කරන්දෙණිය - එම්. සුසිල් පියන්ත
බස්නාහිර පළාතේ වෙසෙන මිතුරාගේ ගෙවත්ත තණකොළ කැපීමට සිය සේවස්ථානයේ ලොරියකින් සේවක පිරිස පටවාගෙන ගොස් එහි කැපූ තණකොළ පෝර උරවල පටවාගෙන යළිත් සිය පළාතටම ගෙන ආ දකුණු පළාතේ පළාත් පාලන ආයතනයක ලොක්කකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

හේ මිතුරන්ට පණ මෙන්ය. සිය ආයතනයේ සේවකයන්ට යැයි කියා ඉන්ධන හිඟ කාලයේ ලබා ගත් ඉන්ධන මිතුරන්ට බෙදා දුන්නේද එයට කදිම උදාහරණයක් සපයමිනි. අඩිපුඩි ගහන්න නිතරම සෙට් කර ගත්තේද මිතුරන්මය. සේවකයන්ගේ ඉල්ලීමට වඩා ඔහු ඉටුකළේ මිතුරන්ගේ ඉල්ලීම්ය.
කොළඹ සිටින මිතුරකුගේ ගෙවත්තේ තණකොළ කපා දැමීමට ඔහු ඉදිරිපත් වීයේ දැඩි කැමැත්තෙනි. ඒ සඳහා සිය ආයතනයේ ලොරි රථයක් වෙන් කර ගනුයේ සිය බලය පාවිච්චි කරමිනි. ඒ සඳහා අවැසි සේවක පිරිස හා උපකරණ ද එම ආයතනයෙන්ම සපයා ගැනීමට ඔහු පසුබට නොවන්නේද කවුරුත් ඊට එරෙහි නොවන බව හොඳින්ම දන්නා හෙයිනි.
දකුණේ සේවකයන් බස්නාහිරට ගොස් පෞද්ගලික ඉඩමක තණකොළ කැපූවේ ඔවුන්ට ද ගජ වාසි පිටය. ඒ විතරක්ම නොවේ කැපූ තණකොළ ටික පෝර උරවල දමාගෙන බස්නාහිරෙන් කොළඹට රැගෙන ඒමට මේ උත්තමයා කටයුතු කළේ සිය නිලයේ බලයේ මහිමය පෙන්වමින්ලු.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ යාළුවාගේ ගෙවත්ත සුද්ද කර තණකොළ ටිකත් ආණ්ඩුවේ වාහනේම ගෙනත්