IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කසිප්පු පොළට ආ පොලිසියෙන් බේරෙන්න පොල්ගහකට නැඟ වෙරිත් හිඳිලා

රයිගම්පුර ගමකි. ගමේ වෙල් යායක් ආසන්නයේ පවත්වාගෙන යන කසිප්පුපොළක් පිළිබඳ තොරතුරු ලැබී පොලිසිය එය වටලන්නට විය. පොලිසිය දුටු පිරිස සහ කසිප්පු මුදලාලි පැන දිවූහ. මේ අතරේ කසිප්පු බීමට පැමිණ සිටි පොල් කඩන්නෙක් ද විය. නිතරම වළල්ල ළඟ තබා ගන්නා ඔහු දුව ගොස් අසල තිබූ පොල් ගසකට නැග්ගේය. පැන දිවූ අනෙක් අය පොලිසිය විසින් කොටු කර ගැනිණි. පොල් කඩන්නා ගසේ සිටින බව පොලිසිය දැක්කේ නැත. දැක්කත් ප‍්‍රශ්නයක් නැත.  පොලිසිය ගිය පසු ගහෙන් බිමට බැස රස්සාවට පොල් කැඩූ නිසා අද මං අනූ නමයෙන් බේරුණා” කියමින් යන්නට ගියේ වෙරිත් හිඳුණා යැයි කියමිනි.



අදහස් (0)

කසිප්පු පොළට ආ පොලිසියෙන් බේරෙන්න පොල්ගහකට නැඟ වෙරිත් හිඳිලා

ද සිල්වා Tuesday, 31 July 2012 01:15 PM

අද පත්තරවල නිතරම තියෙන්නෙ මිනිසුන්ගෙ හිත් පෑරවෙන පුවත්නෙ.. ඒ නිසා අතරින් පතරවත් මෙවැනි ‍හාස්‍ය ජනක දෙයක්...(නු)

:       0       0

බණ්ඩාර Tuesday, 31 July 2012 01:53 PM

පොල්ගසකට නැග මිනිසෙක් පොලිසියෙන් බේරෙයි... දෙයියෝ සාක්කි.. මටනම් විශ්වාස කරන්න බැහැ...!!(නු)

:       0       0

රුවන් ගමරාළගේ Tuesday, 31 July 2012 02:19 PM

මේ පුවත් හරි බොළදයිනෙ. මීට වඩා හොදයි කාටුන් දැම්මනං..(නු)

:       0       0

අකිල Tuesday, 31 July 2012 02:25 PM

දීප්තගේ බැනුම් ගනං ගන්න එපා.. !!(නු)

:       0       0

රුවන් Thursday, 02 August 2012 08:52 PM

මොළේ බලේ තමයි. (නි)

:       0       0

දයා සෞදි Tuesday, 31 July 2012 03:08 PM

මේක හොද හාස්‍ය ජනක පුවතක්.. හරසුන් අදහස් නොදමනවානම් වඩාත් හොදයි.. සමහරුන්ට මේක විශ්වාස කරන්නත් බැහැ කියනවා.. ඕනතරම් මාධ්‍යයට හෙලි නොවූ මෙවැනි පුවත් ලංකාවෙ තියෙනවා... (නු)

:       0       0

මධුර Wednesday, 01 August 2012 10:12 AM

නියම රස්සාවක් නේද? (නි)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 31 July 2012 04:02 PM

ගමේ පැරණි මතකයක් සිහියට එන අපූරු කතාවක් ඉතා හොඳින් ඉතා කෙටියෙන් කතාව ගොඩ නඟලා තියෙනවා මේ ලේඛිකාවට හොඳ වාසනාවන්ත අනාගතයක් ලකුණු තියෙනවා නමත් ලස්සනයි... මල්රුක්ෂි(වි)

:       0       0

සංක Tuesday, 31 July 2012 04:21 PM

දයාගේ කතාවට මන් එකගයි. ඇයි කතාව බොළදයි කියන්නේ?(නු)

:       0       0

මහී Thursday, 02 August 2012 11:52 PM

පොලිසිය ගිය පසු ගහෙන් බිමට බැස කසිප්පු බීමට යන්නට ගියේ වෙරිත් හිඳුණා යැයි කියමිනි. (නි)

:       0       0

තෙවුනි Friday, 17 August 2012 02:23 PM

දැන්වත් තේරෙන්නේ නැද්ද බිවුවහම වෙරි කියන්නේ බොරුවට කියලා? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 July 2012 06:57 PM

ගස් නගින්න පොලිසියෙන් අහන්න ඕනැයැ..!!(නු)

:       0       0

සරත් Tuesday, 31 July 2012 11:32 AM

මොලේ හොද නැද්ද කොහෙද (දී)

:       0       0

හංස Tuesday, 31 July 2012 11:33 AM

කව්ද මේක ලංකාදීපයට කිව්වේ ??? (දී)

:       0       0

මලී Wednesday, 01 August 2012 01:12 PM

පොලිසියෙන් අහන්න ඕනැ නැහැ. බේරුනේණේ ගහට නැගලනේ. :) (නි)

:       0       0

දීප්ත Tuesday, 31 July 2012 11:43 AM

@හංස ලංකාදීප කියන්නේ රට පුරාම විහිදෙච්ච මහා ජාලයක්. ලංකාදීපෙට හොරෙන් වතුර උගුරක් බොන්න බැහැ (දී)

:       0       0

ශානක පුබුදු Tuesday, 31 July 2012 08:28 PM

අපරාදෙනෙ බිව්වෙ...!!(නු)

:       0       0

ෆාරු Tuesday, 31 July 2012 12:35 PM

අනේ ලංකාදීප.. මේගොල්ලන්ගෙ බැනුම් ගනන් ගන්න එපා..!! (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1057 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site