(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මහ රෑ බස් රථයෙන් බැස්ස තමා පසු පස අයියේ ටිකක් නවතින්න නවතින්න කියමින් තට්ට හිසක් ඇති අයකු දිව එනු දැකීමෙන් මේ එන්නේ කළු කුමාරයා යයි බියවී අලි ගැටලුවකට මුහුණ දුන්නු කෙනෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
කොළඹ සිට මාතර බලා ධාවනය වූ බස් රථයකි. ගමනාන්තයට බස් රථය ළංවෙමින් තිබිණ. යක්කු ගස් නගින හැන්දෑවට ආසන්න වෙලාවය. ප්‍රධාන මාර්ගයෙන් පැමිණි බස් රථය වැලිගම හන්දියෙන් ගොඩ දෙසට හැරවූයේ වැලිගම බස් නැවතුම් පොළට යාමටය. ඒ නිසාම වැලිගම බස් පොළෙන් බැසීමට සිටි බොහෝ දෙනා බස් රථයේ පාපුවරුවටම බැස සිටියෝය.
ප්‍රධාන මාර්ගයෙන් පැමිණි බස් රථය වැලිගම හන්දියෙන් හැරවීම සඳහා ගමන් වේගය බාල කළේය. එහි පාපුවරුවේ සිටි කෙනෙකුට බස් රථයෙන් පැන ගැනීමට එම වේගය හොඳටම ප්‍රමාණවත්ය. අපේ කතා නායකයාට සිය නිවෙසට යාමට වැලිගම බස් නැවතුමෙන් බසිනවාට වඩා වැලිගම හන්දියෙන් බැසීම හොඳටම ලෙහෙසිය. පහසුය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් වැලිගම බස් නැවතුමෙන් බැසීමට පාපුවරුවේ සිටි ඔහු දනිපනිගා බස් රථයෙන් බිමට පැන ගත්තේය.
තමා දමා ඉදිරියට ගිය බස් රථය බ්‍රාස් ගා හදිසියේම තිරිංග තද කරනු ඔහුට ඇසුණේය. ඒ එක්කම තට්ට හිසක් ඇති අයෙකු අයියේ ටිකක් නවතින්න නවතින්න කියමින් ඔහු පසු පස එනු ඔහු දුටුවේය. මහ රෑ තමා පසු පස මේ එන්නේ කළු කුමාරයා යයි ඔහුගේ ළාමක සිතට බිය ගෙන දුන්නේය. ඔහුට දුවන්නටද සිත් විය. කෝකටත් මුහුණ දෙන්නේ යයි කියමින් ඔහු ටිකක් නැවතුණේය. අනේ අයියේ හරි වැඩේනේ වුණේ බස් එකෙන් බහිද්දී මගේ බොරු කොණ්ඩේ ඔයාගේ අතේ පැටලිලා ආවා. බස් රථයෙන් බසිද්දී තමාගේ අතක් පාපුවරුවේ සිටි කෙනෙකුගේ හිසේ වැදුණු බව ඔහුට යාන්තම් මතකයට ආවේ එවිටය.
ඔහු සිය දෙඅත් හොඳින් නිරීක්ෂණය කළ ද බොරු කොණ්ඩයක් එහි නොවීය. පසුව බසයෙන් බැස ඔහු ආ මග ජංගම දුරකතනවල ආලෝකයෙන් පරීක්ෂා කිරීමේ දී බිම වැටී තිබූ බොරු කොණ්ඩය අහුලා ගත්තේය.
බොරු කොණ්ඩය අහුලාගත් අය බස් රථයට ගොඩවදින විට එහි සිටි සෑමදෙනාටම බස් රථය හදිසියේම තිරිංග තද කළ කාරණය හෙළිවිය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කළු කුමාරයා කොණ්ඩෙ හොයාගෙන ඇවිල්ලා