IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කළුවරේ අතගාලා අන්තිමේ ගස් බැඳලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ලයිට් කණුව පාමුල කළුවරේ අතපත ගෑ තරුණයාට එම ලයිට් කණුවේම ගැට ගැසී සිටීමට සිදුවූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


පාළු පාරකි. විදුලි බල්බයක් නොතිබූ ලයිට් කණුවකි. එම ලයිට් කණුව පාමුල අඳුරේ තරුණයෙක් අතපත ගාමින් සිටියේය. ඒ එක්කම මුහුණු ආවරණ හා තොප්පි පැළඳි තරුණයෝ දෙතුන් දෙනෙක් මේ තරුණයාට කිසිවක් කරකියා ගන්නටවත් ඉඩ නොතබා එම ලයිට් කණුවේ බැන්දහ. ඒ විතරක්ම නොවේ ඔහුට කෑකෝ ගැසීමට බැරිවන අයුරින් කටට පාන්කඩ ඔබා මේ තරුණයෝ මාරු වුණෝය.


ගියේ ටික වේලාවකි එතනට යතුරුපැදියකින් විදිල්ලේ ආ පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. හා එහෙනම් උඹ තමයි මේ ලයිට් කණුව යට කුඩු හංගන බඩුව කියමින් පොලිස් නිලධාරීහු දෙදෙනා ඔහු ලයිට් කණුවෙන් නිදහස් කළහ. කටේ තියෙන පාන්කඩද ඉවත් කළේය. කෝ යකෝ හංගන්න ගෙනා කුඩු යැයි කියමින් ඔහුට පොලිස් නිලධාරීහු ගෝරනාඩු කළහ.


තුෂ්නිම්භූත වූ තරුණයා කීවේ අනේ සර් මම ආවේ මේ ලයිට් කණුවේ ඉඩමක් විකිණීමට අදාළ දැන්වීමක් ගහන්න. දැන්වීම ගහල ඉවරවුණා විතරයි මගේ යතුරුපැදියේ යතුර මේ ලයිට් කණුව යට වැටුණා. ලයිට් කණුව යටින් යතුර හොයා ගන්න කොටම කට්ටියක් මට කිසිවක් කියන්නවත් නොදී කටට පාන් කඩ ඔබා ලයිට් කනුවේ බැන්දා යයි කීවේ තමා කුඩුකාරයකු නොවන බවද පවසමිනි.

පොලිස් නිලධාරීන් දෙදෙනා කරුණු කාරණා සොයා බැලූහ. ඔහු පවසා ඇත්තේ සත්‍යයක් බව පසක් විය.


මේ පාරේ මේ ලයිට් කණුව කුඩු ජාවරම්කාරයන්ගේ කුඩු හංගන තැනක් වී තිබිණ. ලයිට් කණුවේ අංකය කළුවරේ වුවද හොඳට පෙනීම එයට හේතුවක් වී තිබිණ. ප්‍රදේශවාසී තරුණයන් මේ කුඩු හංගන කුඩුකාරයන් අල්ලා ගස් බැඳීමට බලා සිටියත් ඒවා ව්‍යර්ථව ගියේ උන් ඊට වඩා සූක්ෂම වූ නිසාය.


කෙටි දැන්වීම් ලයිට් කණුවල අලව අලවා යමින් සිටි මේ තරුණයා කුඩු කාරයකු යයි සිතූ ප්‍රදේශවාසී තරුණයන් ඔහු ලයිට් කණුවේ බැඳ පොලිස් හදිසි ඇමතුම් ඒකකය ඇමතුවේ එහෙයිනි.

 



අදහස් (4)

කළුවරේ අතගාලා අන්තිමේ ගස් බැඳලා

රිතික් Tuesday, 17 August 2021 09:18 AM

කලුවරේ අතගාලා කිව්වම මම හිතුවේ වෙන දෙයක්

:       1       10

jimpo Wednesday, 18 August 2021 02:48 PM

අපේ රටේ නිතරම විදුලිය කපා හැරීම නිසා මෙවැනි දේවල් එමටයි. ඒත් පරිස්සමෙන්... මට නම් කසාද බඳින්න සිදුවුණා. හප්පෝ...!!!

:       0       3

sampath Wednesday, 18 August 2021 09:51 PM

අපේ රටේ මිනිසුන්ගේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ

:       1       0

තිස්ස සේනානායක Thursday, 19 August 2021 02:17 PM

කුදුකාරයාගේ අලුත් පන්නයේ ගැටයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site