IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කිරි මුට්ටිය උතුරා නොගියාට බිරිඳට පන්න පන්නා පහරදීලා

වසර ගණනාවක් තිස්සේ දෙන්නා දෙමහල්ලන් එකතු වී ගොඩනැංවූ නිවසට හාපුරා කියා ගොඩවදින දිනයේ ළිප තැබූ කිරි මුට්ටිය උතුරා ගියේ නැතැයි උරණ වූ සැමියකු සිය  බිරියට  පන්න පන්නා පහර දුන් බව කියැවෙන පුවතකි.
ගෙවදීමේ උත්සවයට සහභාගි වූ අයකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
ඇයත් ඔහුත් සාමාන්‍ය රැකියාවල නිරත වන රාජ්‍ය සේවකයන් දෙදෙනෙකි.
රැකියාවෙන් ලබාගත් ණය මුදල් මෙන්ම තමුන්ට ලැබුණු සුළු වැටුපෙන් කොටසක් ඉතිරි කර ගනිමින් අඩක් නිමවූ නිවසට ගෙවැදීමට ඔවුන්  තීරණය කළේ කුලී නිවෙස්වල විසීමට වඩා එය සැපතකැයි දෙදෙනාටම ඒත්තු ගිය නිසාවෙනි.


නිවෙසට ගොඩ වැදීම වෙනුවෙන් සිය පවුල්වල ඥාතීන් මෙන්ම හිතවතුන් කීප දෙනකු එක්කර ගනිමින් පුංචි සාදයක් ද සූදානම් කර තිබිණි.
සුබ නැකතින් නිවසට ගොඩ වැදුණු දෙන්නා දෙමහල්ලන් දෙපාර්ශ්වයේ ඥාතීන් ද එක්කරගෙන සාලයේ කිරි මුට්ටියක් ළිප තැබුවේ නිවැසි කාන්තාවට එහි මුල් තැන ලබා දෙමිනි.
කිරි මුට්ටිය උතුරවා ගැනීම ඉක්මන් කිරීම සඳහා නිවැසි කාන්තාව ද දන්නා ශිල්ප දක්වමින් ළිපට ගින්දර දැම්මේ ඉක්මනින්ම කිරිමුට්ටිය උතුරුවා නිවසට ආශිර්වාද ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. දන්නා ශිල්ප දමමින් ළිපට ගින්දර දැමුවත් අඩක් කිරිපිර වූ විශාල මුට්ටියෙන් කිරි  උතුරා යෑම පමා වෙද්දී නිවෙස්  හිමියාගේ මෙන්ම ඔහුගේ පාර්ශ්වයේ ඥාතීන්ගේ ද සීමාව ඉක්මවා යන්නට විය.
කිරි ඉතිරි වීම ප්‍රමාද වෙද්දී ගෙහිමියාගේ ඥාතීන් අතර පැතිර ගිය කසු කුසුව මහා ගාල ගෝට්ටියක් බවට පත්වන්නට වැඩි වේලාවක් ගත නොවූ අතර ඉන් අපහසුතාවට පත් ගෙහිමියා සිය බිරියට එක්වරම අතින් පයින් පහර දුන්නේ සිදු වූයේ කුමක්දැයි ඇයටවත් හිතාගන්නට ඉඩක් නොතබමිනි.
ළිපක් පත්තුකර ගන්නට බැරි  වීමේදී වචන  පිට වෙද්දී ඇය සිය ආරක්ෂාව පතා නිවසේ පසු පස දොරින් පිටතට පැන  දිව යන්නට වූයේ ඇයට කරන්නට අන් යමක් නොවූ හෙයිනි.
ඇගේ ඥාතීන් ඉදිරිපත්ව සිදුවන්නට ගිය මහා ගාල ගෝට්ටියක් සමතයකට පත් කළේ  සැමියාටත් සැමියාගේ පාර්ශ්වයේ පිරිසටත් එම සුබදායී අවස්ථාවේ හැසිරෙන ආකාරය අවබෝධ කර දෙමිනි.
කිරි ඉතිරිවීම සඳහා කුඩා මුට්ටියකට කිරි පුරවා එය සිදුකළ යුතු බවත් මෙවැනි විශාල මුට්ටියකට මේ අයුරින් ගින්දර දමා කිරි උතුරු වන්නට නම් වරුවක් පමණ ගතවන බවත් එහි සිටි වැඩිහිටියකු පවසද්දී ගෙහිමියා  ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූයේ තමුන් කළ අනුවන ක්‍රියාවට පසු තැවෙමිනි.

වියලුව වාර්තාකරු



අදහස් (0)

කිරි මුට්ටිය උතුරා නොගියාට බිරිඳට පන්න පන්නා පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site