කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ගැබිනි කතට දොළදුකට දුන්නු කෑම එකේ ඇත්තම රසය තුන් හැවිරිදි දරුවා හෙළි කොට සහෝදරකමත් නැති වූ අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

ඇයගේ සොහොයුරියගේ දියණිය ගැබ් ගත්තාය. මේ සමගම ඇය ඉතා සතුටට පත්වූවාය. ඥාති දියණියගේ දොළ දුක අනුව පුංචි අම්මා වූ ඇය කෑම එකක් උයා දුන්නාය. මේ සඳහා ඇය අවංකම උත්සාහයක් දැරුවාය. විශේෂ මහන්සියක් ද ගත්තාය.
කෑම එක ඉතා රසයි පුංචි අම්මාට ගැබිනි මව කීවේ දින දෙක තුනකට පසුවය. ඒ තවත් සොහොයුරියකගේ තුන් හැවිරිදි පුතු ඉදිරියේය.
‘‘බොරු කියන්න එපා, ඔයා කිව්වේ ඒ කෑම එක මෙලෝරහක් නැතිව විසි කළා කියලනේ. අද බඩගින්නේ කියලත් කිව්වනේ’’ යයි දරුවා කීවේ කෑම එකේ ඇත්ත රස එළි කරමිනි.
සියලු දෙනාම මුහුණට මුහුණ බලාගෙන සිටියහ. ඒ විතරක්ම නොවේ මේ සිද්ධියත් සමගම අක්ක නගෝලාගේ සහෝදරකමත් පළුදු වුණාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd