(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කාර්යාලයේ හදිසි වැඩක් යැයි කියමින් තමා එනවිට රෑ බෝවනවා යයි දුරකතන ඇමතුමක් ලබාදුන් සැමියා නගරයේ කාමර කුලියට දෙන ස්ථානයකින් කාර්යාලයේම සේවිකාවක සමග එනු බිරියගේ අතටම හසුවී අලි ජංජාලයක්වූ ආරංචියක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

හෙතෙම හවස් භාගයේ සිය නිවෙසට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය. කාර්යාලයේ හදිසි වැඩක් නිසා තමා අද එනවිට රෑ බෝවනු ඇතැයි කියමිනි. කොරෝනා නිසා කාර්යාලයට කැඳවා ඇත්තේ ඉතා සීමිත පිරිසක් බවත් මේ නිසා තමාට කාර්යාලයෙන් පවරපු මේ හදිසි වැඩේ කෙසේවත් පැහැර හැරිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
ඔහුගේ දරුවාට හදිසියේම උණ ගන්නේ එදින හවස් වරුවේදීය. රටේ පවතින මේ කොරෝනා තත්ත්වය නිසා ඔහුගේ බිරිය ඉතා කලබල වූවාය. ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන්නද එය ක්‍රියාවිරහිත කොට තිබූ බැවින් සිය දරුවාගේ අසනීප තත්ත්වය දැන්වීමට නොහැකි විය. දරුවාගේ අසනීප තත්ත්වය එන්න එන්නම වැඩිවූ නිසා ඇය දන්නා ත්‍රිරෝද රථයකින් දරුවා නගරයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට රැගෙන ගියාය.
බෙහෙත් ශාලාවෙන් නියම කළ බෙහෙත් වර්ගයක් ගැනීමට ඇය පාගමනින් ඔසුසලට ගියේ ඒ ආසන්නයේම තිබූ බැවිනි. ඒ යන අතරමග සිය සැමියා කාමර කුලියට දෙන ස්ථානයකින් මතුවනු ඇය දුටුවාය. ඒ තනියම නොව ඔහු සේවය කරන ආයතනයේම සේවිකාවකද සමගය.
මේ දර්ශනය දුටු ඇය යක්ෂාවේෂ වූවාය. තමන් ආ කාරණයත් අමතකවූ ඇය සැමියාගේ ඇඳුමේ එල්ලී මිනිහෝ ඔය කාර්යාලයේ හදිසි වැඩ කරනවා දැයි කියමින් එතන යකා නැටුවාය. ඒ සමගම ඔහු සමග පැමිණි සේවිකාව වාෂ්පවී සිටියාය. ඒ සමගම එකා දෙන්නා එතනට රැස්වීමට පටන් ගැනීමත් සමගම ඔහු භාර්යාවගෙන් බේරී දිවගියේලු.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කන්තෝරුවෙ වැඩට ගිහින් ළඳක් එක්ක කාමරයකින් මතුවෙලා
alwis Tuesday, 03 August 2021 04:44 PM
අපි නම් කන්තෝරු යන්නේ මේවාට විතරයි. නැතිනම් අපේ රට සංවර්ධනය වෙලා හුඟක් කල්නේ..
shen Wednesday, 04 August 2021 07:23 AM
ඔෆිස් වල ඕවා සාමාන්‍ය දේවල්