කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
කුරුඳු විකුණා අම්බලන්ගොඩ බස් නැවතුම් පොළට ආ කරන්දෙණියේ අයෙකුට කවදාවත්ම අත්විදීමට නොවූ අපූරු අත්දැකීමක් පිළිබඳ කතාවකි මේ.
කුරුඳු විකුණාගත් මොනරුන්ගෙන් කොටසක් සුදු කමීසය උඩ සාක්කුවේය. එය කාටත් පෙනෙන සේය . අනෙක් විශාල කොටස අත් බෑගයකය. ඔන්න ඔහේ විනෝදයටත් එක්ක ඔහු බස් පොළේ සිරිඅසිරිය විඳිමින් සිටියේය.
කොටට කොටේ කොට ගවුමක් ඇඳ සිටි තරුණියකගේ අවධානය තිබුණේ ඔහු දෙසය. දෙදෙනාගේම දෑස් සමපාත විය. තරුණිය මුදු මොලොක් සිනාවක් පෑවාය. පිළිතුරු සිනහව ඔහුගෙනි.
ඔහු යළිත් වතාවක් මේ තරුණිය දෙස බැලූවිට ඇයගේ දෑස් එවිටද තිබුණේ ඔහු දෙසය. මේ ආකාරයටම ඔහු ඇය දෙස බැලුවේය. ඒ සෑම අවස්ථාවකම ඇයගේ දෙනෙත් තිබුණේ ඔහු දෙසය. නුහුරු, නුපුරුදු අමුතුම චමත්කාරයකින් ඔහුගේ හිත පිරී ගියේය. ඒ අවස්ථාවේදී ඔහුට ඇය පෙනුණේ දෙවඟනක් ලෙසය. කමීස සාක්කුවේ සල්ලි පමණක් නොව අත් බෑගයේ සිටි මොනරුන්ද ඔහු ගැණ බැලුවේ ඇයට පෙනෙන ලෙසය.
ඔහු යළිත් ඇය දෙස බැලුවේය. එවිට ඇයගේ කට කනේය. ඒ එක්කම ඔහු එක් ඇසක් පොඩි කළේය. ඒත් ඇය සිටියේ සුපුරුදු පරිදිම සිනාසී ගෙනය. ඔහු ඇයට ළං කළේය. ඇයද ඔහුට ළං වූවාය.
ගතවූයේ ටික වෙලාවකි. දෙන්නා ගියේ බස් නැවතුම් පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථයකය. එහි නැගී ගියේ නගරය ආසන්නයේ කුලී කාමරයකටය. දෙන්නාගේ ආදර බස්වලින් කාමරය පිරී ඉතිරී යමින් තිබිණ. මුදල් අත් බෑගය කාමරයේ මේසය මතය. තවත් වේලාවක් ගතවිය ඇය ඔහුට යෝජනාවක් කළේය. ඒ නාන කාමරයට ගොස් ඇඟපත සෝදාගෙන එන ලෙසය. ඒත් සමගම ඔහු නාන කාමරයට වැදී දොර වසා ගත්තේ සින්දුවක් ද කියමිනි.
ඇඟපත සෝදාගෙන ඔහු නාන කාමරයේ දොර ඇරියේ තව මිනිත්තු කිහිපයකින් තමා අලුත්ම අලුත් ලෝකය පිළිබඳව සිහින මව මවමිනි. ඇය කාමරයේ නැත. වසා දැමූ කාමරයේ දොරද විවෘතය. ඒ විතරක්ම නොවේ තමාගේ මුදල් දැමූ බෑගයත් කමීස සාක්කුවේ තිබූ මුදලුත් අන්තරස්දානය විය. කරකියා ගන්න දෙයක් නොවුණු තැන බස් පොළේ සිටි අඳුනන අයෙකුගෙන් මුදල් ඉල්ලා ගමට බස් රථයෙන් ගියේ තමාට සිදුවූ මේ අලකලංචිය ද ඔහුට කියමිනි.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කම්සැප විඳින්න ගිහින් සේසතම නැතිකරගෙන