IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


කළු කුමාරයා පන්නන්න ඇවිත් දුවත් අරන් මාරු

අසනීපයකට ශාන්ති කර්මයක් කිරීමට පැමිණි යකැදුරා සමඟ තම දියණිය පැනයාම නිසා සතුටට පත්වූ මවක පිළිබඳව දකුණු පළාතේ පිටිසරබද ගමකින් පසුගියදා දැනගන්නට ලැබිණි. 
28 හැවිරිදි එක්දරු මවක වූ එම දියණිය තම සැමියා අතහැර දමා තම මවගේ නිවසට පැමිණ ඇත්තේ මීට මාස කීපයකට පෙරය. මනා රූ සපුවකින්  හෙබි ඇය විළිබිය අඩු, කටකාර, තම රූ සපුව පිළිබඳව ආඩම්බරයෙන් පසු වූ කතකි.
එමෙන්ම තම රූ සපුව හැඩවැඩ කරගැනීම සඳහා තම මවගේ ආදායමෙන් වැඩි කොටසක් වියදම් කිරීමත් පුරුද්දක් කරගෙන තිබුණි. මේ කාරණය මවට විශාල කරදරයක් වුවත් ඉවසා සිටියේ කැමැත්තකින් නොවෙයි. එමෙන්ම ගමේ සල්ලාල තරුණයන් තම දියණියට ඇල්ම බැල්ම දැමීමත් ඉමහත් හිසරදයක් වී තිබුණි.
මෙසේ කාලය ගෙවී යන අතරතුර එම දියණිය තරමක උන්මාද ගතියකින් කටයුතු කරන බවක් හැඟී ගිය නිසා ගමේ වැඩිහිටි කාන්තාවකට මේ බව පවසා ඇත. ඇය ගත් කටටම කියා ඇත්තේ ඔය කළුකුමාර දිෂ්ටිය වැහිලා තියෙන්නේ ඉක්මනින්ම ශාන්ති කර්මයක් කළ යුතු බවයි. නැත්නම් ලොකු විනාශයක් වෙන්නත් පුළුවන් බවත්ය. මෙයින් බියට පත්වූ මව මේ සඳහා හොඳ කට්ටඩියකු සොයා දෙන ලෙස එම වැඩිහිටි කතට පවසා ඇත.
ඒ අනුව ටික දිනකින් ඇදුරෙකු එම නිවසට පැමිණ රෝගී කාන්තාව පරීක්ෂා කර බලා මේ ළමයට කළු කුමාර දිෂ්ටිය වැටිලා තියෙන්නේ දැන්නම් හොඳටම පරක්කුවෙලා වගෙයි පේන්නේ. මේක අයින් කරන්නනම්, දින හතක්ම තෙල් මතුරන්නත් වෙනවා යැයි කියා ඇත.


මනා කඩවසම් පෙනුමකින් යුතු එම ඇදුරා රෝගී කාන්තාවගේ රූ සපුව දුටු විගසම ඇය පිළිබඳව අදහසක් හට ගත්තත් ඒ බව නොහඟවා අම්මේ, මේ දැරිවිය මං සනීප කර දෙන්නම්, මට ගාස්තුවක් එපා යැයි කියා ඇත.
ඇදුරාගේ එම වදනෙන් බොහෝ ප්‍රීතියට පත් වූ එම මව එහෙනම් පුතේ, කල් තියන්න ඕන නැහැ. අද හෙටම වැඩේ කරන්න අවශ්‍ය අඩුමකුඩුම ටික මට කියන්න. මං ඒවා හොයල දෙන්නම් කියා කීවේ ඒකටවත් තමන් සන්තකයේ මුදල් නොමැති බව දැනගෙනය. එවිට ඇදුරා කියා ඇත්තේ අම්මා කරදර වෙන්න එපා මං ඒ ටිකත් හොයා ගෙන හෙට එන්නම් කියා පිටත් වී ඇත.


ඒ අනුව ශාන්ති කර්මය පටන් ගෙන ඇති අතර අම්මේ ටිකක් එළියට වෙලා ඉන්න මේ ශාන්ති කර්මය කාටවත් පේන්න හොඳ නැහැ. වෙන කවුරුහරි කාන්තාවක් මේක බලන් හිටියොත් කළුකුමාරයා ඒ කෙනාට වැහෙනවා කියනවාත් සමඟ බියට පත්වී එම මව එහෙනම් මං දොරත් වහලම යන්නම් කියා එම ස්ථානයෙන් පිටත් වී ඇත.
 ඇදුරා ටික වේලාවක් තෙල් මතුරමින් අමුතු ස්පර්ශයක් කිරීමට පටන් ගෙන තිබේ. මෙයින් කුල්මත් වූ එම කාන්තාව මහහයියෙන් සිනාසී මට ඇති අසනීපයක් නැහැ. මං ඔහේ ගැන අහල තිබුණා. මට දැන් ඔහේ නැතිව ඉන්න බැහැ. අපි දෙන්නා අද රෑට මෙහෙන් යමු කියා ඇදුරා සමඟ එදිනම පිටත් වී ඇත.
  කාමරයෙන් කිසිම සද්දයක් බද්දයක් නොමැති නිසා ටිකක් විපරම් කර බැලූවිට, ඇදුරාත් තම දියණියත් එහි නැති බව දැනගත් එම මව බොහෝ සතුටට පත්වී ඒ උරචක්‍ර මාලයෙන් මං නිදහස් වුණා. තව ටික කාලයක් හිටියනම් කොල්ලො ඇවිත් මගේ බෙල්ලත් පාගාවි යැයි  අසල්වාසීන්ට කියා ඇත.
 අසල්වාසිනුත් ඇයගේ කල්කිරියාව හොඳටම දැන සිටියත් ඒ බව නොහඟවා ඇත්තේ දියණියක පිළිබඳව අම්ම කෙනකුට ඒ වගේ දෙයක් කියන එක හොඳ නැති නිසාය. මවගේ එම කතාවෙන් පසු  ඔවුන් කියා ඇත්තේ නැන්දා වගේම අපිත් ඕකි මේ ගමෙන් ගිය එකට කැමතියි කියාය.

මුලටියන එස්. බාලසූරිය

 



අදහස් (0)

කළු කුමාරයා පන්නන්න ඇවිත් දුවත් අරන් මාරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 341 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16555 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 625 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site