IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි 


අම්මා මාළු ගෙනාවා  කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව  සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර්තා විය.
ඇති හැකි යමක් කමක් ඇති පවුලකි. පියාගේ ඇවෑමෙන් ගෙදර කටයුතු භාර වී ඇත්තේ එකම පුතුටය. දෙදරු පියකුද වන මේ පුතා කුණු ලෝභයකු බව ප්‍රකට කතාවකි.
ඉකුත් දිනක මේ පුත්‍රයා ගමේ වෙළඳ සලකට ගොස්  මේ ඇත්තට කන්න දෙන්නත් එපායැ. ඔය කුකුළු මස් පන්සීයක් දෙන්නැයි ඉල්ලීය.
එහි වටිනාකම ද කේවල් කර ගෙවීමෙන් අනතුරුව ඔහු නිවස කරා ගියේය.


විනාඩි දහයක් වත් ගත වුණේ නැත. ඔහු හතිලමින් නැවත වෙළඳසලට පැමිණියේ ය.
අනේ මම කුකුළු මස් අරන් යන වෙලාවේ අම්මා මාළු අරගෙන උයනවා. ඒක හින්ද මේක අරගෙන සල්ලි මට ආපහු දෙන්නැයි ඔහු ඉල්ලීය.
වෙළෙඳසල් හිමියා මුදල ඔහු අත තබා යළිත් තම කඩයට නොඑන ලෙසට කාරුණිකව ආයාචනා කිරීමෙන් පසු ඔහු පිටව ගියේ කිසිවක් නොදොඩාමය 

 



අදහස් (0)

කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site