හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
එය කන්ද උඩරක සශ්‍රීක කෘෂිකාර්මික ගම්මානයකි. මෙම ගම්මානයේ වී වගාවට අමතරව අතුරු බෝගද වගා කරනු ලබයි. ඒ අතර එක් ගොවි මහතෙකු විසින් කුඹුරේ කමතට කිට්ටුව වගා කර තිබූ ඇම්බුන් කෙසෙල් පඳුරේ විශාල ප්‍රමාණයේ ඇම්බුන් කෙසෙල් කැනක් වැටී තිබූ අතර එය පැසී කැපීමට ඔන්න මෙන්න තත්වයෙන් තිබිණ. එම ඉඩම හිමිකරු නිරන්තරයෙන් මෙම කෙසෙල් කැන දෙස ඇස යොමා ගෙන සිටියේය. මෙම කෙසෙල් කැන අවම වශයෙන් රුපියල් 4000 කට වඩා වටිනා බව ඉඩම් හිමියා නිතර කීවේය.
පසුගිය දිනෙක අලුයම නැගිට ඔහු සිය කුඹුර පැත්තේ ගමන් කරද්දී කෙසෙල් පඳුර තිබු තැන යම් විශේෂ එළියක් දක්නට ලැබී ඔහු ඒ ගැන විපරම්කර බැලුවේය. දෙයියෝ සාක්කි ඔහුට ඉබේටම කියවිණ. කපන්න ඔන්න මෙන්න කියා තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ අලුතින් කෙසෙල් මුවක් හට ගෙන තිබෙනු ඔහු දුටුවේය. මේ ගැන විස්මයට පත් වූ ඔහු වහාම එම කෙසෙල් මුව පරීක්ෂා කර බැලීය.
සිදුව ඇති වින්නහිය ඔහුට අවබෝධ වී ඇත්තේ එවිටය. මෙම වටිනා කෙසෙල් කැන රාත්‍රි කාලයේ සොරෙකු විසින් කපා ගෙන එහි කෙසෙල් කැනේ මුල් කොටසේ එහි කෙසෙල්
මුවක් සවිකර ඇති බව ඔහුට අවබෝධ විය
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
ගුණරත්න Tuesday, 26 November 2024 09:44 PM
ආණ්ඩු මාරු කළාට මිනිස්සුන්ගේ හොර ගති වෙනසක් වෙන්නේ නැහැ.