IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කෑම මේසයේ මාළු කූරියා බෑග් එකකට රිංගලා

නිවෙසක රාත‍්‍රී කාලයේ පැවැති මංගල සාදයකි. කටගැස්මට බැදපු මාළු කූරියකු බැගින් මේස මත තබා තිබිණි. හැම මේසයකට එකා බැගින් වූ මෙම කූරියකුගේ බර කිලෝ බාගයක් පමණ විය. කාන්තාවක වාඩි වී සිටි කෑම මේසයේ මාළු කූරියකු නැත. සංග‍්‍රහ කමිටුවේ සාමාජිකයකු අඩුපාඩු විමසමින් මේසයෙන් මේසයට ගියේය. එක් මේසයක මාළුවා නැති බව ඔහු දුටුවේය. ඔහුගේ ඉරියව් ගැන එතැන සිටි සගයෙක් විමැසීය. ‘නෑ මොකුත් නෑ’ කියමින් ගෙහිමියා වෙත විගසින් ගිය ඔහු කීවේ මේසය යට බෑගයක මාළු කූරියකුගේ වලිගයක් දක්නට ඇති බවයි. මාළු කූරියකු නිසා කිසිවකුගේ ආත්ම ගෞරවයට කැළලක් නොවිය යුතු යැයි සිතු ගෙහිමියා සිය සගයා අමතා මෙසේ කීය. ‘හරි කමක් නැහැ. අපි හරියටම දන්නේ නෑනේ කොහොමද  ඕක වුණේ කියලා. සමහරවිට කවුරුහරි විහිළුවටත් කළාද දන්නෙත් නැහැ. කොහොම වුනත් ඔයා ඒ ගැන හාර අවුස්සන්නේ නැතිව තව මාළුවකු එතැන මේසයට යවන්න. මොහොතකදී තවත් මාළු කූරියෙකු මේසයේ දැකගත හැකි වූයේ සගයා එම උපදෙස් අකුරටම පිළිපැදීම නිසාය.



අදහස් (0)

කෑම මේසයේ මාළු කූරියා බෑග් එකකට රිංගලා

සරත් Monday, 23 July 2012 10:26 AM

දැන් මොකටද හානාවෙන්න ඕන.........(ස.වි)

:       0       0

ජගත් Tuesday, 24 July 2012 11:16 AM

මාළුවට පණ ආව වෙන්න බැරිද ???

:       0       0

සූරියසේන Monday, 23 July 2012 10:50 AM

ගේ හිමියගේ ආදර්ශය ශ්‍රේෂ්ඨයි.....(ස.වි)

:       0       0

මාලක Monday, 23 July 2012 11:04 AM

ආත්ම ගෞරවය ගැන කියන මොහු මෙහෙම දාන එක හරිද ඉතින්...(ස.වි)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 23 July 2012 12:09 PM

අද සමාජය දිහා බැලුවහම මෙම ගේ හිමියා ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ...සසරේ හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක්......(ස.වි)

:       0       0

සරත් Monday, 23 July 2012 05:10 PM

මලු බබෙක් වෙන ඇති (දී)

:       0       0

ලාල් Tuesday, 24 July 2012 12:04 PM

මොනවා හරි කෑවයි කියලා ඇයි මෙච්චර කෑ ගහන්නේ? (නි)

:       0       0

ලාල් Tuesday, 24 July 2012 12:06 PM

අනේ පවු. මාලු කන්න තියෙන ආසාවනේ.කන දේවල් වලට මොනවට කෑ ගහනවද? (නි)

:       0       0

අමිල Tuesday, 24 July 2012 02:53 AM

සරත්, ඔයා හිතාගෙන ඉන්නේ දෙයියෝ සාක්කි තියෙන්නේ හිනා වෙන්න විතරයි කියලද? ඒකට ඔය විනෝද සමය වගේ එකක් බලන්න. (නි)

:       0       0

සරත් Tuesday, 24 July 2012 08:14 AM

අමිලගේ උපදේශයට ගොඩක් ස්තූතියි. (නි)

:       0       0

රන්ජන් Monday, 23 July 2012 02:18 PM

සමහරවිට ගෙදර බඩගින්නේ ඉන්න දරු පැටවුන්ට කන්න දෙන්න ගත්ත වෙන්න බැරිද???? ඒ වගේම ගෙදර යනගමන් හොරපොට් එකෙන් මදි පාඩුවට කාලක් ගහන්න බයිට් එකට ගත්ත වෙන්නත් පුළුවනි නේද??? (නි)

:       0       0

මලිත් මාතර Tuesday, 24 July 2012 09:22 PM

‍මොලේ තියෙන මිනිස්සුත් ඉන්නවා ලංකාවෙ...(නු)

:       0       0

ලලිත් Monday, 23 July 2012 02:37 PM

මොනවා වුණත් ඒක සාදයක්.එහෙම එකකදී මෙහෙම දේවල් සුළු දේවල්නේ. (නි)

:       0       0

සහන් Thursday, 26 July 2012 07:05 AM

අද කාලේ බැදපු මාලු කූරියෙක් කොයි තරම් ගාණක් වටිනවාද? (නි)

:       0       0

සුසිල් Tuesday, 24 July 2012 11:12 PM

දැන් ඉන්න මිනිසුන් බොහෝ දෙනෙක් හට කන්න නැති නිසා ගෙදර ඉන්න දරුවෙක් වත් මතක් වෙලා ඔහොම කළාද කියලා කවුද දන්නේ? (නි)

:       0       0

මාලක Monday, 23 July 2012 09:27 AM

මේ ගෙහිමියා වගේ අය තව තවත් වැඩි වෙනවනම් හුඟක් ප්‍රශ්න අඩුයි.......(ස.වි)

:       0       0

ඩී.ඩී. හේමචන්ද්‍ර Saturday, 04 August 2012 07:29 PM

දැං ලංකාවෙ අයට පාන් රාත්තලක්වත් ගන්න බැරි කාලෙ බැදපු මාලු කන්න හිතන්නෙත් නැහැ..! (නු)

:       0       0

ධනුශ්ක Monday, 23 July 2012 10:03 AM

ඇත්තටම නිහමානී ගැහැණියක්.....(ස.වි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1057 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site