(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මිතුරකුගේ සහායට ගිය තවත් සගයෙකුට කළිසම නොමැතිව සවස් වන තුරු ආගන්තුක නිවසකට වී සිටීමට සිදුවීමේ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.

සම්මුඛ පරීක්ෂණයක් සඳහා කොළඹට යාමට තරුණයෙකුට අවශ්‍යතාව තිබුණි.
පනවා ඇති සංචරණ සීමා නිසා ඔහු ඒ සඳහා තවත් යහලුවෙකුගේ සහාය පැතීය.
නියමිත දින උදේම අදාළ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානයේ සිටීමට නොහැකි බැවින් ඊට පෙර දිනයේ ඔවුන් සතු යතුරුපැදියකින් දෙදෙනාම එම සීමාවේ ඊට යාබදව පිහිටි ආගන්තුක කාමරයක නතරවීමට ගොස් ඇත.
අවශ්‍යතාව ඇති තරුණයා උදේම අවදි වී අදාල කාර්යය සඳහා පිටත්ව ගොස් ඇතත් සහායට ගිය හිතවතා උදේම අවදි නොවී කම්මැළිකමටත් එක්ක ටිකක් වැඩිපුර නිදාගෙන ඇත්තේ ඔහුට සම්මුඛ පරීක්ෂණයක් නොමැති නිසාය.
යහලුවා සම්මුඛ පරීක්ෂණය සඳහා ගිය පසුව පරක්කු වී අවදි වූ ඔහු උදේ ආහාරය ගැනීමට නගරයට යාම සඳහා තමා අඳින්නට රැගෙන ගිය කළිසම සොයා තිබේ.
එම කාමරයේ කළිසමක් ඇතත් එය ඔහුගේ කළිසම නොවන බව වැටහී තිබේ.
සම්මුඛ පරීක්ෂණය සඳහා ගිය අය හා සම්බන්ධවීමට නොහැකි ලෙසට එම දුරකතනය ද විසන්ධි කර ඇත.
අදාළ කාර්යයට ගිය තරුණයා සවස් යාමයේ නවාතැනට පැමිණියේ ය.
ඔහු පෙර දින යනවිට ඇඳගෙන ගිය කළිසම හා තමාගේ සහායට පැමිණි සගයා කොළඹ සිට අඳින්නට රැගෙන ගිය කළිසම් දෙකම එක පාටය.
සහායට ගිය සගයා කොළඹ අඳින්නට රැගෙන ගිය කළිසම තමාගේ යැයි සිතා ඔහු එය තම බෑගයට දමාගෙන සගයාගේ කළිසම යැයි සිතා ගෙදරින් ඇඳගෙන ගිය කිළිටි වූ කළිසම කාමරයේ දමා බෑගයත් රැගෙන ඔහු සම්මුඛ පරීක්ෂණයට ගොස් ඇති බව වැටහී තිබේ.
තබා ගොස් තිබූ කළිසම කිළිටි වුවත් නිවසේ රැඳී සිටි මිතුරා තර බාරු වූ අයෙකු නිසා එය අඳින්නට ද නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
මේ නිසා සම්මුඛ පරීක්ෂණය නිම වී තම මිතුරා එනකම් උදේ හා දවල් කෑම තියා තේ එකක්වත් නොමැතිව සහායට ගිය සගයාට ආගන්තුක කාමරයට වී සිටින්නට සිදු වුණාලු.
2025 ඔක්තෝබර් මස 08
1554
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1360
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කලිසම නැතුව රැයක් පුරා ගෙයක් අස්සේ
himal Saturday, 17 July 2021 01:33 PM
මොන පටලැවිල්ලක්ද මේ ලියලා තියෙන්නේ? දෙන්නාගෙන් කෙනෙක් මහත නම් අනෙකා කෙට්‍ටු නම් කලිසම අඳිද්දි දැනෙනවනේ... කාමරේ හිටපු කෙනා සරමක්, කොට කලිසමක් වත් නැතුවද කාමරේ ඉන්නේ..?