IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කිව්. ආර් කේතය කතකට පුදා ප්‍රා. සභා මන්ත්‍රී කළු කඩේ රිංගලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
කිව්.ආර්. කේතය නොමැතිව ඕනෑම වෙලාවක ඕනෑම ඉන්ධන හලකින් ඕනෑම තෙල් ප්‍රමාණයක් ගහගන්න පුළුවන් යයි වහසි  බස් දොඩමින් තමන් බැල්ම දමන විවාහක කතකට තමාගේ යතුරුපැදියේ කිව්.ආර්. කේත පිටපතේ අනු පිටතක් දී අලි අමාරුවක වැටුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පිළිබඳව කතා බහක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


දේශපාලන හයිය වඩාත් ඇඟට ගත්තේ ප්‍රාදේශීය සභාවට තේරුණු දා සිටය. පාර්ලිමේන්තු මැති ඇමැති කෙනකුටවත් කරන්න බැරි වැඩ කළ හැකි යැයි ඔහු පම්පෝරි ගැසුවේ තම තරම නොදැනය. කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීමේ ක්‍රමය එන්නේ මේ අතර වාරයේය. විවාහකයකු වුවද විවාහක කාන්තාවකට දිෂ්ටිය දමන්නේ කාලයක පටන්ය. එය දැනගත් ඔහු මෝරා කරගෙන ඇය යම් යම් උදව් ගත්තාය.


තමාගේ කිව්.ආර්. කේතයට ලැබෙන තෙල් ටිකෙන් සතියක් හැරෙන්නවත් මදි බව ඔහුට ඇය කියන් නේ මේ මෝරාගෙන් වැඩක් ගන්න පුළුළුන් යයි පුළුල් විශ්වාසයකිනි. එය ඇසූ සැණින් හා ඕක මොකක්ද මට ඕනෑම වේලාවක ඕනෑම ෂෙඩ් එකකින් ඕනෑම ප්‍රමාණයක් තෙල් ගහගන්න පුළුවන් කීවේ තමාගේ සීමාවේ තරමම නොදැනමය. එහි ප්‍රතිඵලය වූවේ ඔහුගේ කිව්.ආර්. කේතයේ පිටපතක් සිය ජංගම දුරකථනයේ කාන්තාවගේ දුරකතනයට යැවීමටය.


ඔහු වහසි බස් දෙඩූවද කිසි ඉන්ධන හලකින්වත් කිව්.ආර්. කේතය නැතිව ඔහුට සිය යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට නොහැකි විය. එහෙත් ඔහු බැල්ම හෙළන කාන්තාව කිසි කරදරයකින් තොරව අවශ්‍ය වේලාවට ඉන්ධන ලබා ගත්තාය.


දුන් කිව්.ආර්. කේතය ඉල්ලීම මහා නෝන්ජල් වැඩක් යයි සිතූ ඔහු සිය යතුරු පැදියට වුවමනා තෙල් ටික ගන්නේ වැඩි මිලටය. ඒ කළුකඩ මුදලාලිගෙන්ය. නැතහොත් හිතවතකුගෙන් ඉල්ලා ගනිමින්ය. ඔහුගේ කිව්.ආර්. කේතය වෙනකෙනකුට දී ඇති බව දැනගත් ඔහුගේ භාර්යාව දෙස් දෙවොල් තියන්නට පටන් ගත්තාය.


භාර්යාව තම සැමියාගේ ජාතික තෙල් බලපත දුන් කෙනා සොයා ගැනීමට වෙර දරමින් සිටින්නේ ඔහුට පාඩමක් ඉගැන්වීමේ අරමුණින්ය.



අදහස් (1)

කිව්. ආර් කේතය කතකට පුදා ප්‍රා. සභා මන්ත්‍රී කළු කඩේ රිංගලා

Sanath Thursday, 25 August 2022 07:26 AM

මම වගේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17838 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site