(මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර)
මාවනැල්ල නගරයේ ව්‍යාපාරික මහතකු හදිසියේ කෑගල්ල නගරයට තම වාහනයේ ගොස් එහිදී තමාගේ අවශ්‍ය කටයුතු හා බඩු බාහිරාදිය රැුගෙන වාහනය අමතක කර ලංගම බස්රථයක පැමිණි සිද්ධියක් වාර්තා විය.
දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.
වසර ගණනාවක් මාවනැල්ල නගරයේ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා නගරයේ කා අතරත් ප‍්‍රසිද්ධ වී ඇත්තේ ගුණපාල නමිනි. ව්‍යාපාර කටයුතු වලින් තරමක් ඉහළ නමක් දිනා සිටියත් ඔහුට තිබූ එක් රෝග ලක්ෂණයක් වූයේ විටින් විට අමතක වීමේ අඩුපාඩුව පමණි.
පසුගියදා තමන්ගේ කඩයට අවශ්‍ය බඩු කිහිපයක් රැුගෙන ඒමට තම වෑන් රථයෙන් කෑගල්ල නගරයට ගියේ අතරමගදී තමන්ගේ හිතවතෙකු ද කෑගල්ලේ යෑමට මහ මග සිටිනු දැක වාහනයට නංවා ගෙනයි. කෑගල්ල නගරයේදී වාහනය නවතා දෙදෙනා තම වැඩ කටයුතු සඳහා වෙන්වී යන්නට විය.
ගුණපාලද තමන්ට අවශ්‍ය කළමනා සියල්ල නගරයෙන් මිලයට ගෙන පොලිතින් මල්ලක බඩු මුට්ටු සියල්ල දමා ගත්තේය. පසුව ඒ සියල්ල අතැතිව හනිකට පැමිණ කෑගල්ල මාවනැල්ල බස් රථයට ගොඩවිය. බසයද තම ගමන ආරම්භ කළේ බස් රථයේ මගීන් විශාල ප‍්‍රමාණයක් ඒ වනවිටත් සිටි හෙයිනි. කෑගල්ල පසුකර මීපිටිය පල්ලම ළඟා වෙන විට බසයේ වම් පසින් දකුණු පසට ගිය ගුණපාලට කෙනෙකු තට්ටු කරනු දැක බැලීය. එවිට ගුණපාලට තම වාහනය මතක් විය. ඒ තට්ටු දමා ඇත්තේ උදේ තමන්ගේ වාහනයේ පැමිණි මිතුරාය.
කෝ වෑන් එක ගරාජ් එකට දැම්මාද? කියා ඔහු ගුණපාලගෙන් ඇසීය.
නෑ. නෑ. නෑ. මම බහිනවා කියූ ඔහු බසයෙන් බැස ගත්තේ. තමන් ගැනම කෝපයෙනි.
ඔහු බසයට ගොඩවී ඇත්තේ තමන් වෑන් රථයේ පැමිණි බව ඔහුට අමතක වූ නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු! (නි)
අයියෝ මෙයාට වෙච්ච දෙයක්.(හේ)
මේකට බෙහෙතක් ගත්තානම් හොදයි නේද?(හේ)
මේක විහිළුවක් නෙවෙයි භයානක රෝගයක මුලික ලක්ෂණයක් විය හැකිය කියලා මම කියවලා තියෙනවා.(හේ)
වසර කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්තයේ කෑන්ස් නගරයේ මහලු යුවලක් වාහනය නැවතුම්පොලෙහි නවත්වා කඩේ ගොස් ආපසු පැමිණ බැලුවිට වාහනය අතුරුදහන් වෙලා. පසුව වාහනය නැතිවූ බවට රක්ෂණ වන්දි ගෙන අලුත් වාහනයක් ලබාගෙන එම වෙළඳ සංකීර්නයටම ගිය විට ඔව්න්ගේ පරණ කාරය දකින්න ලබුනාලු. එවිටයි ඔව්න්ට මතක් වී ඇත්තේ එදා වාහනය නැවැත්වූ තැන ඔව්න්ට අමතක වීමෙන් සොයාගැනීමට බැරි උනා මිසක් වාහනය කව්රුවත් හොරකම් කරලා නැති බව. මේ පුවතේ විශේෂත්වය නම් පැය දෙකක කාලයකට නැවත්වීමට අවසර ඇති නැවතුමේ මාසයක් නවත්වලා තිබිලත් දඩයක් නොලැබීම කියලයි මේ රටේ මාධ්‍ය වල පලවුනේ. (නදී)
මටත් ඔහොම දෙයක් උනා ලඟදි. මම තාත්තත් එක්ක ස්කොලේ ගියා අපේ ප්‍රාඩෝ එකෙන්. මට පීසා එකක් අරන් දෙන්න තාත්ත බැහැල ආවා. පසුව ගිහින් බලන කොට අපේ ප්‍රාඩෝ එක අරන් යනවා වෙන කෙනෙක් එයාගේ බෙන්ස් එක තියල. පස්සේ අපේ තාත්ත ඔෆීස් ගියේ ලක්ෂරි කැබ් එකක් හයර් කරලා (නදී)
මටත් වුනා ඕකම ,ටෝකියෝ ගුවන් තොටුපොළේ පර්කින්ග් එකේ වාහනේ දලා ලංකාවට අාවා සතියකට , ලංකාවේ වැඩ ඉවර කරලා ටෝකියෝ ඇවිල්ල කෝච්චියෙන් ගෙදර අාවා ,මගේ බිරිද වාහනේ කොහෙද කියලා අහනකම් දන්නේ නැහැ , හිතුවේ වාහනේ ගෙදර කියලා.(හේ)
අයෙක් තම බිරිඳත් සමග මෝටර් බයිසිකලයෙන් නගරයට ගියා. බිරිඳ ගෙදරට අවශ්‍ය බඩු ගනිද්දී සැමියා ගියා පොඩි ෂොට් එකක් දා ගන්න. එතැනදී යාලුවෙක් හමුවුනා. යාළුවා කිව්වා මචන් මම මේ උඹලගේ ගෙදර යන ගමන් උඹට බෝතලයක් ගන්න කියල ආවේ. මේ සතුටට හා හරි හරි එහෙනම් යමු කියල යාලුවත් දාගෙන ගෙදර ගියා. ගෙදර ගිහින් දෙන්න එක්ක බෝතලේ බාගයක් විතර ඉවර කරන කොට බිරිඳ ත්‍රී රෝද රථයක ගෙදර ආවා. ඇවිත් කියපුව ඔයාල හිතා ගන්නකො. (නදී)
මම දන්නා විදුහල්පති කෙනෙක් හිටියා. නෝනා එක්ක ටවුමට යනවා. ගෙදර ආවහම ළමයි අම්මා කෝ කියලා ඇහුවමලු නෝනව මතක් වෙන්නේ. (නි)
කමක් නැහැ මුදලාලි මාමේ. අයින්ස්ටයින් මාමටත් ඔය අමතක වෙන ලෙඩේ තිබුනනේ (නදී)
තැන තැන බෝම්බ පිපිරුණු හැටි දැන් ගොඩක් අයට අමතක වෙලා. (හේ)
අපේ ගෙදරට නයෙක් ඇවිත් ෆ්‍රිජ් එක යට (නදී)