IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනාවෙන් බේරෙන්න බසයෙන් එළියට ඔළුව ද‌ාලා

(නිකවැරටිය/ ප්‍රියාණි මංගලිකා)
කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට මීටරයේ දුර ගලපා ගන්නට බසයේ කවුලුවෙන් හිස පිටතට දමාගෙන ගිය බස් මගියකු පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තාවේ.


සිද්ධිය මෙසේය - 


මෙම පුද්ගලයා ග්‍රාමීය පෙදෙසක මැදිවියේ පුද්ගලයෙකි. හෙතෙම වර්තමානයේ පවතින කොරෝනා වයිරසයෙන් බේරීමට සියලු සනිපාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නෙකි. 


මෙදින මෙම පුද්ගලයාට හදිසියේ ගමනක් යෑමට සිදුවිය. මුඛ ආවරණ ද නිසි පරිදි පැළද, විෂබීජ නාශක බෝතලයක්ද බෑගයේ දමාගෙන ගමනට පිටත් වූයේය. පෞද්ගලික මගී ප්‍රවාහන බසයකට නැගුණ ඔහු දෙදෙනකු අසුන් ගන්නා අසුනක කෙළවරට විෂබීජ නාශකද යොද‌ා සෞඛ්‍යාරක්ෂිත ලෙස ගමන යෑමට පිටත් වූයේය. 


මඳ දුරක් යනවිට අතර මගදී නැගුණ අයකු මෙම පුද්ගලයා සිටින අසුනේ අනෙක් පස වාඩි වූයේය. එයින් කලබලයට පත්වූ මෙම පුද්ගලයාට සමාජ දුරස්ථභාවය ගැන සිහියට නැගිණි. ‘‘දෙයියනේ මීටරයක් දුර නෑනේ. මේ මනුස්සයා මගේ ඇඟෙත්  වදිනවා’’ ඔහු දස අතේ කල්පනා කරමින් හැකි තරම් අසුනේ කෙළවරට වුවද මීටරය ගලපා ගත්තට නොහැකි වීමෙන්. කවුළුවේ වීදුරුව හැර හිස එළියට දමා ගත්තේය. ඉන් ඔහුට යම් සැනසීමක් ද ලැබුණි.


එහෙත් පැති කන්නාඩියෙන් එය දුටු රියදුරාට නම් යකා නැග්ගේය. ඔහු බසය නවතා මෙම පුද්ගලයා සිදු කරන අනතුරුද‌ායක ක්‍රියාව ගැන දොස් නැගුවේය.


‘‘මොනවද මනුස්සයෝ ඔය කරන්නේ. බෙල්ල කඩාගෙන මැරෙන්නද හදන්නේ.’’ යැයි රියදුරු කෑගැසීය. එය අසා සිටි මෙම පුද්ගලයා හිස ආපසු ගෙන ‘‘ඩ්‍රයිවර් මහත්තයා මම එහෙම කළේ සීට් එකේ මීටරේ දුර නැති නිසානේ. මේ බස් එකෙත් පොලීසියෙන් කොළ අලවලා තියෙන්නේ මීටරෙන් ඉන්න කියලා. අර බලන්නකෝ’’ යනුවෙන් කියා ඇත.


බස් රථයේ සිටි සියලු දෙනාටම සිනාව නවතා ගැනීමටද නොහැකි වූයේලු.



අදහස් (0)

කොරෝනාවෙන් බේරෙන්න බසයෙන් එළියට ඔළුව ද‌ාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site