IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කිරිබෝතලෙන් තිත්ත පැටවු මතුවෙලා ජංජාලයක්

බලංගොඩ වයි.ඵ්.ඵස් වීරවංශ


හෙතෙම කයිරාටිකයෙකි. මැදි වයසේ පසුවන ඔහුගේ රැකියාව එළකිරි අලෙවි කිරීමයි. තම මව සමඟ නිවසේ වාසය කරන ඔහු අවිවාහක​ෙයකි. මවට හොරා වැඩි කිරි ප්‍රමාණයක් වෙළඳපොළට දැමූ පුතණ්ඩියා නිසා මවගේ ව්‍යාපාරයට කණ කොකා හැඬ වූ කතාවක් සබරගමු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
මව සැම දිනකම උදෑසන තමන්ට අයත් එළදෙනගේ කිරි දොවන්නීය. එම කිරි භාජනයකට දමා ගෙන පාපැදියෙන් ගොස් කිරි කාල, භාග සහ බෝතල් වශයෙන් අලෙවි කරන්නේය.
කිරි අලෙවි කිරීමට පෙර ඔහු නිවස ආසන්නයේ ඇති කුඩා ජල උල්පතට ගොස් කිරි වලට වතුර ටිකක් කවලම් කරන්නට අමතක නොකරන්නේය. තම මව සෑම දිනකම උදෑසන තිබෙන කිරි ප්‍රමාණය මැන දෙන්නීය. ඒ නිසා මවට හොර බොරුවක් කිරීමට නොහැකිය. 


ජල උල්පතට ගොස් කවලම් කරන වතුර ප්‍රමාණය අනුව ඔහුට අතිරේක මුදලක් ලැබේ. දිනක් කිරි වලට වතුර කවලම් කර අලෙවි කරන අතර තුර තිත්ත පැටව් කිහිපදෙනෙක් (කුඩා මාලු‍ පැටව්) කිරි භාජනයෙන් එළියට පැන්නාහ. මෙය දුටු කිරි මිල දී ගැනීමට පැමිණි පුද්ගයකු මේ පිළිබඳව විමසුවේය. 
ඔහුට කට උත්තර නැතිවිය. උඹ හැමදාම අපිට ඇළේ වතුර කවලම් කරලා තමයි කිරි විකුණලා තියෙන්නේ කියා අසල්වැසි පුද්ගලයා පොල්ලක් අතට ගත්තේය. 
ඔහු තම පාපැදිය හැකිතාක් වේගයෙන් පැද ගෙන ගියේය. 
ඔහු කඩමංඩියේ දී හමු වූ විට කොල්ලො කුරුට්ටෝ තිත්ත පැටව්  එහෙම දැක්කෙ නැද්ද මාමේ කියා ඇසුවාම ඔහුගෙන් ලැබෙන්නේ අමු තිත්ත කුණුහරුප දෙක තුනකි.



අදහස් (0)

කිරිබෝතලෙන් තිත්ත පැටවු මතුවෙලා ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site