IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘කපුටු කාක්’ හෝන් ගැහිල්ලෙන් වාහනය තල්ලු කරන්න වෙලා

රටේ යන රැල්ලට අනුව ඒ පිළිබඳව  පුහුණුවක් ලැබීමට ගිය පුතා නිසා තම තාත්තාගේ ගමන පමා වූ පුවතක් යාපහුව රාජධනියට අයත් පිටිසර ගමකින් අසන්නට ලැබුණි. මෙම පවුලේ ගෘහ මූලිකයා රාජ්‍ය සේවාවක නියැලෙන අතර ඔහු පිට පළාතක සේවය කරයි. නි​ෙවසේ බිරිය පුතා හා දියණිය වාසය කරති. බිරිය ද රාජ්‍ය සේවාවක නියැලෙන්නී ය. ඔවුනගේ දරුවන් දෙදෙනා ද තවමත් අධ්‍යාපනය හදාරමින් සිටිති. එම පවුලට මෝටර් රථයක් තිබේ. එහෙත් තම පියා එම මෝටර් රථයෙන් සේවයට යන්නේ නැත.


ඔහු නිවාඩු ලබා නි​ෙවසට පැමිණි විට පවුලේ අය කැටුව අවශ්‍ය ගමන් බිමන් යයි. එය නවතා තබන්නේ ගරාජය තුළය. පසුගියදා ඔහු නිවාඩු ලබා නි​ෙවසට පැමිණියේය. එදින උදේ ඔහු මෝටර් රථය එළියට ගෙන සෝදා දමා එය නැවත ගරාජයට දමා හෙතෙම යතුරු පැදියෙන් වෙනත් ගමනක් ගියේය.


එහි නවාතැන් ගත් ඔහුට දැන ගන්නට ලැබුණේ තමා සේවය කරන ආයතනයේ අයෙකුගේ ඥාතියකු හදිසියේ මියගිය බවය. ආයතනයේ සේවක පිරිස ඒ සඳහා යාමට සූදානම් වූහ. මොහු තම මෝටර් රථයෙන් ගමන යාමට තීරණය කළේය. ඒ අවස්ථාවට එක්වීමට ඔහුගේ ආයතනයේ නෝනා මහත්වරුන් දෙදෙනෙක්  ද කැමැත්ත පළ කළහ.


එම නෝනලා දෙදෙනා පසු දින උදේම ඔහුගේ නි​ෙවසට පැමිණියහ. පිටත නි​ෙවසක රැඳී සිටි ඔහුත් නි​ෙවසට පැමිණියේය. ඒ වන විට ඔහුගේ බිරිය තම සේවයටත්, දරුවන් දෙදෙනා පාසලටත් ගොස් සිටියහ. පැමිණි නෝනලා දෙදෙනා නිවසේ රඳවා ඔහු ගරාජයේ තිබෙන මෝටර් රථය පණ ගැන්වීමට උත්සහ කළේය. හොඳට තිබුණු රථයේ යම් දෝෂයකි.


එය ස්ටාර්ට්  වන්නේ නැත. බැටරිය ද වැඩ නැත. හෝන් එක වදින්නේ ද නැත. ඔහු  දුරකතනයෙන් තම බිරිය ඇමතීය. “මේක ඊයේ කවුරුවත් අරන් ගියා ද? මේක ස්ටාර්ට් වෙන්නේ නෑනේ“


අනේ නෑ, කවුරුත් අරන් ගියේ නෑ. නමුත් පුතයි, දුවයි දෙන්නා ඊයේ දවසම ගරාජයට වෙලා හිටියා.


දැන් හැමෝම හෝන් එක “කපුටු කාක් කාක්” තාලයට ගහන හින්දා ඒ දෙන්නත් ඒ තාලයට හෝන් එක ගහ ගහ හිටියා.


මේ නිසා බැටරිය බැස ඇති බැවින් අවසානයේ පැමිණි නෝනලා දෙන්නට වාහනය තල්ලු කිරීමට සිදුවිය.


කෙසේ වෙතත් යා යුතු ගමන පමාවිය.


“කපුටු කාක් කාක්“ හින්දා තව  ටිකෙන් දේහය මිනී පිටියේ “පාක්“ කරන කම් අපට යන්න බැරිවෙන තත්ත්වයක් තමයි උදාවෙන්න තිබුණේ. පැමිණි නෝනා කෙනෙක් කිව්වාලු.

මොරගොල්ලාගම - සිසිර කැලේගම

 



අදහස් (0)

‘කපුටු කාක්’ හෝන් ගැහිල්ලෙන් වාහනය තල්ලු කරන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 620 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 638 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 707 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 939 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 534 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 891 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1052 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1449 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 374 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site