්, තමන් හම්බකරගෙන පවුල ගැන නොසායා රිසිසේ ජීවත්වේ නම්, නිරතුරුව පොලිසි යනවා නම් මෙහෙම නයි පොළඟුන් වගේ ඉන්න පවුල් වලටවත් දික්කසාද ලබාගන්න බැරිනම් ඇති පලේ කුමක්ද? බොහෝවිට වැරැද්ද කරන පාර්ශවයට අනෙක් පාර්ශවයට දික්කසාද ලබාදීමට අකැමැති වේ.. උදා.. මානසික රෝග තියෙන අයව වංචනිකව බන්දලා දීලා රණ්ඩු කර රැක ඉන්නවා. හැබැයි දික්කසාද කරන්න බැහැ. අපේ රටේ තියෙන නීති අනුව.
උඩරට නීතිය හා මුස්ලිම් නීතිය යටතේ ඉක්මනින් හා පහසුවෙන් දික්කසාදය ලබා ගත හැක. උඩරට නීතිය යටතේ දෙදෙනාගේම කැමැත්ත තිබේ නම් හෝ ඔවුන්ට සතුටින් එකට ජීවත් විය නොහැකි නම් දික්කසාදයක් ලබාගත හැක. මේ සඳහා උසාවියේ නඩුවක් පැවරීමට වුවමනා නොවේ. පාලක නිලධාරියෙකු ඉදිරිපිට දික්කසාද වීමට හේතු ඉදිරිපත් කොට දික්කසාදය ලබාගත හැක. නමුත් සාමාන්‍ය නීතිය යටතේ විවාහ වුනාම දික්කසාද වෙන්න නම් අනාචාරය, ද්වේශ සහගත අතහැර යාම, සහ විවාහ වනවිට පවතින සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය ඔප්පු කළ යුතුයි. එකම රටක ඉන්න මුස්ලිම් හා උඩරට අයට ලේසියෙන් දික්කසාද වෙනන පුළුවන් වීමත්, බහුතර සාමාන්‍ය ජනතාවට එසේ කිරීමට නොහැකි වීමත් සම්පූර්ණයෙන්ම වැරදියි නේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවා ජාතිය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස්ව සලකන්න එපා කියලා. නමුත් මෙහෙම නීතිත් තියෙනවා.
රටේ නිතිය සංශෝධනය කරන්න. ලිංගික බෙලහීනතා, අනාචාරයේ හැසිරීම වගේ ඔප්පු කරන්තන් බැරි හද්දා පරණ නීති විතරක් නෙමෙයි එකට සතුටින් සිටිය නොහැකි නම් නිතර රණ්ඩු අඩදබර නම් එයත් දික්කසාදයට හේතුවක් ලෙසට. එක්කෙනෙකුට එපාවෙලා අනෙත් කෙනාට ඕනෑ වුණා කියලා බලෙන් පවුල් කඩන්න හදන එකනේ වැඩේ. නීතියෙනුත් අපේ රටේ ගැහැණු අය සැමියාට එරෙහිව උසාවි ගිහින් නඩත්තු නඩු දානවා. සැමියා බිරිඳට, දරුවන්ට හම්බකරන පඩියෙන් නොකා නොබී නඩත්තු ගෙවනවා මාසයක් ගානේ. එක මාසයක් ගෙවන්න බැරි වුණොත් හිරේ දානවා. නමුත් දික්කසාද කරන්න බැහැ. මාර නීති තියෙන්නේ. එහෙම පවුල් ආයේ කිරියි, පැණියි වගේ ඉන්නවද නැහැ. කෙනෙකුට දික්කසාදය නොදී ඉන්න අයිතියක් තියෙනවා නම් අනෙක් කෙනාට දික්කසාද වෙන්නත් අයිතියක් තියෙන්න ඕනේ. බලෙන් පවුල් කඩන නීති 21වැනි ශතවර්ෂයේත් ලංකාවේ තියෙන නිසා තමයි පවුල් ආරවුල් නිසා මේ තරම් මිනීමැරුම් ඇති වෙන්නේ ලංකාවේ...