IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ගෑනු ගැටේට හොල්මන අහුවෙලා

තරුණ ගැමි කාන්තාවක තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම නිසා වෙන්නට ගිය අපරාධයක් වැළකී ගියා පමණක් නොව පිරිමින් නොමැති නිවාසවලට රාත‍්‍රි කාලයට ජනෙල් වලින් එබිකම් කරන එතෙක් ප‍්‍රදේශයේ විවිධ අපරාධ කරමින් හැංගිමුත්තං කළ පුද්ගලයා කවුදැයි  හඳුනා ගැනීමටත් ගැමියන්ට හැකි වූ පුවතක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේය. 
ග‍්‍රාමීය පවුලකි. මෙම පවුලේ ගෘහ මූලිකයා කොළඹ ප‍්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක සේවය කරන 35 හැවිරිදි අයකි. ඇය 32 හැවිරිදි දෙදරු මවකි. දිනක් මේ නිවැසියන් නිවසේ නොමැති අවස්ථාවක කිසියම් අයෙකු රාත‍්‍රි කාලයේ නිවසේ උළු ඉවත් කර වහලයෙන් බැස නිවසේ තිබු වටිනා දේපළ සොරකම් කරගෙන ගොස් තිබුණි. 
පැමිණිල්ලක් පොලිස් පොතේ සටහන් නොවුණේ ඔවුන්ට සැකකරුවකු හඳුනා ගැනීමට නොහැකි වීම නිසාවෙනි.
මෙදින පෙර පරිදි දරුවන් දෙදෙනා සමඟ රාත‍්‍රි ආහාරය ගෙන ඇය නිදාගෙන ගත වූයේ පැය දෙක තුනක පමණ කාලයකි. ඇය නින්දෙන් අවදිවූයේ නිවසේ වහලයට කිසියම් අයකු හෝ සතකු ගොඩවූ ශබ්දයටය. ඒ ශබ්දයට බියක් දැනුනත් ඇය විමසීමෙන් සිටියේ මේ කවුරුන්දැයි කුමකට පැමිණියේ ද යන්නත් දැන ගැනීමට ඇති කැමැත්ත නිසාවෙනි.


පෙර දිනක මෙන් සොරෙකු පැමිණ ඇති බව ද ඇයට වැටහුනි. ගත වූයේ තවත් විනාඩියකි. වහලයේ මුදුන් උළු  කැටය ගැලවෙන හඬ ඇසුණා පමණි. ඒ සමඟම නිවසේ ඇතුළත මෙන්ම පිටත ද විදුලි බුබුළු දල්වනු ලැබීය. ඇයගේ මුව විවර විය.” ආ අයියා ඔයා මොකද වහලයේ කරන්නේ. ඔයා කවුද කියලාත් ඔයාගේ ඔය වැඩේත් අපිට සී.සී.ටී.වි. කැමරාවෙන් හොඳට පෙනෙනවා. ඔයා වහලයෙන් බැහැලා ඉස්සර දොරෙන් එන්න කියලා මහත්තයා කියනවා.” එම ප‍්‍රකාශය ඇගේ මුවින් පිටවෙනවාත් සමඟම වහලයේ සිටි අය එම වැඩේ වහා නවත්වා වහල මතින් දිව යන අයුරුත් වහලයෙන් දඩිස් ගා ශබ්දයෙන් බිමට පැන දිව යන අයුරුත් ඇයට ඇසුණි. 
පසු දින පෙරවරුවේ අවදි වූ ඇය පෙරදින රාත‍්‍රියේ නිවසට පැමිණියේ කවුරුන්දැයි විමසා බැලීමට නිවසේ පිටුපස කොටසට ගොස් පරීක්ෂා කිරිමේදී පිරිමි පුද්ගලයකුගේ රබර් සෙරෙප්පු දෙකක් දැක ගන්නට ලැබුණු හෙයින් එම සෙරෙප්පු දෙක ලී කෝටුවක ආධාරයෙන් ගෙන එය රැගෙන ගොස් ගමේ තේ කඩය ඉදිරියේ පිහිටි අඹ ගසේ ලණුවක ගැට ගසා එල්ලා තැබුවේ අයිතිකාරයකු ඉන්නවා නම් මෙය අරගෙන යන්න කියා පුංචි දැන්වීමක් ද ප‍්‍රදර්ශනයට තබමිනි. 
එම දැන්වීමෙන් පසුව සෙරෙප්පු දෙකේ අයිතිකරු සහ මෙතෙක් ගමේ ගෙවල්වලට හොල්මන් කළ පුද්ගලයා හඳුනා ගැනීමට ගැමියන්ට හැකි වූ අතර දින දෙකකින් පසු එම පුද්ගලයා ගමෙන් අතුරුදන් වී ඇති බවට ද තොරතුරු වාර්තා වූ බව ගම්වාසිහු පවසති. 

 හසලක සුනිල් ඒකනායක



අදහස් (0)

ගෑනු ගැටේට හොල්මන අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site