කඹුරුපිටිය විශේෂ - කේ. අජිත්
මත්පැන් භාවිත කර, අසැබි වදන් කියමින්, අඩ නිරුවතින් ගමන් කළ පුද්ගලයකු හට ගමේ තරුණ පිරිස එකතු වී අමතක නොවන පාඩමක් ඉගැන්වීමේ පුවතක් දකුණුලක ග්‍රාමයකින් වාර්තා වෙයි.
ඔහු ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති දෙදරු පියෙකි. ඔහු දිනපතා උදෑසන කුලී වැඩක් සොයාගෙන නිවෙසින් පිට වීම දෛනික කාර්යයක් විය. ඔහුගේ බිරිඳ ඉතා දුක සේ තම දරුවන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දීමට වෙහෙස දැරූ අතර, ගෙදර දොර අවශ්‍යතා ද සපුරා ගනිමින් බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවූයේ තම සැමියාගේ බේබදුකම හේතුවෙනි.
කුලී වැඩක් කර උපයාගන්නා ලද මුදලෙන් වැඩි කොටසක් ඔහු වැය කළේ මත්පැන් අලෙවිසල්වලටය. දිනපතා ඇඳිරි වැටීගෙන එන විට මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වී, ගීතයක කොටසක් ශබ්ද නගා කියවමින්, ඇඳ සිටි සරම ද තම දණහිසටත් වඩා ඉහළට උස්සාගෙන ගමන් කිරීම ඔහුගේ පුරුද්ද විය.
මෙය පාරේ ගමන් කරන්නන්ට මෙන්ම අවට නිවැසියන්ට ද මහත් කරදරකාරී විය. මෙලෙස නොහැසිරෙන ලෙසට ඔහුට කොතෙකුත් අවවාද කළත් ඉන් කිසිදු ඵලක් නොවීය.
මෙය නැවැත්වීම සඳහා කතිකා කරගත් ගමේ තරුණ පිරිස දිනක් ඔහු ගමන් කරන මාර්ගය දෙපස වගා කර තිබූ තේ ගස් මත කහඹිලියා වැල් සහ දිමි ගොටු ගෙනැවිත් දමා, අසල පිහිටි ගසකට මුවා වී බලා සිටියේ කුමක් වේ දැයි සිතමිනි.
එදින ද ඔහු සුපුරුදු පරිදි මධුවිතෙන් සප්පායම් වී, සරම ද ඉහළට ඔසවාගෙන, ගීතයක් හඬ නගා කියමින්, බමන මතින් ගමන් කරන්නට විය. එහෙත් ඔහුට වැඩි දුරක් යාමට නොහැකි විය. ඒ, කහඹිලියා ඇඟේ ගෑවීමෙන් ඇති වූ කැසීම හා දිමියන් ඇඟ පුරා ගොස් දෂ්ට කිරීම හේතුවෙනි.
තමාට සිදු වූයේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි වූ ඔහු, ඇඟ කසමින් හා තම සරමෙන් දිමියන් පිස දමමින් දිව ගියේ වෙනදාටත් වඩා නොසරුප් බස් කියමිනි. මේ සිදුවීම දෙස බලා සිටි පිරිසගෙන් ද ඔහුට ලැබුණේ හූ සංග්‍රහයකි. කෙසේ වෙතත් ඊට පසු දින සිට ඔහු මධුවිත තොලගා පැමිණියත්, අහල පහළ කිසිවකුටත් කරදරයක් වූ බවක් දැනගන්නට නොවිණි.
2025 ඔක්තෝබර් මස 08
1798
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1471
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
524
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
කුනුහරුපෙට තිත තියන්න කොල්ලන්ගෙන් අපුරු පාඩමක්