IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කපු හාමිනේගෙන් මනමාල කපුවාට ඉලපත් පූජාවක්

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධ දේවාලයක ප්‍රධාන කපුවාට ”‍ඉලපත්”‍ පහරක් කෑමට සිදුවූ අපූරු සිදුවීමක් වාහල්කඩට නුදුරු පිටිසර ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
මෙම කපුවාගේ දේවාලයේ වාර්ෂිකව දේව මංගල්‍යයක් පැවැත්වේ. එදිනට අවට ඇති අනෙකුත්  දේවාලවල දෙවියන්ද එතැනට වැඩම කරන බවද ඔහු කියයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ හදි හූනියම්වලට ඔහු තරම් දක්ෂ සහ විශ්වාසවන්ත කෙනෙකු නැති බව ද ඔහු පවසයි. මෙම කපුවා මනමාල ගති පැවතුම් ඇති කාන්තාවන්ට විශේෂයෙන් ඇලු‍ම් කරන වයස අවුරුදු 60ක පමණ තැනැත්තෙකි.
කපුවාගේ බිරිඳ දේවාලයේ ආවතේව වැඩවලට බලෙන්ම ගියේ කපුවාගේ දැඩි විරෝධය මැදය. බිරිඳ සිටින අවස්ථාවල කපුවාට මනමාලකම් කිරීමට බැරි බව ඔහු හොඳින් දනී. කපුවාගේ කෙරුවාව හොඳින් දන්නා බිරිඳ දේව මංගල්‍යය පැවැත්වෙන දවසේ කපුවාගේ ඉරියව් කෙරෙහි තම උකුසු ඇස යොමු කරගෙනම සිටියාය.


එදින ගම් පළාතේ ගම් හතක ජනයා කපුවාගේ මිදුලේ රැස්වී පොරකකා බලා සිටියේ කපුවාගේ  වැඩ කිඩ නැරඹීමටය.
බෙර තොවිල් උඩැක්කි තම්මැට්ටම් හොරණෑ නාදය දේවාල භූමිය සිසාරා පැතිරෙමින් තිබුණි. දුම්මල වලින් නැගෙන සුවඳින් දේවාල වත්ත පිරී ගොසිනි.
කපුවා තම දිගු කොණ්ඩය පිට මැදට හෙලා ගෙන වේගයෙන් උඩ පනිමින් නටන්නට පටන් ගත්තේ බෙර පද තාලයට ය. ඒ අනුව දේව වරම ලැබුණා යැයි කියා ගත් කාන්තාවන් තුන් හතර දෙනෙක් ද මායම් වෙමින් සිටියහ.
කපුවා මායම් වෙමින් සිටි රූමත් කතක් අභිමුවට ගොස් ඇයගේ කෙස් වැටියෙන් අල්ලා කුමක්දෝ දේව භාෂාවෙන් විධාන කරමින් පවසන්නට විය.
මේ සියල්ල දෙස පසෙක සිට ආවතේව කරමින් අවධානයෙන් උකුසු ඇස යොමා ගෙන සිටි කපුවාගේ බිරිඳට කිසිවෙක් නොදුටු රහසිගත යමක් ඇයගේ නෙත ගැටුණි. යක්ෂාරූඪ වූ බිරිඳ වහා ගෙට පැන ඉලපත අතට ගත්තාය.
කාව වශී කර ගන්න ද ඔහේ යටට ”‍ජංගියවත් අඳින්නෙ නැතුව නටන්න පටන් ගත්තෙ? නටන නැටුමක් ගෙට ගිහිල්ලා ජංගිය ඇඳගෙන ඇවිදින් නටාපන් මේකා සාස්තර කියන දෙයියෙක් නෙවෙයි. ගෑණු වශී කරගන්න මනමාල දෙයියෙක්.”‍යැයි කියමින් ඉලපතින් මායම් වෙන සැමියාගේ පිට හරහා දෙක තුනක් වැරෙන් ගැසුවාය.
සැමියා දේව භාෂාව කියමින්ම බෙර පදයට අනුව පිට අතගගා නටමින් ගෙතුළට දිව ගොස් ආපසු ආවේ යටට ජංගියක් ඇඳගෙන විය හැකිය.
දේව මංගල්‍යය නැරඹීමට පැමිණ සිටි ගැමියෝ ඇති පදම් සිනහ වී නිවෙස්වලට ගියහ. එහෙත් එදායින් පසුව මහා මනමාල දේවාලය ලෙසට ගම්මු එම දේවාලයට අනවර්ථ නාමයක් පට බැන්දහ.

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය

 



අදහස් (0)

කපු හාමිනේගෙන් මනමාල කපුවාට ඉලපත් පූජාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site