දූනගහ රෙදි වෙළෙඳසලකට මැසූ කලිසමක් මිල දී ගැනීමට පැමිණි අයකු වෙළෙඳසලේ තරුණියට හොරා කලිසම් දෙකක් යටට ඇඳ වෙළෙඳසලෙන් පිටවී යාමට උත්සාහ කරද්දී අල්ලා පොලිසියට බාරදී ඇත. සිද්ධිය සැකෙවින් මෙසේය. දූනගහ නගරයේ තරුණියක පවත්වාගෙන යන රෙදි වෙළෙඳසලකට කලිසමක් මිලදී ගැනීමට තරුණයෙක් පැමිණියේය. ඔහු කලිසම් තෝර තෝරා බලද්දී තරුණිය ද වෙනත් වැඩවල නියැළුණාය. තරුණයා හිස් අතින් පැමිණි අයකු නිසා ඇය වැඩිපුර ඔහු දෙස නොබැලීය. ඔහු වෙළෙඳසලේ ඇතුළත කාමරයේ ද රෙදි පිරික්සා බලා ගැළපෙන කලිසම් නැත කියමින් පිටවන දොරටුව අසලට පැමිණියේය. ඒ වන විට ඔහුගේ ඉන ප‍්‍රදේශය මහත්ව තිබෙනු දැක තරුණිය අසල පිහිටි වෙළෙඳසල් හිමිකරුවනට මේ බව දැන්වූවාය. ඔවුහු තරුණයා අල්ලා පරීක්ෂා කිරීමේදී ඇඳ සිටි කලිසමට යටින් අලූත් කලිසම් දෙකක් ඇද සිටි අයුරු දැක ගත්හ. ඔවුහු කලිසම් හොරා අල්ලා පොලිසියට බාර කළහ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රස්ද්ද අයත් මේ වගේ හොරකම් කරල ඔය යස අගේට ඉන්නේ...අනේ ඉතින් මේ අහිංසකයා කරහම මොකද .??
මලේ,ඔය වගේ දෙකයි පනහේ හොරකම් වලට දෙන්න ඕනි හත්මුතු පරම්පරාවටම ගොඩ යන්න ගේමක්
කලිසම් දෙකක් ඇන්දේ ලැජ්ජ බය වැඩි කමටනේ ...
ලැජ්ජ නැද්ද ඇදුම් හොරකම් කරන්න ෂී............
මම උස්සලා තියෙන දේවල් වල හැටියට මේක මොකක්ද?
හොරකමේ උනත් ප්‍රමානයක් තියෙනවා ..
තරුණයගේ විතරද ගලවගෙන තියෙන්නේ ?
ඔක්කොම ගලව ගත්තනම් හරි.....
මීට කලිනුත් මේ වගේ වැඩ කරන්න ඇති නේද ?ඔහොම ගිහින් තමයි ලොකු ලොකු හොරකම් කරන්නේ...
කිතුලට ගිය මිනිහා වගේ මොනවා හරි කියල කලිසමත් ගලවල දීල ආවනම් හරි....
මාත් ගෙදරදි කලිසම් තුනක් අදින්න ට්‍රයි කරා අනේ ඒත් බෑනේ.....
"ඒ වන විට ඔහුගේ ඉන ප‍්‍රදේශය මහත්ව තිබෙනු දැක තරුණිය අසල පිහිටි වෙළෙඳසල් හිමිකරුවනට මේ බව දැන්වූවාය...." මේ තරුණිය කොල්ලාගේ ඉන දෙස බැලුවේ ඇයි ???? නමුත් එසේ වීමට වෙනත් හේතුද තිබිය හැක.......
"ඒ වන විට ඔහුගේ ඉන ප‍්‍රදේශය මහත්ව තිබෙනු දැක...... " දැක්කද මෙයාල බලන තැන් ...චීයා.....
ඉන මහත්වෙලා තියෙන්නෙ කලිසම් දෙක නිසා...
පේන රෙද්දකින්ලු කලිසන් මහලා තිබුණේ. අනික් අයට නොපෙනෙන්නයිලු එහෙම ඇදලා තියෙන්නේ. ඒත් 1/3 දැක්කම මිනිස්සු භය වෙලා ගියාලු
කලිසම් දෙකක් හොරකම් කරලා.. ඒකියන්නේ කලිසම් තුනක් ඇදගෙන මේ මනුස්සයා.. හැකියාව..
තව පොඩ්ඩෙන් කලිසම ගලවල එවන්නේ..
කලිසම් දෙක විතරද ගලව ගත්තේ හොඳට බලන්න....
කෑව නේද පිරිමි ජාතියම.. කකුල් දෙකයි කලිසම් තුනයි...!!
පිරිමි ජාතියටම නිගාව්ක්....
අනේ මහත්වරුනේ මට උනු අසාදාරන වැඩක්. මම කලිසම හොරකම් කලේ වෙන කඩේකින්.
අනේ මහත්තයා මීට පස්සේ ඔය කඩේට යන්න එපා...
කලිසමක් ඇදන්ද දන්නෑ මේ වගේ වැඩ කරන්නේ.....
ඇයි කතාව මෙතනින් ඉවර කලේ ඉතුරු ටිකත් ලියන්නකෝ .................
ඕකට තමයි කියන්නේ කලිසන් හොරා ඉනෙන් පෙනේ කියලා
creative හොරෙක් නිර්මනශීලේත්වය ඇගයිමට ලක් කල යුතුය
පුහුල් හොරා කරෙන් දැනේ. කලිසන් හොරා ඉනෙන් දැනේ......
කවුරු උනත් නැති බැරි කමට වෙන්න ඇති...