IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කෙසෙල් කැන් සොරුන්ට වස් කවි කී පහන් පැලත් හොරු ගෙනිහින්

තමන් විසින් සිටුවන ලද කෙසෙල් ගස්වල හටගත් කැන් දෙකක් කපාගෙන ගිය සොරුන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා වස්කවි කියවූ පුද්ගලයකුගේ පහන් පැලද හොරු ගෙනගිය පුවතක් දකුණු පළාතේ ගිං ගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.

ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගිංගඟ අසබඩ සිය නිවස ඉදිකර ගත් විශ්‍රාමිකයකු වන අපේ කතානායකයා නිවස ඉදිරිපිට රක්ෂිත භූමියේ ආහාර භෝග ටිකක් වගා කරගෙන සිය ආහාර වේලට එකතු කර ගත්තේය.
නිවසට පැමිණි ඔහුගේ මිතුරෙකු කීවේ, එම ඉඩම කෙසෙල් වගාවට යෝග්‍ය බැවින් හොඳ කෙසෙල් වගාවක් දාගත්තොත් හොඳ  ආදායමක් ද ලබාගත හැකි බවය.

මිතුරාගේ උපදෙස් පිළිගත් ඔහු එම භූමියේ කෙසෙල් සිටුවීමට කටයුතු කළේය. ඒ සඳහා ඔහු කෝලිකුට්ටු හා ඇම්බුන් තෝරා ගත්තේ ඒවා මිල වැඩි කෙසෙල් වර්ග වූ බැවිනි. සිය නිවසේ එකතුවන කොළරොඩු හා මුළුතැන්ගෙයි අප ද්‍රව්‍ය ද මෙම කෙසෙල් ගස් මුලට ගෙනැවිත් දැමීම නිසා වගාව ද සරුවට වැඩෙන්නට විය.  

නියමිත කාලයේ දී කෙසෙල් වගාවේ කැන් වැටෙන්නට වූ අතර ඔහු ඒවාට පොහොර බෑග් බස්සවා වඳුරන්ගෙන් ද ආරක්ෂා කරගෙන සිටියේය.

එහෙත්, කිසියම් දිනෙක උදෑසන ඔහුට දැක ගන්නට ලැබුණේ කෝලිකුට්ටු කැන් දෙකක් කවුරුන් හෝ කපාගෙන ගොස් ඇති බවයි. වගාවේ පළමු අස්වැන්නම හොරු ගෙනයාම නිසා මහත් සංවේගයට පත් ඔහු හොරාට හොඳ පාඩමක් ඉගැන්වීමට ඉටා ගත්තේය. සිය නිවස ආසන්නයේම පුද්ගලයකු ඔහුගේ සැකයට භාජනය වී සිටි අතර කෙසේ හෝ හොරා අල්ලා ගන්නා බව ද කියමින් නිවැසියන් හා අසල්වැසියන් සමග පාරම්බාන්නට ද විය.

ප්‍රදේශයේ ජනප්‍රිය වස්කවි ලියන්නෙකු සොයා ගිය මොහු සිද්ධිය සැලකර විශාල මුදලක් ද ගෙවා හොඳ වස්කවියක් ලියවාගෙන ආවේය. කැපූ කෙසෙල් කැන් දෙක තිබුණු ස්ථානයේම පහන් පැලක් තනවා දින තුනක්ම වස්කවි කියවීම ඔහුගේ අරමුණ විය. ඒ සඳහා ප්‍රදේශයේ ශාන්ති කර්මාදිය කරන පුද්ගලයකු ද කැඳවා ගත්තේ ඔහුට ද දින තුනටම මුදල් ගෙවන පොරොන්දුවටය.

වස්කවි ගායනයට පැමිණි පුද්ගලයා ගොක් කොළවලින් අලංකාර මල්පැලක් තනවා ඒ මත පාට මල් වර්ග 7ක් තබා පහන් දල්වා දුම් අල්ලා රාත්‍රී 7.00ට පමණ වස්කවි ගායනය පටන් ගත්තේය. ගෙහිමියාගේ ඉල්ලීම පරිදි මහත් හඩින් වස්කවි ගායනා කළ අතර එහි තිබුණු ඇතැම් වැකි අසා සිටින අයගේ ඇගේ හී ගඩු පිපෙන තරමේ තේරුම් සහිත  වාක්‍ය විය. එම වස්කවි ඇසෙන විට දින තුනක් ඉක්මයාමට පෙර හොරා එම ස්ථානයටම පැමිණෙන බව ඔහුගේ විශ්වාසය විය.

පසුදා උදෑසන කෙසෙල් වගා භූමියට ගිය ඔහුට දැක ගන්නට ලැබුණේ පෙරදා වස්කවි කියවීම සඳහා තනවා තිබූ පහන් පැල ද රාත්‍රී කාලයේ කවුරුන් විසින් හෝ ගලවාගෙන ගොස් ඇති බවයි.

සිද්ධිය ප්‍රදේශය පුරා පැතිරී ගිය අතර මහ මඟදී හමුවන කොල්ලො කුරුට්ටෝ ‘‘කොහොමද මාමේ වස්කවිය?’’ කියා සමච්චල් කිරීම නිසා ඔහු මේ දිනවල නිවසින් පිටවී ඥාති නිවසක රැඳී සිටින බව  ආරංචිය!  

  • පෝද්දල සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

කෙසෙල් කැන් සොරුන්ට වස් කවි කී පහන් පැලත් හොරු ගෙනිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site