IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කරවල මුදලාලිගේ නැතිවූ ලක්ෂය ගෝලයාගේ කලවයෙන් මතුවෙයි

(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න) 
හලාවත පොදු වෙළඳ පොළේ ප්‍රධාන පෙළේ කරවල වෙළඳ සලක මුදලාලිගේ මුදල් පසුම්බියෙන් අතුරුදන්වූ රුපියල් ලක්ෂය එම මුදලාලිට සහයට සිටි ගෝලයෙකුගේ කලවා ප්‍රදේශයෙන් මතුවූ පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තාවෙයි. 


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. 


කරවල ව්‍යාපාරිකයාද හලාවත ප්‍රදේශයේම පදිංචි අයෙකි. පෙරේදා (14) සුපුරුදු පරිදි උදෙන්ම කරවල වෙළඳ සල විවෘත කොට සිය වෙළඳාමින් උපයා ගත් රුපියල් ලක්ෂයක මුදලක්, මුදල් තබා තිබූ ලාච්චුවෙන් රැගෙන සිය මුදල් පසුම්බියේ දමා සුරක්ෂිතව වෙළඳ සල තුළම තබා ගත්තේය. 


කාලයක සිට මෙම කරවල වෙළඳ සලේ කරවල අලවි කටයුතු සඳහා උදව්වට කුලී පදනම මත ගෝලයෙකුද සේවය කර ඇත. හදිසියේ කරවල ව්‍යාපාරිකයාට ඇතිවූ මුදල් අවශ්‍යතාවක් සඳහා මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී එහි තිබූ රුපියල් ලක්ෂය අතුරුදන්ව ඇති බව හැඟී ගියේය. මේ පිළිබඳව ගෝලයාගෙන් සහ අවට වෙළඳ සල්වලින් කළ විමසීම්වලදී ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් පොලිසියේ පිහිට පැතීමට ව්‍යාපාරිකයා තීරණය කළේය. 


හලාවත පොලිසිය කරවල වෙළඳ සලට පැමිණ සිදුකළ විමර්ශනයකදී ගෝලයා ඇඳසිටි කලිසම පරීක්ෂා කිරීමේදී කලිසමට යටින් කලව ප්‍රදේශයේ මුදල් මිටිය රබර් වලල්ලකින් බැඳ සඟවාගෙන සිටියදී සොයා ගතහැකි විය. 


සොරකම සිදුකළ ගෝලයා පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී ඔහු මෑතක සිට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවද අනාවරණය කරගෙන ඇත.



අදහස් (0)

කරවල මුදලාලිගේ නැතිවූ ලක්ෂය ගෝලයාගේ කලවයෙන් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site