IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කපුටු ප‍්‍රහාරයෙන් බේරෙන්න මෝටර් රියකින් පලා ගිහින්

කාක් කූඩුවකින් වැටුණු කාක් පැටියෙකි. ඌට පියෑඹීමට නොහැකි නිසා කාක්කි සහ කාක්කා උගේ ආරක්‍ෂාවට අසලට වී සිටියහ. ඒ අසලින් ගමන් ගන්නා සෑම දෙනාටම කාක්කෝ දෙදෙනා කොටන්නටවූහ. කාක්කන්ගේ පහරකෑමට ලක්වූ පාරේ ගමන් කරන්නෝ හිස හැරුණු අත දුවන්නට වූහ. මෙම දසුන අසල තරුණයින් හට විනෝදය ගෙන දෙන්නක් විය.

තරුණයින් කාක්කන් කොටන බව කිසිවෙකුට පැවසුවේ නැත. මේ අතර ඒ අසලින් යෑමට පැමිණි මවක් සහ දරුවෙකි. ඔවුනට එතැනින් ගමන් කරන අයට කාක්කන් කොටන අයුරු දැකගන්නට ලැබිණි. තරුණයෙක් කුඩා දරුවා අමතා, ”පුතා ඒ මයින් පැටියෙක් කාක්කෝ ඌට කොටනවා” යනුවෙන් පැවසීය. කුඩා දරුවා එය විශ්වාස කර, ”අම්මේ අපි ඌව ගෙදර අරන් යමු” යි පිංසෙන්ඩු විය.

පිස්සුද පුතා අපි ඌ අල්ල ගත්තොත් කාක්කෝ ටික අපට කොටයි. යනුවෙන් පැවසූ මව දරුවාද රැුගෙන අනෙක් පසින් ගමන් කළාය. පැය භාගයක් ගතවිය. දරුවා තම පියා සමඟ එතැනට පැමිණ ”අර ඉන්නේ මයින් පැටියා” යැයි පවසා කාක් පැටියා පියාට පෙන්වීය. පුතා පාරේ එහා පැත්තෙන් ඉක්මනට ගෙදර දුවන්න. යැයි පැවසූ පියා කාක් පැටියා තම දෑතට රැුගෙන යන්නට විය. කාක්කන් කෑ ගසන ශබ්දයක් ඇසිණි. කාක්කෝ විසි පහකට අධික සංඛ්‍යාවක් පැමිණ කාක් පැටියා අල්ලාගත් අයට කොටන්නට වූහ. කාක්කන්ගේ ප‍්‍රහාරය මැද ඔහු කාක් පැටියා ද රැුගෙන වේගයෙන් ඉදිරියට දුවගොස්  හිතවතෙකුගේ මෝටර් රථයකට නැගී නොපෙනී ගියේය. නාරාහේන්පිට නගරයෙන් අසන්නට ලැබිණි.



අදහස් (0)

කපුටු ප‍්‍රහාරයෙන් බේරෙන්න මෝටර් රියකින් පලා ගිහින්

රොෂාන් මංජුල Monday, 26 May 2014 04:21 PM

මෙයාට පිස්සු.(නදී)

:       0       0

කාන් Tuesday, 27 May 2014 10:07 AM

කපුටු සාස්තරය හරි. (ස)

:       0       0

පහන්දී Monday, 26 May 2014 06:01 PM

හරියට හරි සුනිල් (නදී)

:       0       0

ලංකා තිලක් Monday, 26 May 2014 06:23 PM

කපුටෝ ටික වටකරගත්තම බේරිලි බොරු. හරියට අපේ ගමේ ගොඩේ ලැජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු බවලතියෝ ටික වටකර ගත්තා වාගේ තමයි. ඇපත් නැහැ.(නදී)

:       0       0

ශාන්ති Wednesday, 28 May 2014 01:46 AM

බලන්න ඒ කපුටු අම්මයි තාත්තායි තමන්ගේ දරුවා රැකගන්න හදන හැටි (නි)

:       0       0

මනෝජ්-සාජා Monday, 26 May 2014 07:33 PM

කොලඹ කොල්ලොයි ,කෙල්ලොයි , කාක්කොයි ඔක්කොම එකයි කොටන්නමයි බලන්නේ විශේෂයෙන්ම කපුටියෝ.(නදී)

:       0       0

ලංකා තිලක් Monday, 26 May 2014 07:51 PM

මනෝජ් මල්ලි ඇත්තක් කිව්වේ..මටත් කෙටුව කපුටියෝ ටිකක් ..කට උත්තර නැහැ..වෙනසකට තියෙන්නේ උන් පිට රට ලැජ්ජා බයට හැදිච්ච කපුටියෝ..(නදී)

:       0       0

කුසුම් Monday, 26 May 2014 09:04 PM

අනේ! මම දැනුයි දැක්කේ, නිතර කුණු ගොඩ අසල සිට සද්දේ දමන, මහ කළු කපුටා, ලඟදි දරුණු ප්‍රහාරයකට ලක් වුවත්, ආයෙත් වැටිලා තියෙන්නේ කුණු ගොඩටමයි. තටු දෙක කැඩී ඉගිල්ලෙන්න බැරි උනත්, කටේ සද්දේ නම් පොඩ්ඩක් වත් අඩුවෙලා නැහැ වගේ. පව් ඉතින් හැමදාම කුණු ගොඩේ තමයි. කවුරුත් අරන් යන්නෙත් නැහැ මහලු කාක්කා නිසා. (අ)

:       0       0

තේජාන්විත Wednesday, 28 May 2014 08:46 AM

කොළඹ කපුටෝ ඕන තරම්. (ස)

:       0       0

ශාන්ති Wednesday, 28 May 2014 09:56 AM

කොළඹ කපුටෝ ගමේ කපුටෝ වගේම ද ? ඒ කියන්නේ මේ පාට සහ හැඩ රුව (ස)

:       0       0

කුමාරි Monday, 26 May 2014 12:35 PM

කපුටන් ඇති කිරීම නීතියෙන් තහනම්. ඒ නිසා මේ ගැන සොයා බලා ඒ සතා නිදහස් කල යුතුයි කියා මා සිතනවා.(ස)

:       0       0

සෑම් Monday, 26 May 2014 01:06 PM

කාක්කා තමාගේ පැටියාට ආදරෙයි. මිනිසුනුත් තමන්ගේ දරුවන්ට ආදරෙයි. මනසින් උසස් යැයි සම්මත මිනිසා ඒක තමන්ගේ දරුවන්ට පැහැදිලිව තේරුම් කර නොදී අම්මෙක් තාත්තෙක් ගෙන් පැටව් සොරකම් කිරීම ළමයින්ට දෙන වැරදි ආදර්ශයක්. (අ)

:       0       0

අසෝකා Monday, 26 May 2014 01:34 PM

අනුන්ට හිංසාවක් වෙනවා දැකල සතුටු වෙන්න පුරුදු වෙන අපේ තරුණයන්ට ( මෙහි සදහන්) තමන්ගේ කෙනෙකුට මෙය සිදු උනා නම් කියල හිතන්න බැරි උනේ ඇයි? අනික ඔතනින් වයසක් හෝ ආබාදිත හෝ පුද්ගලයෙක් ගියානම් එ්ත් ඔවුන් හැසිරෙන්නේ මෙහෙමද? මොනවා වෙතත් මයිනා හෝ කාක් පැටියා වෙනුවෙන් ඒ දරුවා කල දේ හොද දෙයක්! පේනවා නේද සතෙකුගේ උනත් දරු සෙනෙහස! එ්ක අපේ මතු පරපුරට කවදා තේරුම් යයිද ? (නදී)

:       0       0

අනුෂ්කා Tuesday, 27 May 2014 02:07 AM

කොහේ හරි තියන තීන්ත බාල්දියකට පැනලා මොන විදිහට පාට වෙනස් කරගෙන ආවත් කට ඇරපු ගමන් කියන්න පුළුවන් මේ කෑ ගහන්නේ අර පරණ හිටපු ලෙඩ කපුටම තමයි කියලා. (නදී)

:       0       0

අසාද් Monday, 26 May 2014 01:55 PM

මෙයා කාක්කෝ කන කෙනෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

පහන්දී Tuesday, 27 May 2014 05:56 PM

ඔව් අනුෂ්කා, ඒක ඇත්ත. කුසුම්, මගෙන් ඔබට තුති කුසුම් මිටක්....!!!! (නි)

:       0       0

පද්මේ Monday, 26 May 2014 02:36 PM

මට නම් කාක්කෙක් කොටලා තියනවා. තරුණයින්ගේ විහිලුව නම් එච්චර හොඳ නැහැ පොඩි ළමයෙකුත් හිටිය නිසා.(නදී)

:       0       0

සුනිල් Monday, 26 May 2014 02:39 PM

ඔන්න කොළඹ තරුණයන් ගේ මට්ටම.(නදී)

:       0       0

සුමිත් Monday, 26 May 2014 03:29 PM

සුනිල් එ්ක නම් හරියටම හරි (නදී)

:       0       0

නිමන්තිකා Tuesday, 27 May 2014 06:46 PM

අනේ පවු කාක් පැටියා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1209 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 442 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site