IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෙසෙල් හොරාට අපූරු දඬුවමක්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
කඨින දානයට ඉදවමින් තිබූ කෙහෙල් කැන්වලට සුද්දයක් දීමට ගිය තරුණයකුට ලැබුණු අපූරු දඩුවමක් නිසා ඔහු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ගෙවත්තේ වැටී තිබූ කෙසෙල් කැන් දෙක තුන සිය විහාරස්ථානයේ කඨින දානමය පින්කමට දීමට ඔහුට තිබුණේ නොතිත් ආශාවකි. දැඩි කැමැත්තකි. කඨින දානය සදහා එම කෙසෙල් කැන් ටික ඔහු පරිස්සම් කළේ දරුවකු රැක බලා ගන්නාක් මෙනි. නිවස ආසන්නයේම තිබූ මේ කෙහෙල් කැන් හොරෙන් කැපීමට කවුරුවත්ම ඒවීයැයි ඔහු සිහිනෙකින්වත් නොසිතුවේය.  එහෙත්  එදා රෑ කෙසෙල් කැන් වැටී තිබූ පැත්තෙන් තරුණයකුගේ මර ලතෝනියක් ඇසුණේය. ඒ සමගම ක්‍රියාත්මක වූ ඔහු විදුලි පන්දමක් දල්වා ගෙන ඒ පැත්තට දිව ගියේය.


කටින් සෙම බේරෙමින් සිහි මූර්ජාවී තරුණයකු එක පැත්තක බිමය. ඔහු ආසන්නයේම පිහියක් අනෙක් පැත්තේ බිමය. කරන්න ආ දේ තේරුම් ගියේය. අහල පහල කිහිපදෙනකුගේ ද සහයෝගයෙන් තරුණයා රෝහල් ගත කෙරුණේ තවදුරටත් එතන සිටියහොත් ඔහු මිය යනු නිසැක බව දැනීමෙනි.
රෝහලේදී ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් කීවේ ඉතා විෂ සහිත සර්පයකු දෂ්ට කර ඇති බවත් ඔහුගේ ජීවිතය බේරාදීමට ලොකු උත්සාහයක් දැරීමට සිදුවන බවත්ය.

 



අදහස් (1)

කෙසෙල් හොරාට අපූරු දඬුවමක්

Anjana Wednesday, 22 November 2023 11:15 PM

කඨිනයක් වෙනුවෙන් යමක් දෙනවා කියන්නේ මහත්ඵල මහානිසංස තියෙන පිංකමක්. ඒකට එරෙහි වන්නන්ට ස්වභාව ධර්මයෙන් දෙන දඬුවමක් තමයි මේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site