IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කිරිබතේ රහස යාළුවාගෙන් හෙළිවෙලා

(මාවරල – පී.එස්. මද්දුමගේ)
 ඈත ගම්මානයකි. අර්ධ නාගරීකරණයට පත්වෙමින් තිබෙන සුන්දර ගම්මානයකි. තේ ආර්ථිකය සමග ජීවිත ගෙන යන මෙම ගම්මානයේ වැසියෝ සිරිත් විරිත් අකුරට ඉටු කරන, චාරිත්‍ර වාරිත්‍ර නිසි ලෙස පවත්වාගෙන යන  පිරිසක් වූහ.


 නව වසර සමරමින් කැවුම් කිරිබත් සකස් කිරීම නොකඩවා සිදු කරන  ගම්වැසි නිවෙස්වල, මෙම වසරේ උදාව සැමරීමට කිරිබතක් සකසා ගැනීමට අවශ්‍ය පොල් කිරි ලබා ගැනීමට පොල් හිඟ වීම සහ මිල අධික වීම කාටත් ප්‍රශ්නයක් වී තිබිණ. 


මවක දියණියක සහ වැඩි හිටි ඥාතියකු ජීවත් වන නිවසක්  මේ ගමේ පැවැති අතර, එම නිවසට  අහල පහළ නිවෙස් හිමියන් අලු‍ත් අවුරුද්දට  හිතවත්කම් අලු‍ත් කර ගැනීමට  යන එන අවස්ථා ද  තිබිණ.


එදා ජනවාරි පළමු වැනි දිනය වූ නිසා  එම නිවසේ උදේ ආහාරයට කිරිබත් සකස් කිරීමට දියණියට සිදු විය. ඇය සහල් සකස් කර  ඉතා හොඳින් කිරිබත පිසීමට පොල් සෙවූවද නිවසේ පොල් බෑයක්වත් සොයා ගැනීමට නොහැකි විය.  පොල් සොයා ගැනීම  අසීරු කරුණක් බව  දැනගෙන සිටි දියණිය, පොල් කිරි වෙනුවට යෙදිය හැකි කිරි දියරයක් ගැන කල්පනා කළාය.


“අම්මේ කිරිබත් හදන්න පොල් නෑ...” දියණිය මවට කීවාය.


“පොල්  නැතුවට මොකද කරන්නෙ? ඉස්සර අපේ ආච්චිල පොල් වෙනුවට කැකුණ ඇට මද අඹරල  කෑවලු‍. අද කැකුණ ගස් නෑ. ඇටත් නෑ...”


ඉන්පසුව ඇයට  අදහසක් පහළ විය. ඇය කිරිබතට පෝෂ්‍යදායී කිරි දියරක් එක්කර කිරිබත සැකසුවාය. උදේ ආහාරය ගැනීමට පැමිණි මවත් ඥාතියාත්, දුව සකස් කර ඇති කිරිබත කෙසේ සෑදුවේදැයි විමසුව ද පිළිතුරක් නොදුන්නාය. තිදෙනාම  කිරිබත්  කා සුපුරුදු  ලෙස නිවසේ තම තමන්ගේ කටයුතුවල නිරත වූහ.


දහවල් කාලයේ  අසල නිවසක  වැඩිහිටියෙකු තෑගි ද රැගෙන  එම නිවසට පැමිණියේ සෑම නව වසරකම මෙම නිවසට පැමිණීම සිරිතක්  කරගෙන තිබූ බැවිනි.


අසල්වැසියාට සංග්‍රහ කිරීම සඳහා සූදානම් වූ නිවසේ මව, බිස්කට් කෙසෙල් ගෙඩි ආදිය  ගෙනවිත් තබා, බීමට කහට ද? කිරිකහට දැයි අසල් වැසියාගෙන් විමසීය.


“කිරි කහට එකක් හොඳයි’’ ඔහු කීය.


මව කුස්සියට ගොස් තේ සෑදීමට සූදානම්ව  කිරිපිටි ටින් එක කොහේදැයි සොයා බැලු‍වාය. ඇයට එය සොයා ගැනීමට නොහැකි වූයෙන් දුවට කතා කර ඒ ගැන විමසුවාය.


“කිරිපිටි ඉවරයි. මම උදේ කිරිබත හදන්න ටින් එකේ තිබුණ කිරිපිටි ටික ඔක්කොම ගත්ත. අන්න ටින් එක හෝදල එළියෙ වළං මැස්ස උඩ’’ යයි කීවාය


  මවට යකා වැහුණි. ‘‘කොහොමද යෝදියේ මම අර මනුස්සයට කිරි කහට එකක් දෙන්නෙ. වස ලැජ්ජාවක්නේ, අලු‍ත් අවුරුද්දේ ගෙදරට ආපු මනුස්සයට කිරි කහට එකක් දෙන්න බැරි වුණාම... මව තරහින් පුපුරමින් තේ එකක් හදාගෙන අසල්වැසියාට දීමට ගෙන ගියාය.

 



අදහස් (0)

කිරිබතේ රහස යාළුවාගෙන් හෙළිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site