අලුත් අවුරුද්දට කාර්යාලයට රැගෙන ගිය කැවිලි පාර්සලය වැරැදී ලැජ්ජාවට පත් වූ සේවකයකු පිළිබඳව සබරගමුව පළාතේ ගමකින් අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය,
ඔහු එම කාර්යාලයේ ඉහළ නිලයක් දරන නිලධාරියෙකි. ඔහු ඉතා කාර්යබහුල පුද්ගලයකු වන අතර එහෙත් අතපසුවීම් නම් සිදුවන්නේ කලාතුරකිනි. ඔහුගේ බිරිය ද රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරන අතර ඇයත් අවිවේකී ජීවිතයක් ගත කරති. ඔහු සේවය කරන කාර්යාලයේ සෙසු සහෝදර සේවක සේවිකාවන් වෙත ඔහු ඉතා හොඳින් සලකන අතර ඔවුන්ගේ සැප දුක් සොයා බැලීම ද, එමෙන්ම ගෙදර උත්සවයක දී කැවිලි පෙවිලි කාර්යාලයේ සෙසු සේවකයන්ට රැගෙන ඒම ඔහු සිරිතක් කරගෙන සිටියේය. අලුත් අවුරුද්ද අවසන් වී රැකීරක්ෂා සඳහා පිටත්ව යාමට නියමිත දිනයේ දී ඔහු සිය බිරිය අමතා පවසා ඇත්තේ කාර්යාලයේ මිතුරන්ට රැගෙන යාමට අලුත් අවුරුදු සඳහා සෑදූ කැවිලි පෙවිලි පාර්සල් කර ලබා දෙන ලෙසය.
බිරිය ද ඔහු කියූ පරිද්දෙන් කැවිලි පෙවිලි පාර්සල් කර ඇය වැඩ කරන ආයතන විසින් ලබා දුන් බෑග් එකක දමා ඔහුගේ වාහනයට දමා ඇත. දෙදෙනාම රැකියාව සඳහා යන්නේ එකම වාහනයකින් බැවින් සිය බිරිය ද රැගෙන පිටත්ව ගිය ඔහු ඇය ඇයගේ සේවා ස්ථානයෙන් බස්සවා පිටත්ව ගොස් ඇත.
එහෙත් වැරදීමකින් ඇය රැගෙන ගොස් ඇත්තේ සිය සැමියාගේ කාර්යාලයේ සේවකයන්ට පාර්සල් කර දුන් කැවිලි පෙවිලි බෑගය ද රැගෙනය. මේ අතර සිය සේවා ස්ථානයට ගිය ඔහු බිරිය විසින් පාර්සල් කර දුන් කැවිලි පෙවිලි යයි සිතා බිරියගේ පාර්සලය රැගෙන කාර්යාල වෙත ගොස් තිබේ.
කැවිලි පාර්සලය මිතුරන්ට ලබා දුන් ඔහු එය බෙදාගෙන කන ලෙස පවසා ඔහු සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. සිය ඉහළ නිලධාරියා ගෙනා කැවිලි පාර්සලය දිග හැර බැලු සේවකයන්ට සිනහව වළක්වා ගත නොහැකිව තිබේ.
එම පාර්සලයේ තිබී ඇත්තේ එම නිලධාරියාගේ බිරිය රාජ්‍ය නොවන සංවිධාන හරහා ලබාදෙන උපත් පාලන කොපු රැසකි. කාර්යාල සේවකයන් හා සේවිකාවන් ඔහු අසලට ගොස් පාර්සලය පෙන්වා” සිනාසෙමින් අසද්දී ඔහුට දෙවියන් සිහි වී තිබේ . සිය බිරියට දුරකතන ඇමතුමක් ගත් ඔහු කාරණය ගැන විමසද්දී ඇය සමාව අයැදිමින් පවසා ඇත්තේ එය පාර්සල් මාරුවීමෙන් සිදු වූ අත්වැරැදීමක් බවය .
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැවිලි පාර්සලය මාරුවී කන්තෝරු ලොක්කාට දෙලෝ රත්වෙලා