විධායක නිලධාරියෙක් තම කාර්යාලයේ අය සංවිධානය කළ සාදයකට ගියේය. එය ඉතාමත් විනෝද ජනක සාදයක් වූයෙන්, ඔහුට කාලය ඉගිලී යනු දැනුණේ නැත. මැදියම් රාත්‍රිය එළැඹෙද්දී තමාට දැන් පිටත්ව යන්නට කාලය පැමිණ ඇතැයි හෙතෙම සාදයේ සත්කාරවරයාට කීවේය.
සාදයේ සිටි යතුරුලියන්නියෝ තිදෙනෙක් තමන් වාහනයෙන් නිවෙසට ඇරලවා දෙන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියහ. එම තිදෙනා වාහනයට ගොඩ වූ පසු එම යුවතියන් තිදෙනාම ඔවුන්ගේ නිවෙස්වලට ඔහු තමාගේ රථයෙන් ගෙන ගොස් ඇරලුවේය. ඔහු තම නිවෙසට පැමිණෙන විට රෑ දෙගොඩ හරියත් පසු වී තිබිණි.
තරහෙන් පුපුරමින් සිටි ඔහුගේ බිරිය, “කොහෙද මෙච්චර වෙලා ගිහින් හිටියේ?” කියා ඇසුවාය.
තමාගේ බිරියට වැඩි විස්තර කීමට කරදර වන්නට ඕනෑ නැතැයි සිතූ ඔහු, පමාවට හේතුවක් හදා කෙටියෙන් කීවේ මෙසේය.
“කාර් එකේ පොඩි මිස් එකක් ආවා. ඒකයි පරක්කු වුණේ.”
බිරිය මෝටර් රථයට හිස පොවා බැලුවාය.
“මිස් එකක් නේහ්?” ඇය සැර වූවාය.
“අර පිටිපස්සෙ සීට් එකේ තියෙන හෑන්ඩ් බෑග් එක ඒ මිස්ගෙ වෙන්න ඇති නේහ්?”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd