වියලුව වාර්තාකරු
සිය මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ පුවතකි.
මිතුරන් දෙපළ සේවය කරන ආයතනයේ නිලධාරීන්ගෙන් දැනගත් අන්දමට කතාව මෙසේය.
රාජ්‍ය සේවකයන් දෙපළකි. ගජ මිතුරන්ය. දෙදෙනාම මැදි වයස ඉක්මවූවන්ය. ඉඳහිට මත්පැන් ටිකක් තොල ගෑවේ ද එකිනෙකාගේ මූල්‍ය දායකත්වයෙනි.
එක් මිතුරකුගේ වැඩිහිටි දියණියගේ මංගල උත්සවය වෙනුවෙන් අනික් මිතුරාට ද ආරාධනාවක් ලැබිණි.
තම දරුවන් සහ බිරිය ද සමග හොඳින් හැඳ පැළඳ ගත් මිතුරා මංගල උත්සවය පැවැති හෝටලය වෙත කල් තබාම පැමිණියේ මංගල සභාවේ පිරිස සමග මත්පැන් ටිකක් තොල ගාමින් විනෝද වීම සඳහා කල් තබාම කළ සැලසුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
මංගල උත්සවයේ කටයුතු නිමා වී නව යුවළට තෑගි බෝග ලබා දීම ද සිදු කෙරිණි.
දින කිහිපයකට පසුව පරීක්ෂා කරද්දී මංගල යුවළට ලද තෑගි බෝග අතරේ තිබුණේ අපූරු තෑග්ගකි.
රුපියල් දෙදහසක් ඇතුළත් ලිපි කවරයක් සමග රෝස පැහැති කොළ කැබැල්ලක අත් අකුරින් ලියා තිබුණේ අපූරු වැකි කිහිපයකි.
“දුවේ, මේක තාත්තාට දෙන්න.”
“මචං, උඹ දන්නවනෙ අපි රජයේ සේවකයෝ කියලා. අපි ජීවත් වෙන හැටිත් උඹ දන්නවා. ඒත් උඹේ දුවගේ මංගල උත්සවයට ආවේ නැත්නම් ඒක ලොකු අඩුවක් කියලා මට හිතුණා. ඒ නිසා හුඟක් අමාරුකම් මැද්දෙ තමයි මම උත්සවයට ආවේ. උඹලා අපි වෙනුවෙන් වියදම් කරපු විදිහට මේ දෙන ගාන මදි කියලා මම හොඳටම දන්නවා. ඒත් මචං ගෑනිටයි දරුවො දෙන්නටයි මටයි ඇඳුම් අරගෙන හෝටලයට එන්න හයර් එකට ත්‍රීවීල් එකකුත් ගන්න මට රුපියල් 18,000ක් විතර ගියා.
ඒ තත්වය මත මචං මට ලොකු තෑග්ගක් උඹේ දුවට දෙන්න බෑ. මෙතැන තියෙනවා පුංචි තෑග්ගක්. ඒක බාරගෙන මට සමාව දීපන්. සමාව නුදුන්නත් මේ විසි දහසම වියදම් කළේ උඹේ දුව වෙනුවෙන් කියලා ගෙදර උන්ට කියල දීපං. මේ උඹේ හිතවතා ...........”
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක්