IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගෑනු කකුලක තෙල් ගාන්න ගිය වෙදාට පත්තු බදින්න සබ්බුවක්

බළපිටියේ - එස්.ඒ. වයි ද සිල්වා
 කාන්තාවකගේ කකුලක තිබූ ආබාධයකට බෙහෙත් තෙල් ගෑමට පැමිණි වෙදා අනවශ්‍ය තැන් අත ගෑමට ගොස් බඩ කට පිරෙන්න ගුටි බැට සංග්‍රහයක් ලැබීමේ පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් වාර්තා වෙයි.
මෙම කාන්තාවගේ කකුලේ අමාරුව කාලයක් තිස්සේ තිබුණු එකකි. නොයෙකුත් වෙද හෙදකම් කළත් කිසිදු සුවයක් නො ලැබිණි. එන්න එන්නම අසනීපය වැඩි වුණා මිස අඩුවීමක් නම් නොවීය. 
දිනක් බෙහෙත් තෙල් විකිණීමට යන වෙදෙක් අහම්බෙන් මෙන් මෙම කාන්තාවගේ නිවෙසට ද පැමිණියේය. තමා ගෙනා බෙහෙත් තෙල්වල වර්ණනාව මහ ඉහළින් කළේ තෙල් ගා අත ගෑ සැණින්ම සුව වෙන ආකාරයට ය. 
‘අනේ වෙද මහත්තයෝ , මගේ කකුලේ අමාරුවක් තියෙනවා. දැන් අවුරුදු ගානක් වෙනවා. කිසිම සුවයක් නැහැ. දන්න කියන හැම තැනකට ම ගියත් කිසිම සනීපයක් නම් ලැබුණේ නැහැ.
‘හරි නෝනා... කිසි දේකට බය වෙන්න එපා. මේ තෙල් බෙහෙත් සත් දවසක් ගාලා බලන්න. වැඩි ගාණක් අය කරන්නේ නැහැ. නෝනා කැමැතිනම් මම අද බෙහෙත් තෙල් ටිකක් ගාල යන්නම්. නෝනා කියනවනම් මම ම ඇවිල්ලා බෙහෙත් තෙල් ගාල යන්නම්. 


වෙදා කියූ දේ මහ ඉහළින් පිළිගත් ඇය බෙහෙත් තෙල් ගා ගැනීමට කැමැති වූවාය.
වෙදා නිසි ලෙස තෙල් බෙහෙත් ගා යනවිට ඒ සඳහා වූ ගාස්තුව ද ගෙවමින් හෙටත් ඇවිත් බෙ‍හෙත් තෙල් ගාන ලෙස ඉල්ලීමක් ද කළාය.
පසු දින නියමිත වෙලාවට පැමිණි වෙදා තෙල් ගෑවේය. ගෙදර වෙනත් කිසිවකු නැති බව දැනගත් වෙදා කකුලේ තෙල් ගාමින් සිටිය දී කාන්තාවගේ රහස් තැන්වලත් අත ගෑමට පටන් ගත්තේය. මේ ගැන කිපුණු කාන්තාව මහා හයියෙන් කෑ ගසන විට දී අහල පහළ උදවියත් ක්ෂණිකව දිව ආහ. ඒ වන විට වෙදා දිව යන්න උත්සාහ කරද්දී සිද්ධිය දැනගත් ගැහැනු හා තරුණ පිරිස හොඳ හැටි ගුටි පූජාවක් දෙමින් වෙදාට අමතක නොවන පාඩමක් කියා දුන්හ. ඉන් පසු වෙදා ඒ ප්‍රදේශයේ පැත්ත පළාතක ආවේ නම් නැතිලු‍. 
 



අදහස් (0)

ගෑනු කකුලක තෙල් ගාන්න ගිය වෙදාට පත්තු බදින්න සබ්බුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site