IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කෙස් ගස් දෙකකට විසිදාහක් වියදම් කරලා

මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ
මීගහතැන්න ලිහිනියාව ප්‍රදේශයට ආසන්න දුෂ්කර  ප්‍රදේශයක එක්තරා කාන්තාවක මුහුණ දුන් සිදුවීමකි.
 ඇය මැදිවියට ආසන්න වයසේ පසුවන්නියකි. මතුගම නගරයේ තරමක් ප්‍රසිද්ධ උත්සව ශාලාවක පවත්වන හිතවතකුගේ මංගල උත්සවයක් සඳහා ඇයට ද ආරාධනා ලැබී තිබිණි.
දිගු කාලයකින් ලොකු මඟුල් උත්සවයකට සහභාගීවීමට ලැබුණු අවස්ථාව ගැන ඇය පසු වූයේ ඉමහත් ප්‍රීතියකිනි. කල් තියාම අවශ්‍ය ඇඳුම් ආයිත්තම් මිල දී ගත් ඇයට උත්සවය පැවැත්වෙන දිනය පැමිණෙන තුරු ඉවසුම් නැතිවිය. ඒ නිසාම නිතර නිතර සිය සමීපතමයන් සමග ද මඟුලට යන විදිය ගැන අනේක වාරයක් කතාබහ කළාය.


කෙමෙන් කෙමෙන් දිනය ළංවෙද්දී තම රූ සපුව වැඩි වැඩියෙන් ඔප්නංවා ගැනීම ගැන ද ඕ කල්පනා කළාය. ඒ අනුව තම හොඳම මිතුරියගෙන් සුදුසු රූපාලාවණ්‍යාගාරයක් ගැනද අසා දැන ගත්තාය. 
එය නගරයේ පිහිටි ඉස්තරම් එකක් වූ අතර අය කිරීම් ද ඒ තරමටම විය. මඟුල් උත්සවය නිසා දවසට කීප සැරයක් කැඩපත ඉදිරියේ පෙනී සිටින්නට ද ඇය අමතක නොකළාය. එසේ උත්සවය දිනට පෙරදින වඩාත් විමසිලිමත් වීමේ දී තම හිස කෙස් දෙකක් සුදුපැහැ ගැන්වී තිබෙනු දුටු ඇයගේ ප්‍රබෝධවත් මුහුණ කජු ලෙල්ලක් සේ හැකිළී ගියේය. 
වහාම සිය යෙහෙළියට දුරකතන ඇමතුමක් දී පාර අසා නගරයේ රූපලාවණ්‍යාගාරයට ගියාය.
විසඳුම එහි ඇත. සුපිරිම කේශාවර්ණ ගැන්වීම කිරීමට ගාස්තුව රුපියල් 5000 කි. මුදල් ගෙවා සිතැඟි පරිදි කාර්ය කරගෙන නිවෙසට පැමිණි විගස ඇය වහා ගියේ කැඩපත ඉදිරියටය. කිව්වා වගේම කේශාවර්ණය ඉස්තරම් විදියට තිබෙනු දුටු ඇයගේ මුවගට ආඩම්බරකාර හිනාවක් ද පහළ විය.


ටික වේලාවක් නිවෙසේ වැඩපළ කරමින් සිටි ඇයට තම හිස කකියන ස්වරූපයක් දැනිණ. ක්‍රම ක්‍රමයෙන් එය අසාමාන්‍ය ලෙස වැඩිවී සිරුර පුරා දහදිය වැගිරෙන්නට විය. මුළුතැන්ගෙයි සිටි ඇය එකවරම අප්‍රාණිකව බිම ඇද වැටුණත් ඒ අවස්ථාවේ නිවෙසේ ද වෙනත් කිසිවෙක් නොවීය. ඒ නිසාම ඉතාමත් අපහසුවෙන් නිවෙසේ සාලය වෙත බිම දිගේ ඇදී ගොස් දුරකතනය ගෙන සැමියාට ඇමතුමක් දුන්නා පමණක් ඇයට මතකය.
සිහිසුන් වූ ඇය පැය ගණනාවකට පසු ප්‍රකෘති තත්ත්වයට පත් වීයේ රෝහලේදීය. වෛද්‍ය නිර්දේශය අනුව ඇයට පසුදින වනතුරු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගතයුතු විය. 
පසුදා සවස රෝහලෙන් පිටව යා හැකි බව පැවසූ වෛද්‍යවරයා ඇය වෙත පැමිණ කාරුණිකව ඔය අම්මගෙ සුදු කෙස්ගස් දෙක තියෙද්දී මඟුල් ගෙදර ගියානම් අම්මා මඟුල් ගෙදර අය එළවා දානවාදැයි අසද්දී ඇයට ඇති වූයේ තමා ගැනම මහත් ලැජ්ජාවකි. 
මේ අතර මඟුල් උත්සවයට සහභාගී වී ආපසු යන ගමන් ඇයගේ යෙහෙළියන් හා නෑදෑයන්  කීපදෙනකු ද රෝහලට පැමිණි අතර ඔවුන් සමග නිවෙස බලා යෑමට සූදානම් වනවිටත් ඇයගේ හදිසි වෛද්‍ය පරීක්ෂණ සඳහා සැමියාගෙන් රුපියල් 20,000 ක් පමණ වැය වූ බව ඇයට දැනගන්නට ලැබුණි.



අදහස් (1)

කෙස් ගස් දෙකකට විසිදාහක් වියදම් කරලා

vernon Friday, 15 September 2023 03:05 PM

ඇයි මේ සැලෝන් එකේ පාවිච්චි කරපු රසායනයේ බලපෑම ගැන කියන්නේ නැතිව බෙහෙත් ගන්න ගිය බිලක් ගැන දාන්නේ? ඇයි මිනිස්සු කොන්ඩේ කළු කරලා ඉන්න හොඳ නැද්ද?

:       2       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site