IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කෑම වේලක් කන්න පැය 2 ක් හෝටලයේ වාඩිවෙලා ඉන්න වෙලා

(මහනුවර ෂේන් සෙනෙවිරත්න)
මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයකට දිවා ආහාරය ලබා ගැනීම සඳහා ගිය දෙදෙනකුට ගෑස් සිලින්ඩරය රැගෙන එනතුරු පැය දෙකක් රැඳී සිටින්නැයි කීමේ අපූරු පුවතක් වාර්තා වේ.


ගෑස් හිඟය හේතුවෙන් මහනුවර නගරයේ ආපන ශාලා බොහොමයක් වසා තිබියදී ප්‍රධාන පෙළේ හෝටලයකට විදේශ රටක සිට මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයකු තම මිතුරකු සමග ගොඩවී ඇත්තේ දිවා ආහාරය ලබා ගැනීමටයි.


හෝටලයේ ආහාර විස්තර අඩංගු කාඩ්පත වේටර්වරයා විසින් ලබාදීමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය දිවා ආහාරය ඇණවුම් කර පැය භාගයක් පමණ හෝටලයේ අසුන් ගෙන සිටින අවස්ථාවේ වේටර්වරයා කඩිමුඩියේ පැමිණ ඔවුන්ට පවසා ඇත්තේ අනේ සමාවෙන්න සර් හෝටලයේ ගෑස් නැහැ යනුවෙනි.


එහිදී වැඩදුරටත් වේටර්වරයා පවසා ඇත්තේ එක් ගෑස් සිලින්ඩරයක් මාවනැල්ල ප්‍රදේශයේ තිබෙන බවට ආරංචියක් ලැබී ඇති බැවින් එය අරගෙන ඒම සඳහා වාහනයක් පිටත්ව ගිය බවය. එසේම පැය දෙකක් පමණ හෝටලයේ රැඳී සිටියහොත් ආහාර ඇනවුම ලබා දිය හැකි බවයි.


කෙසේ නමුත් එම දෙදෙනා වේටර්වරයාට කිසිවක් නොකියා හෝටලයෙන් පිටව ගොස් නගරයෙන් පිටත තිබූ කුඩා හෝටලයකින් දිවා ආහාරය ගත් බව දැනගන්නට තිබේ.



අදහස් (0)

කෑම වේලක් කන්න පැය 2 ක් හෝටලයේ වාඩිවෙලා ඉන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 21 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site