IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෙල්ලෝ නානවා බැලුවාට ආච්චිලාගෙන් රැග් එකක්

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
තරුණියන් පිරිසක් ඇළක දිය නාන අයුරු උණ පදුරක් අස්සේ සිට බලා සිටි තිදරු පියකු අල්ලාගෙන පහර දී ඇළ ඉස්මත්තේ දිය නාමින් සිටි වයෝවෘද්ධ කාන්තාවන් පිරිසක් අසලට රැගෙන ගොස් බලා සිටීමට සැලැස්සූ තරුණ පිරිසක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 48 හැවිරිදි තිදරු පියෙකි. මෙම තිදරු පියාගේ බිරිය හැර ගොස් ඇති අතර ඔහුගේ දරුවන් තිදෙනා රැක බලා ගන්නේ තිදරු පියාගේ වයෝවෘද්ධ මව්පියෝය. 
බිරිය තිදරු පියා හා දරුවන් හැර ගියාට පසුව යළි සැමියා මිය ගොස් සිටි වැන්දඹු කාන්තාවක නිවෙසට රැගෙන ආවේය. දෙවැනි වතාවට දරුවා බිරියක රැගෙන ආවාට වයෝවෘද්ධ මව සතුටින් සිටිය ද ඔහුගේ දරුවන් තිදෙනා යළි යුවළට බාර නොදී රැක බලා කවා පොවා හදා වඩා පාසල් ද යැව්වාය. 
කන්න බොන්න ඇදුම් පැළදුම් ගෙනත් දෙන්නේ නැති බවත් මත්පැන් පානය කර පැමිණ පහර දෙනවා යැයි පවසා දෙවැනියට ගෙනා වැන්දඹු කාන්තාව තිදරු පියා හැර ආපසු හැරී ගියාය.
වසර දෙකක පමණක් කාලයක් රැකියාවක් නොමැති මත්පැන් පානය කරමින් සිටිය දී යළි සැමියා හැර ගොස් සිටි දරුවන් නොමැති කාන්තාවක නිවෙසට කැන්දාගෙන පැමිණියේ හැමදාම තනිකඩව සිටිය නොහැකි බව වයෝවෘද්ධ මව පෙන්වා දීමෙන් අනතුරුය. තෙවැනි වතාවට ගෙනා බිරිය මාසයක්වත් ඔහු සමග ජීවත්ව නොසිට ආපසු තිදරු පියා හැර ගියාය.


අල්ලපු ගමේ පදිංචිව සිටින මවගේ නිවෙසට ගොස් දරු තිදෙනාගේ හිස අත ගා මුව සිඹ මව උයා පිහා දෙන දෙයක් වේලක් හෝ දෙකක් කා ගම පුරා එහාට මෙහාට අැවිදිමින් හිතවතකුගේ යමක් කර දී කල් ගෙවමින් සිටියේය.
මෙම තිදරු පියා ගමේ කඩයකට යන අවස්ථාවේ දී ගම්මානය මැදින් ගලා බසින ඇළේ තරුණියන් සිව් දෙනකු දිය නාන අයුරු දුටුවේය. පසුව හීන් සැරේ අඩියෙන් අඩිය තබා මහා උණ පදුරක් අස්සට රිංගා ගෙන ඇති තිදරු පියා තරුණියන් සබන් ගා දිය නාන අයුරු ඇස් පිය නොගහා බලා සිටින අයුරු අසලින් ගිය තරුණයෙකු දැක්කේ අහම්බයෙන් මෙනි. පසුව තරුණයා ගමේ තරුණ පිරිසකට මේ බව කියා තරුණයෝ පස් දෙනෙක් පැමිණ දිය නාමින් සිටි තරුණියන් දෙස බලා සිටි පුද්ගලයා උණ පදුර අසලින් පාරට ගෙන තරුණයෝ ටික දිගට හරහට පහර දුන්හ.
එහිදී එක තරුණයෙක් “දැන් ගැහුවා ඇති අපේ ආච්චි සමග තවත් ආච්චිලා කිහිප දෙනෙක් උඩ නානවා ඒ අය නාන දෙස බලා සිටිමට ගිහින් දාමු”යැයි යෝජනා කළේය.
යෝජනා කෙරුණ ආකාරයට තරුණ පිරිස තිදරු පියාගේ අත් දෙකෙන් අල්ලාගෙන ගමේ වයෝවෘද්ධ කාන්තාවන් නාන දෙස බලා සිටීමට රැගෙන ගියහ. එහිදී වයෝවෘද්ධ කාන්තාවෝ දෙතුන් දෙනා තරුණ පිරිසගෙන් “මොකටද ඔය මනුස්සයා අල්ලාගෙන ඉන්නේ” යැයි අසා අතහැර දාන ලෙස පැවසූහ.
“බෑ ආච්චි මේ මනුස්සයා පහළ නාමින් සිටි ගමේ තරුණියන් දිහා හොරෙන් උණ පදුරක් අස්සට වී බලා සිටියා. ඊට පස්සේ අපි අල්ලාගෙන ආච්චිලා නාන දිහා බලන්න කියලා අරගෙන ආවා”යැයි තරුණයෙක් සිනා සෙමින් මහ හයියෙන් කෑ ගැසුවේය.
“ඒක මට පුතා හොදට කරන්න පුළුවන්”යැයි ආච්චි කෙනකු පැවැසුවේ සිනා සෙමින්ය. ආච්චිලා සබන් ගා නාන දෙස බලා සිටීමට තරුණ පිරිස තිදරු පියාට සලස්වා දී ඇළෙන් ගොඩ වූයේ ආපසු හැරී ගොඩට ආවොත් බලා ගෙනයි යන්න දන්වමිනි.



අදහස් (2)

කෙල්ලෝ නානවා බැලුවාට ආච්චිලාගෙන් රැග් එකක්

saman Wednesday, 01 November 2023 01:49 PM

මේ කථාව කිවෙනි වතාවට ද පළකරේ මීට කිලින් දවසකුත් මම කියෙව්වා...!

:       1       10

Pradeep KumaraThursday, 02 November 2023 08:33 AM

මේ ඒ වගේම වෙන සිදුවීමක් වෙන්න ඇති.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site