හබරාදූව බී.එච්. රම්‍යා
පෞද්ගලික බස් රථයක දී රූමත් තරුණියක අතගෑ මැදි වයසේ පුද්ගලයකුට එම තරුණිය අතින් පයින් හොඳටම පහරදී බසයෙන් බිමට වැටෙන්නට පා පහරක් දීමේ පුවතක් හබරාදූව, ගිනිවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
පෞද්ගලික ආයතනයක සේවය කරන රූමත් තරුණියක් පෞද්ගලික බස් රථයක සිටගෙන ගමන් කරමින් සිටියාය.
හබරාදුව, ගිනිවැල්ල ප්‍රදේශයේදී බසයට ගොඩවූ මැදි වයසේ පුද්ගලයකු ඇය ළඟින්ම හිටගෙන ඇයගේ ශරීරය ස්පර්ශ කරන්නට වූයේ ඇය ඊට විරෝධය පළ කරන අතරේය.
තරුණියගේ විරෝධය ගණන් නොගත් ඒ පුද්ගලයා දිගින් දිගටම එම කටයුත්තේ නියැලුණේ රිසිසේය. බසයේ සිටි මගීන් කිහිපදෙනකු ඔහුගේ ඒ හැසිරීම දුටුවද කිසිවෙක් ඉදිරිපත් නොවූහ.
බැරිම තැන තරුණිය ක්‍රියාත්මක වූවාය. මැදි වයසේ පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලා ගත් තරුණිය මුලින්ම කළේ කම්මුල් දෙපැත්තට මාරුවෙන් මාරුවට වැරෙන් පහරදීමය. පුද්ගලයා අධික ලජ්ජාවෙන් බිම බලා ගත්තේය. තරුණිය ඉන් නැවතුණේ නැත. පා පහරක්ද දුන්නාය.
ඇයගේ පා පහරින් ඔහු බසයෙන් එළියට ඇද වැටුණේය. ඔහු රැගෙන ආ මල්ලේ තිබූ පුවක් ගෙඩි බිම වැටී සී සී කඩ විසිරී ගියේය. ඔහු එම පුවක් ඇහිද හිටියේද නැත. පුද්ගලයා ඒ ස්ථානයෙන් හෙමින් සීරුවේ මාරුවී ගියේ එහි රැඳී සිටියහොත් තවදුරටත් කන්නට වෙන බව තේරුම් යෑම නිසාය.
මේ සිද්ධියට මුහුණ දුන් තරුණිය ද ඊට ඉදිරියෙන්වූ බස් නැවතුම් පොළෙන් බැස ගියාය.
2025 දෙසැම්බර් මස 18
43
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාටිකාරියගේ පාපහරින් බසයේ අනංගයා පාරේ දොයි
රිතික් Monday, 04 December 2023 10:44 AM
මම නම් මොනවා කරන්නත් කලින් මුහුණ පෙන්නලා යන්තම් හිනාවෙලා ඉන්නවා. අකැමැත්තෙන් කරන අය ගුටි කනවා...