මොරගොල්ලාගම - සිසිර කැලේගම
යතුරුපැදියක වල් ඌරකු ගැටී අනතුරක් සිදුවන අවස්ථාවේදී පිටුපසින් පැමිණ ත්‍රිරෝද රථයක සිටි පිරිසක් තුවාලකරුවන්ට පිහිට නොවී ඌරා රැගෙන පලාගිය පුවතක් ඉකුත් 22 වැනිදා රාත්‍රියේ දී පොල්පිතිගම නගර සීමාවෙන් වාර්තා වේ.

පොල්පිතිගම නගරයේ සිට හීරලුගම දෙසට පෙරේදා (22 වැනිදා) රාත්‍රී 10.00 ට පමණ තරුණයන් දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක පාර හරහා පනින ලද වල් ඌරකු ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
මෙම අනතුරින් ඒ අවට ලියනගම හා අමුණුකොළේ පදිංචි අවුරුදු 18ක හා 23ක වයසැති තරුණයෝ දෙදෙනෙක් තුවාල ලැබූහ.
අනතුරට පත් ඔවුහු සිද්ධිය ගැන මෙසේ කීහ.
“ඌරා ගැටීමෙන් යතුරුපැදියේ වේගය පාලනය කර ගන්න බැරිව අපි කානුවේ වැටිලා නැගිට ගන්නවත් බැරිවයි හිටියේ. ඒ වෙලාවේ පස්සෙන් ආව ත්‍රිරෝද රථයක් නතර කරලා දෙන්නෙක් එතැනට දුවගෙන ආවා.
ඒ අය ඇහුවා ඇයි පෙරළුණේ කියලා. අපි කිව්වා ඌරෙක් හැප්පුණා කියලා. ඒ වෙලාවේ ඌරා කොහෙද කියලා අහලා ඒකා දැකලා උස්සාගෙන ගිහින් ත්‍රිරෝද රථයට දාගෙන ඒ අය අපට කතා නොකරම යන්න ගියා.
පස්සේ අපි ගෙවල්වලට කෝල් කරලා ගෙදර අය ගෙන්න ගත්තා. ඒ අයත් එක්ක තමයි පොල්පිතිගම මූලික රෝහලට ගියේ. බෙහෙත් දාගෙන පස්සේ ගෙදර ආවා. ඇඟ පුරා තුවාල තිබෙන නමුත් බරපතළ නැහැ.” ඔවුහු පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණයෝ දෙන්නා කාටහරි කතා කරලා උපකාර ඉල්ලගනීවි කියලා හිතන්න ඇති එයාලා. ඒත් අර කතා කරන්නවත් බැරි ඌරා කාගෙන් පිහිටක් ලබන්නද කියලා හිතලා ඌට බෙහෙත් අරන් දෙන්න එක්කගෙන යන්න ඇත්තේ.