IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කුස්සි අම්මාගේ සූත්තරය කුණු ට්‍රැක්ටරෙන් අහුවෙලා

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කුණු ට්‍රැක්ටරේ වැඩ කරන සේවකයකුත් සමග එකතුවී කුස්සියට අපූරු සුද්ධයක් දුන් අපූරු කුස්සි අම්මා කෙනකු පිළිබඳව පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


සමාගම් ලොක්කෙකි. එමෙන්ම ව්‍යාපාර රැසකම හිමිකරුවෙකි. 


කුස්සි අම්මා කුස්සියට ඇණවුම් කරන නොපිසූ ආහාරපාන ඔහු නොමසුරුව ගෙනවිත් දෙන්නේ මිල මුදල්වල වගේ වගක් නැතිවය. කුස්සියට සපයනුයේ හොඳම නොපිසූ කෑම බීම ජාතිය. මිල මුදලින් ඉහළ ඒවාය. සතියකට දෙකකට අවශ්‍ය නොපිසූ ආහාර පාන ඔහු කුස්සියට ලබා දුන්නේය.


මෑතක සිට තමන් කුස්සියට ලබාදෙන නොපිසූ අාහාර පාන ඉක්මනින්ම ඉවරවෙන බව ඔහුට දැනුණේය. කුස්සි අම්මා ද එක ළඟ එක ළඟ කුස්සියට අවශ්‍ය කරන නොපිසූ කෑම ජාති ඇණවුම් කිරීම ඔහුගේ සැකයට තවත් හේතුවක් විය. කුස්සි අම්මා ගැන හොඳ විපරමෙන් සිටියත් ඇය කුස්සියේ තිබෙන භාණ්ඩ සොරකම් කරන බවක් ඔහුට දක්නට නොලැබුණේය.


උදේ කුණු ට්‍රැක්ටරය ගේට්ටුව ළඟටවිත් නළාව හැඩීය. ඒත් සමඟම කලබල වූ කුස්සි අම්මා කුස්සියේ භාවිතයෙන් ඉවතලන දෑ දමන කළු පාට බෑගය රැගෙන කුස්සියේ සිට කුණු ට්‍රැක්ටරය වෙත දිව ගියාය. එසේ දිව යන අතරේ ඇයගේ පය ලිස්සා ඔහු ඉදිරියේ බිම ඇද වැටුණේ කැළි කසළ බෑගය ද බිම පතිත වෙමිනි.


බිම වැටී පැලී ගිය කැළි කසළ බෑගයෙන් නොකැඩූ කිලෝග්‍රෑම් පහේ වටිනා බාස්මතී සහල් කොට්ටයක් පැන්නේය. කාරණය පැහැදිලිය. මෙතෙක් කලක් තමාට සොයා ගැනීමට නොහැකිවූ කුස්සියේ සොරකම අතේ මාට්ටු විය. කුස්සි අම්මා සමග තමාගේ කුස්සියට සුද්ධයක් දී ඇත්තේ කුණු ට්‍රැක්ටරේ වැඩකරන කුණු සේවකයකු සමග බව ඔහු අනාවරණය කර ගත්තේය. ඒ සමගම කුස්සි අම්මා රැකියාවෙන් පහ කිරීමට ඔහු පියවර ගත්තාලු‍.  

 



අදහස් (0)

කුස්සි අම්මාගේ සූත්තරය කුණු ට්‍රැක්ටරෙන් අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site