(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
නිවසේ තැනින් තැන බිත්තිවල එල්ලී සිටි ගස් ගෙම්බන් රෑනක් කිලෝ මීටර් 11 ක් දුර ගෙවා කැලයට ගිහින් දැමුවද නැවත නිවෙසටම ආ සිද්ධියක් නුදුරු ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ගෙහිමියා ත්‍රිරෝද රථ රියැදුරෙකි. ඔහු නිවෙෙස් නොමැති අවස්ථාවේ බිරිය නිවෙසේ තනිවම පසු වුවාය. කෙමෙන් රෑබෝවී අඳුර වැටෙද්දී බිරිය මිදුල අස්පස් කර දැමිම සඳහා දොර විවර කළාය. දොරකඩ බිත්තිවල ගස් කෙම්බන් රංචුවක් එල්ලී සිටින අයුරු දැක බියට පත්වූ බිරිය නැවත ගෙට පැන දොර වසා ගත්තාය.
සුළුවේලාවක් යනවිට සැමියා ත්‍රිරෝද රථයෙන් නිවෙසට පැමිණීයේය. බිරිය හනික දුවවිත් ගස් ගෙම්බන් සියල්ල අරක්ගෙන සිටින බව සැමියාට පැවැසුවාය.
වහාම ක්‍රියාත්මක වූ සැමියා ප්ලාස්ටික් භාජනයක් සොයාගෙන මහා යුද්ධයක් කර ගෙම්බන් සියල්ලම අල්ලා භාජනයකට දමා ගත්තේ මහත් පරිශ්‍රමයක් දරමිනි. ඒ වනවිටත් බිරිය තැතිගැන්මෙන් මිදුලට වී සිටියාය.
ගෙම්බන් අල්ලාගත් පසුව නැවත ත්‍රිරෝද රථය පණ ගැන්වූ සැමියා ගෙඹි භාජනයේ පියන තදින් වසා අල්ලා ගන්නාමෙන් පවසමින් බිරියද කැටුව කිලෝ මීටර් 11 ක් දුර ගෙවා ගොස් කැලයකට ගස් ගෙම්බන් සියල්ල මුදා හැරියේය.
සැමියාත් බිරියත් ඉතා සතුටින් ත්‍රිරෝද රියේ නැග නැවත නිවෙස බලා පිටත්ව ආවෝහ. නිවස ඉදිරියේ ත්‍රිරෝද රථය නවතා සැමියා නිවෙසට ගොඩවිය.
ප්ලාස්ටික් බඳුන නැවත ගැනීම සඳහා බිරිය ත්‍රිරෝද රියේ අසුන පිටුපසට අත දැම්මාය. අතට සීතලක් දැණින. ඇය දෙඇස් ලොකුකර පිටුපස බැලුවාය.
මහත් පුදුමයකි.
ඇයට කෑ ගැසුණාය.
කැලයට ගිහින් දැමූ ගස් ගෙම්බන් කීපදෙනෙකු ත්‍රිරෝද රියේ පිටුපසය. වහා ත්‍රිරෝද රියෙන් එළියට පැන්න ඇය වහා ගෙට දිව්වාය.
ඉන්ධන පෝලිම පවතින වකවානුවක ආයෙත් කිලෝමීටර් ගණන් දුර යනවාට වඩා ගෙම්බෝ ත්‍රිරෝද රියේ හිටපුදෙන් කියා සැමියාද දොර වසා ගෙට ඇතුළු වූයේ අපරාදේ මෙච්චර දුරක් ගියේ කියමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd