(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප්‍රධාන මාර්ගයක දිවෙන පෞද්ගලික බස් රථයකි. එහි ඉදිරිපස පඩිපෙළ අසල එල්ලූ දැන්වීමක් විය. ‘‘මේ පඩිපෙළේ එල්ලීගෙන යමින් කරන කැත පුරුද්ද නතර කරමු’’ එහි මුද්‍රණය කොට තිබිණ. ගසක අත්තක එල්ලී සිටින වඳුරෙකුගේ රුව ද එහි විය.

බසයේ කොන්දොස්තර තැන මෙම පඩිපෙළේ වූ පොල්ල අල්ලාගෙන රියැදුරු සමග දිගු කතාබහකි. මෙය දුටු මගියකුට තරමක කෝපයක් ඇති විය. ඔහු සීනුව නාදකොට බැසීමට යන ගමන් ‘‘කපුවා කෝවිලේ කැත කළාට වරදක් නැද්දැයි’ රියැදුරාගෙන් ඇසුවේ කොන්දොස්තර තැන පෙන්වමිනි.
එහෙත් එය නෑසුනු රියැදුරා බසයේ වේගය අඩුකොට ‘‘මොකක්ද කීවේ’’ කියා ඔහු දෙස බැලුවේය.
“නෑ ඔයාගෙ ගෝලයා අර ලියපු කැත වැඩේ කරනවා යැයි’’ උස් හඬින් කී මගියා බැස යන විට මගීහු සිනාසුනහ.
කාරණය තේරුම් ගත් රියැදුරු තැන සිනාසෙමින් දැන්වීම් පුවරුව දෙසත්, කොන්දොස්තර දෙසත් බලන විට කොන්දොස්තර කෝපයෙන් පසුපසට ගියේ තරමක ලජ්ජාවකින්ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd