(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා වයිරසය ආසාදනයවීම වැළැක්වීමේ අරමුණෙන් වෙළෙඳසල නවීකරණය කිරීමත් සමගම සිය වෙළෙඳසලේ තිබූ පාරිභෝගික භාණ්ඩවලින් භාගයක් අහිමිවූ වෙළෙඳසල් හිමියකු ගැන දකුණේ නගරයකින් වාර්තා වේ.

නගරයේ පාළු පෙදෙසක තිබූ වැඩි වෙළෙඳාමක් නොවූ වෙළෙඳසලකි. කොරෝනා ව්‍යසනය පැතිරයාමත් සමගම කොරෝනා වයිරසය මේ වෙළෙඳසල තුළට ඒමට නොහැකි ආකාරයට මේ වෙළෙඳසල නවීකරණය වූයේ ඊයේ පෙරේදාය. ඒ නවීකරණය කිරීමත් සමගම වෙළෙඳසල තුළට පාරිභෝගිකයන්ට පැමිණීමට නොහැකිව තිබිණ.
එමෙන්ම වෙළෙඳසල් හිමියාටද හිතන තරම් ලෙහෙසියෙන් වෙළෙඳසලෙන් එළියට ඒමටද මේ නිසා නොහැකිවී තිබිණ. ඒ මදිවාට මුළු වෙළෙඳසල ඉදිරිපිටම විනිවිද පෙනෙන ඉටි කොලයකින්ද ආවරණය කර තිබිණ. වෙළෙඳසලේ තිබූ බඩු දීමටද වෙනම ස්ථානයක් සකස් කොට තිබිණ.
කැබ් රථයකින් මහත්තයකු මේ වෙළෙඳසලට පැමිණෙන්නේ ඔය වටපිටාවේදීය. මහත්තයා අත තිබුණේ රුපියල් විසි තිස්දහසක බඩු ලැයිස්තුවකි. ඒ බඩු ලැයිස්තුව වෙළෙඳසලේ මුදලාලිට දුන් විට ඔහුගේද දෑස් උඩ ගියේය. කාලයකින් මෙවැනි වෙළෙඳාමක් නොවූ නිසා ඔහු එම බඩු තොගය මහත්තයාට ලබාදීමට කටයුතු කළේය.
හාල්, සීනි, පරිප්පු, සැමන්, ආදී භාණ්ඩ තොගයක් මහත්තයාගේ මේ ලැයිස්තුවේ තිබූ අතර ඒ සියලුම භාණ්ඩ පැකට් හා ඇසුරුම් කළ ඒවාය.
මුදලාලි, මහත්තයාට භාණ්ඩ පැකට් එකින් එක දුන්නේය. මහත්තයා එම භාණ්ඩ තමා ආ කැබ් රථයේ බොහෝම පරිස්සමට ඇසුරුම් කළේය. සියල්ලම නිමවූ පසු මුදලාලිට බඩුවල මුළු වියදම බලන ලෙස දන්වා කැබ් රථයේ ඇති මුදල් පසුම්බිය ගෙන එන්නම් යයි කියමින් එළියට බැස්සේය.
මුදලාලි ගත් බඩු ලැයිස්තුවේ මිල ගණන් හදමින් සිටියේය. ඒ සමගම කැබ් රථය මහත්තයා පණගන්වා රැගෙන ගියේය. වාහනය යන ශබ්දය ඇසී මුදලාලි බැලූවිටත් මහත්තයා බොහෝ දුරක් ගොසිනි. මුදලාලි කඩෙන් එළියට එන විටත් කැබ් රථය පෙනෙන්නවත් නොතිබූ නිසා එහි අංකයවත් ලියාගැනීමට ඔහුට බැරිවිය.
කොරෝනා හැදුණානම් මේ තරම් අලාබයක් තමන්ට නොවෙන්න තිබුණා යයි මුදලාලි සුසුම් හෙළමින් සිටියි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනාවෙන් ආ වාසනාව මොහොතින් පියඹා ගිහින්
දිමුත් Wednesday, 13 January 2021 06:55 AM
ඕවාට නං සහ ගහනවා.