IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගෙදර බල්ලත් පුතාගෙ ඉස්කෝලෙටම යවලා

මීරිගම විශේෂ-පුෂ්පකුමාර මල්ලවආරච්චි
ගෙදර ඇති දැඩිකළ බල්ලා බුරනවා වැඩියි පවසා දරුවා ඉගෙනුම ලබන පාසලට ගෙනවිත් දැමූ පියකු පිළිබඳව ගම්පහ දිසාවේ ගමකින් වර්තා විය.


ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි. පාසල් බිමේ ගැවසෙන බල්ලන්ගේ ප්‍රමාණය ද එන්න එන්නම වැඩි විය.  බලු‍ කරදරේ නිසා දරුවන් පීඩාවට පත්වීම වළක්වා ගැනීමට  පාසල් විදුහල්පති  ඇතුළු ගුරුවරුන් ගන්නේ මහත් වෙහෙසකි.


පාසලේ සිසු රැස්වීමක දී විදුහල්පතිවරයා බල්ලන්ගේ ප්‍රශ්නය විසඳාගැනීමට  සියලු‍ දෙනාගේ සහාය අවශ්‍ය බව පැවැසීය. දෙකේ පන්තියේ දරුවෙක් මෙහිදී අමුතු කතාවක් කීය.


සර් අර පොහොර පාට බල්ලා අපේ ගෙදර හිටපු එකා. රෑට බුරනවා වැඩියි කියලා තාත්තා ඉස්කෝලේ ගෙනත් දැම්මා...., දරුවා රහසක් අනාවරණය කළේය.


ටික දිනකට පසු ගුරු දෙගුරු රැස්වීමකි. එහිදීද විදුහල්පතිවරයා මේ බලු‍ කරදරය ගැන මවුපියන් දැනුවත් කළේය. දෙකේ පන්තියේ දරුවා ප්‍රකාශ කළ පරිදි එම පියා ද මෙම රැස්වීමේ මුල් පෙළේ සිටියේය.


එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් විදුහල්පතිවරයා  ‘‘මේ බල්ලන්ගේ අයිතිකාරයන් මෙතන  ඉන්නව නම් කරුණාකර අරගෙන යන්න’’ කියා ආයාචනයක් කළේය.


දරුවන් තමන්ගේ කෑම පෙට්ටියෙන් කොටසක් බල්ලන්ට ආහාරයට දෙන බව පෙන්වා දුන් විදුහල්පතිවරයා ඒ හේතුවෙන් බල්ලන්ගේ කරදරය උග්‍රව පවතින බවද පැවසීය. එහෙත් සතෙකුට ආහාර ටිකක් දෙන්නට එපා යැයි දරුවන් දැනුවත් කිරීම ගුරුවරයකු ලෙස කළ නො හැකි හෙයින් මේ ගැන වැඩිහිටියන් සුදුසු පියවරක් ගත යුතු බවද  විදුහල්පතිවරයා පෙන්වා දුන්නේය.


බල්ලා ගෙනැවිත් දැමු පියා  කිසිත් නොඇසුණා සේ කාලය ගත කළත් දරුවාගෙ ප්‍රකාශය හේතුවෙන් සියල්ල දන්නා සෙසු මව්පියන් ඔහු දෙස බලා සිටිය දී  නිහඬවම ආපසු ගිය  බව ද දැන ගන්නට ලැබිණි


ඔහු යන දෙස බලා සිටි කටකාර මවක, ‘‘මහත්තයා බල්ලා පන්තියකට ඇතුළත් කරලාම ගියානම් හොඳයි නේද?’’ කියා පැවසීමත් සමග ඔහු මහත් ලජ්ජාවට පත් වූ බවක්  දක්නට ලැබිණි.


එසේ වුවත් බල්ලා තවමත් පාසල් බිමේ සැරිසරන බවද දැනගන්නට ලැබේ.

 



අදහස් (0)

ගෙදර බල්ලත් පුතාගෙ ඉස්කෝලෙටම යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site